පලාත් සභා පනත සංශෝධනයේදි ආණ්ඩුව මා අපහසුතාවට පත් කලා.. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව දෙස බලා ඉන්නවා..- කථානායක
October 31, 2017 at 10:09 pm | lanka C news
පසුගිය දා පාර්ලිමේන්තුවේ දි සම්මත් කරගත් කාන්තා නියෝජනය 30% තිබිය යුතුය යයි ගැසට් කල කෙටුම්පතට සම්පූර්ණයෙන් ඉවත් කොට අලුත් මැතිවරණ ක්‍රමයක් ආදේශකරන කෙටුම්පතක් හරහා පලාත් සභා මැතිවරණ කල් දැමීමට ගෙනා යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනිම නිසා ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව උල්ලංඝනය වී ඇතැයි සරත් එන්. සිල්වා හිටපු අගවිනිසුරුවයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කොට ඇත.
1988 අංක 2 දරන පලාත් සභා පනත සංශෝධනය කිරීමට අදාළව පසුගිය ජූලි මස 26 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අගෝස්තු 3 වෙනි දින ගැසට් පත්‍රයේ ඇතුලත් කොට පල මූලික කෙටුම්පතට අදාළව සංශෝධනය 2 කට අදාළ සංශෝධනයන් සඳහා පමණි. එහෙත් එම මූලික කෙටුම්පතට අදාළව සංශෝධනය 2 කට අමතරව විශාල සංශෝධනයන් ප්‍රමාණයක් කමිටු අවස්ථාවේදි සිදු කරන ලදි. ඉන් දින දෙකකට පසුව එම කෙටුම්පත කථානායකවරයා විසින් සහතික කල පසු 2017 අංක 17 දරණ පනත බවට පත් විය.
ඉහත සංශෝධනය සම්බන්ධව කථානායක කරු ජයසූරිය මහතාගේ අදහස් ඇතුළු සම්මුඛ සාකච්ඡාවක් ඩේලිමිරර් පත්‍රයේ මාධ්‍යවෙදි කැලුම් බණ්ඩාර විසින් මෙහෙයවන ලදි, එය 31 වෙනිදා එම පුවත්පතේ පල කොට ඇත.
එහිදි කථානායකවරයා කරුණු පැහැදිලි කරමින් පවසා ඇත්තේ මෙම කෙටුම්පත අනුමත කරගැනීමට ආණ්ඩුව තිබුනේ පුදුම හදිසියක්, රටේ නීති අනුමත කිරිමේදී හැම දෙයක්ම හදිසියේ කරන්න ගිය එක මම අනුමත කරන්නේ නැහ, කෙටුම්පතට අදාළව සංශෝධනය 2 කට අමතරව විශාල සංශෝධනයන් ප්‍රමාණයක් කමිටු අවස්ථාවේදි සිදු නිසා මා කථානායක ලෙස බොහෝ සේ අසරණ වුනා, අපහසුතාවට පත්වුවා. මම බලාපොරොත්තු වෙනවා ආණ්ඩුව අනාගතයෙදි එහෙම නොකරයි කියලා. එහෙත් මම බලා සිටිනවා ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සම්බන්ධ දෙනු ලබන තීරණය ගැන.
එමෙන්ම මැතිවරණ සම්බන්ධ කථානායකවරයා පවසා ඇත්තේ මැතිවරණ කල් දැමීම ජනතාවගේ ප්රජාතන්ත්රවාදි මූලික අයිතිවාසිකම් කඩ කිරිමක් බැවින් නිසියාකාරව මැතිවරණ පැවත් විය යුතුය යන්නයි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින ඉහත නඩුව සම්බන්ධ විමසිමේදි හෙතෙම පැවසුවේ අධිකරණයට දේශපාලඥයන් අත පෙවු අවස්ථා ඇතත් මෙහිදී තමා අධිකරණය දෙනු ලබන තීන්දුව කෙරෙහි ඉතා ඕනෑකමින් බලා සිටින බවත් ඒ වෙනුවෙන් කිසිම අයුරකින් අධිකරණය වෙත බලපෑම් නොකරන බවයි. එමෙන්ම ප්රජාතන්ත්රවාදී රටක ඕනම පුරවැසියකුට අධිකරණයේ පිහිට පැතීමට හැකි බවත් අපේ අධිකරණය ඉතා ප්‍රවීන විනිශ්චයකාරවරුන් සිටින බැවින් ඉදිරියේදී ඒ ගැන බලමු යන්නයි.
එමෙන්ම කථානායක ලෙස සහතික කල පනත ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අවලංගු කල හැකිද යන්න ප්‍රශ්නයට පිලිතුරු දෙමින් කථානායකවරයා පැවසුවේ මේ සම්බන්ධව තමා තවදුරටත් අධ්‍යයනය යෙදෙන බවත් එමෙන්ම මම සිටින මතය අනුව අධිකරණය සහ දේශපාලඥයන්ගේ සම්බන්ධව අතීතයේ අමිහිරි අත්දැකීම් බහුලව තිබෙන බවකි, එහෙත් තවදුරටත් එසේ අධිකරණයට බලපෑම් සිදු නොවන බවත්, ශ්‍රේෂ්ඨාධිකරණ අවශ්‍ය ආකාරයෙන් ඉඩ දී බලා සුදුසු තීරණය ගැනිමය යන්නයි.
ඬේලි මිරර් සාකච්චාව මෙතනින්
අපහසුතාවයට පත්වී ඉන්න ඔයාට එයා මොනවද කීයක්ද ගෙව්වෙ කියපන්කො පැටියො?
රට බෙදන පරිදි පළාත් සභා මැතිවරණයට පරමාධිපත්‍යය බලය ලබා දෙන්න වගේ සූදානම..අපි බලමු පළාත් සභා මැතිවරණයට පරමාධිපත්‍යය බලය අරගෙන දීලා ව්‍යවස්ථාවේ 4 ඉ වගන්තිය ඇතුළට දාල මේ කරන සෙල්ලමෙන් රට බෙදන්න උදව්වක් වෙන්නෙ නැද්ද කියලා…..සම්මත කර…කථානායක සහතික කළ පනත් පවා ඉදිරියේ මුදල් සහ බලය මත අවලංගු වෙන හැටි අපි බලා ඉමු. රට ආරක්ෂා කරන පනත් පවා ඉදිරියේදී අවලංගු වෙන හැටි බලා ඉදිමු….
කථානායක දැන් මොනවද මේ කියන්නෙ?
මේ විදියට පාර්ලිමේන්තුව හෑල්ලු කරපු කථානායක කෙනෙක් ඉතිහාසයේ ඉඳල නැහැ…
රට බෙදන පරිදි පළාත් සභා මැතිවරණයට පරමාධිපත්‍යය බලය ලබා දෙන්න වගේ සූදානම..අපි බලමු පළාත් සභා මැතිවරණයට පරමාධිපත්‍යය බලය අරගෙන දීලා ව්‍යවස්ථාවේ 4 ඉ වගන්තිය ඇතුළට දාල මේ කරන සෙල්ලමෙන් රට බෙදන්න උදව්වක් වෙන්නෙ නැද්ද කියලා…..සම්මත කර…කථානායක සහතික කළ පනත් පවා ඉදිරියේ මුදල් සහ බලය මත අවලංගු වෙන හැටි අපි බලා ඉමු. රට ආරක්ෂා කරන පනත් පවා ඉදිරියේදී අවලංගු වෙන හැටි බලා ඉදිමු….
මෙහෙම බොරු කියන කථානායකයෙක් කවදාවත්ම ඉඳල නැහැ…!
එයා දැන දැනම වැරදි කරල රටටම හානි කරල දැන් මෙහෙම කියල හරි යන්නෙ නැහැ…
ඉදිරියේදිත් මෙහෙමම වෙයි….
අනික මෙයා වක්‍රාකාරයෙන් පිළි අරගෙන තියෙනව අධිකරණයට බලපෑම් කළා කියල…!!!
ඔබතුමා අපහසුතාවයකට පත් කළා කව්ද me අපරාදය කලේ. දුෂණය වුනාද කලාද ?අය්යෝ ලංකා කරු.
We know the end result.As a person like you loving the country ,nation we hope you take a serious decision.
පතිවතටත් මුකුත් උනාවත්ද?
මාව අපහසුතිවයට පත්කරන්න මම බබා…..
Obathumata suludiya paha unada?