පලාත් සභා නැති කලොත් රට බෙදෙන එක නවතන්න බෑ.. පලාත් සභා රකින්න පොහොට්ටුවෙන් රට පුරා ජනරැලි මාලාවක්..

September 11, 2020 at 3:50 pm | lanka C news
පලාත් සභා නැති කලොත් රට බෙදෙන එක නවතන්න බෑ.. පලාත් සභා රකින්න පොහොට්ටුවෙන් රට පුරා ජනරැලි මාලාවක්..

පළාත් සභා අහොසි කිරීම පිළිබදව විවිධ පාර්ශ්ව මත සහ අදහස් දැක්වීමත් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් සභා මන්ත්‍රී සංසදයේ මෙහෙයවීමෙන් ඒ පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමු මාලාවක් සංවිධානය කොට ඇත.

එහි කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් සංවිධානය කරන ලද මාධ්‍ය හමුවක් අද දින (11) හෝමාගම ජනක වැලිවත්ත හිටපු පළාත් සභා මන්ත්‍රීතුමාගේ නිවසේ පැවැත්විනි.

මෙහිදී බස්නාහිර පළාත් සභාව නියෝජනය කළ කොළඹ දිස්ත්‍රීක් හිටපු පළාත් සභා මන්ත්‍රීවරු මෙම අදහස් දක්වන ලදි.

හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජනක වැලිවත්ත මහතා

“පළාත් සභා මැතිවරණය පවත්වයි ද නොපවත්වයි ද යන්න පිළිබද ජනතාව කෘතුහලයට අද පත් වෙලා තිබෙනවා. පළාත් සභා ක්‍රමය මීට වසර 33 කට පෙර 1987 දී ඉන්දු ලංකා ගිවිසුමත් සමග ආරම්භ කරනු ලැබුවා. අද වනතෙක් මෙරට තුල ක්‍රියාත්මක වුනා. පළාත් සභාවට වන බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් වෙන් කර දී තිබෙනවා. පොලිස් සහ ඉඩම් බලතල මේ වනවිටත් පළාත් සභාවට ලබා දී නැහැ. පළාත් සභා ක්‍රියාත්මක කරන්නෙත් නැහැ. අධ්‍යාපන, සෞඛ්‍ය, මහාමාර්ග, ප්‍රවාහන, නිවාස ඇතුලු ජනතාවට දැනෙන ප්‍රශ්ණ ගණනාවකට වර්තමානය වන විටත් විසදුම් ලබාදෙන්නේ පළාත් සභාව හරහා. ජනතාවගේ එදිනෙදා කටයුතු සදහා විශාල පහසුවක් සළසනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් ජාතික රෝහල ඇතුලු ප්‍රධාන ක්ෂේත්‍ර හැරෙන්නට අනෙක් සියළුම රෝහල් ක්‍රියාත්මක වන්නේ පළාත් සභා යටතේ. අද මූලික රෝහල්වල තිබෙන ගැටලු හැරෙන්නට අනෙක් රෝහල්වලට විසදුම් ලබාදෙන්නේ පළත් සභාව මගින්. අධ්‍යාපන, මහාමාර්ග, ප්‍රවාහන ආදි කටයුතු වලදීත් ප්‍රධාන අංශ හැරුණු කොට අනෙක් සේවා ලබාදීමේ දී වගකීම තිබෙන්නේ පළාත් සභාවට. පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාතවරයා කියනවා පළාත් සභාව යටතේ සේවකයින් 4000 ක් පමණ කටයුතු කරනවා තියලා. ඒ තුල විශාල බරක් දරනවා කියලා. මේ ඇමැතිතුමා දැනුවත්ව ද නොදැනුවත්ව ද කථා කරන්නේ කියලා මම දන්නේ නැහැ. පළාත් සභා අහෝසි කළා කියලා මේ සේවකයින්, ගොඩනැගිලි පළාත් සභාවෙන් ඉවත් කළ හැකි වන්නේ නැහැ. පළාත් සභා ක්‍රමය අපේ රටට ගැලපෙන්නේ නැත්නම් ඉවත් කළාට අපට ගැටළුවක් නැහැ.

බලය කොයි පැත්තට ද කොයි විදියට බෙදෙන්නේ කියලා සකච්ඡා කරන්න ඕනි. අළුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හරහා එය ගෙන එන්න පුළුවන්. ධූර කාලය අවසන්ව ඇති බැවින් දැන් පළාත් 09 යම එක් එක් ආණ්ඩුකාරවරුන් 09 යටතේ පාලනය වනවා. මෙසේ ආණ්ඩුකාරවරුන් 09 යටතේ ඒකාකාරීව මූල්‍ය පාලනය කිරිම වැරදියි. සරත් වීරසේකර මහතාගේ ප්‍රකාශ මගින් රට අවුලකට පත් වෙනවා. ගමට දැනෙන සේවයක් සිදු කරන පළාත් සභාව අහොසි කිරීමේ එතුමාගේ ප්‍රකාශය අපි දැඩිව විවේචනය කරනවා.”

බස්නාහිර පළාත් හිටපු අමාත්‍ය මහේෂ් අල්මේදා මහතා

“මෙරට හිටපු කපටි කුහක දේශපාලනඥයෝ නිසා මේ රටේ ජනතාවට අසුන්දර අත්දැකීම් වලට මුහුණ දෙන්න වුනා. වසර 30 කට පසු යුද්ධය යුධමය වශයෙන් අවසන් කිරීමෙන් පසු එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි උතුරේ පළාත් සභාව පිහිටුවලා යුද්ධයේ හිටපු තරුණයින්ට දේශපාලන බලය දරන්න පුළුවන් අයිතිය ලබලා දුන්නේ. අපි සරත් වීරසේකර මැතිතුමාට මතක් කරනවා උණූවෙන් රෝටී කන්න ගිහිල්ලා මේ රටේ අහිංසක මිනිසුන්ට තනියෙන් ගුටිකන්න වෙන වැඩේ ආපසු සැරයක් මේ රටේ ඇති කරන්න එපා කියලා. මේ රටේ සහෝදර, දේශපාලන බලයට හවුල් වෙන්න ඉන්න ජනතාවට ඊට තිබෙන අයිතිය අහිමි කිරීමක් තමයි පළාත් සභා ක්‍රමය බිද දැම්මොත් සිදු වන්නේ. රටේ ප්‍රශ්ණ වලින් සියයට 70 කට පිළිතුරු හෙවුවේ පළාත් සභාවේ මන්ත්‍රීවරුන්. පළාත් සභා අහොසි කරලා සදුදා නොවෙයි කවදා මහජන දින තිබ්බත් රටේ අමාත්‍යවරුන්ට රෑ වෙනකල් රටේ මිනිසුන්ගේ ප්‍රශ්න අහන්න වෙනවා. ඒ ප්‍රශ්ණ වලට උත්තර දෙන්නත් බැරි වෙනවා. පළාත් සභාව දේශපාලන බලය පහලට ගලාගෙය තැනක්. ජනතා ගැටලු පහල සිට විසදා ගත හැකි වූ තැනක්. පළාත් සභාවේ බහුතරය වියදම් කවුරු ආණ්ඩු කළත් ගෙවන්න වෙනවා. පළාත් සභා අහෝසි කළොත් නැවැත වරක් රට අස්ථාවර වෙයි. ජාත්‍යන්තර ගිවිසුම් හරහා මතු වූ බල අධිකාරියක් වන මෙය අහෝසි කරනවා නම් ඉන්දියානු සාගතය නොසලකා මෙය අහෝසි කළ නොහැකියි.”

බස්නාහිර පළාත් හිටපු අමාත්‍ය උපාලි කොඩිකාර මහතා

“ගමට පළාත් සභාවෙන් කළ සේවය පාර්ලිමෙින්තුවෙන් වෙලා නැහැ. පළාත් සභාව ඡන්ද දායාකයාගේ මිතුරා. සුළු ජතින් කියලා අපේ රටේ ජාතින් හිටියට සියළුම ජාතින් අපේ රටේ එකයි. පළාත් සභා එපා කියනවා නම් නැවැත රටවල් දෙකක් හැදෙනවා. එය නතර කළ නොහැකියි. ජාත්‍යන්තරයත් මැදිහත් වෙනවා. ලෝකයේ ගොඩක් රටවලත් පළාත් ක්‍රමය තිබෙනවා. බලය බෙදලා තිබෙනවා බලය බෙදීමේ තර්කය සමග පළාත් සභා ක්‍රමය තමයි මහජනතාවගේ එකම මිතුරා. මහජනයාගේ මිතුරා අහෝසි නොකළ යුතුයි. අපේම ආණ්ඩුවක් එක්ක අද අපිට තර්ක කරන්න වෙලා තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන මහජන පරමාධිපත්‍ය මහජනයාගේ ඡන්දය නම් මහජනයාගේ ඡන්දය දෙවැනි මධ්‍යස්ථානය පවත්වාගෙන යන්නට කටයුතු කරන්න කියලා අපි ඉල්ලනවා.”

– විරාඡ් අබේසිංහ

32,756 views

28 Comments to “පලාත් සභා නැති කලොත් රට බෙදෙන එක නවතන්න බෑ.. පලාත් සභා රකින්න පොහොට්ටුවෙන් රට පුරා ජනරැලි මාලාවක්..”

  1. Nimal R says:

    පළාත්සභා හින්ද තමයි පහුගිය කාලයේ ගුරුකන්ද රජමහවිහාරයේ ලොකුහාමුදුරුවන්ගේ දේහය ආදාහන කරන්න බැරිතත්වයකට රට ගියේ කියල මේ බඩජාරී හැත්ත දන්නවද ?මුන් තමයි පොහොට්ටුව නැතිකරන්නේ.

  2. HUKARIS says:

    Peya thunakin uthure sita dakunata yanna puluwan kuda ratata mona Pala Huk Babalada ooi?.

    O level nethi huppayinta rekiya deela, gasakana tender walin hambukarala, apen badhu ayakarala, mey gembanta gevannada Huthho?.

  3. හෙලයා says:

    පොහොට්ටුවට ජන්දය දුන් 99% ක් පලාත්සභා වලට අකමැතිය්

  4. හෙලයා says:

    මුන්ට මංත්‍රී පට්ටමක් ගහගෙන පිනට වාහනයක් සහ පොලිස් ආරක්ෂාව අරන් ජනතා මුදලින් යැපෙන්න පලාත්සභා නැත්නම් රට ඉවරය් කියනවා. නොදකින් පරය්.

Main News