පලාත් සභා මැතිවණය පවත්වන්න ජනපති සූදානම්.. අදාල උපදෙස් දුන්නා..- ආණ්ඩුකාර හෙලි කරයි..

January 25, 2019 at 3:24 am | lanka C news
පලාත් සභා මැතිවණය පවත්වන්න ජනපති සූදානම්.. අදාල උපදෙස් දුන්නා..- ආණ්ඩුකාර හෙලි කරයි..

අපේ‍්‍රල් මාසයෙන් පසුව පලාත් සභා සියල්ලේම මැතිවරණ එකවර පැවැත්වීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අදහස් කර සිටින බව වයඹ පලාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා පවසයි.

මාධ්‍ය අමතමින් ආණ්ඩුකාරවරයා මෙසේද සදහන් කලේය.

දැනට විසුරවා තිබෙන පළාත් සභා වලත් ඒ වගේම මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේ නිල කාලය අවසන් වීමට නියමිත පළාත් සභා දෙකත් ඒ වගේම ඌව පළාත් සභාව ඔක්තෝබර් මාසය වන විට අවසන් වෙනව.

මේ සියළු පළාත් සභාවල එකවර අප්‍රේල් මාසයෙන් පසුව මැතිවරණය පැවැත්වීම සඳහා ජනාධිපතිතුමා කටයුතු කරගෙන යනව. ඒ වගේම ආණ්ඩුවේ අවධානය ඒ සඳහා යොමු කරන්න එතුමා නියම කරල තියනව.

වෙනත් දේශපාලන පක්ෂ මේ සියළුම දේවල් ගෙනාවම හිතන්නෙ එක මතයකට එනව මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්.

ඉතින් ඒ නිසා ජනාධිපතිතුමාගේ අපේක්ෂාව වෙන්නෙ අප්‍රේල් වලින් පස්සෙ සියළුම පළාත් සභා එකවර පැරණි මැතිවරණ ක්‍රමයට පැවැත්වීමට තමයි දැනට තිබෙන තත්වය අනුව බලාපොරොත්තු වෙන්නෙ.

නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට ප්‍රතිපත්තියක් තියනව මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න. නමුත් මේ කාලය තුළ වෙනස් කිරීම සඳහා දීර්ඝ කාලයක් යන නිසා මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ අවශ්‍යතාවය සැලකිල්ලට අරගෙන ඉතාමත්ම ඉක්මනින් අප්‍රේල් මාසයෙන් පසුව මැතිවරණය පැවැත්වීම සඳහා කටයුතු සංවිධානය කිරීමට දැනට අවධානය යොමු වෙලා.

ඒ සඳහා අදාල අංශ වලට ජනාධිපතිතුමා විසින් නියෝග ලබා දීල තියනව මැතිවරණය පවත්වන්න අවශ්‍ය කටයුතු කරන්න කියා.

– ආනන්ද සමරසිංහ

13,478 Viewers

3 Comments to “පලාත් සභා මැතිවණය පවත්වන්න ජනපති සූදානම්.. අදාල උපදෙස් දුන්නා..- ආණ්ඩුකාර හෙලි කරයි..”

  1. Rathgama MC says:

    ඔය කරන්නේ බොරුව.සිරිසේන මහත්තය පළාත් සභා චන්දය අප්‍රියෙල් වලින් පසුව තියනව කියමින් ලෑස්ති වෙන්නේ ජනාධිපතිවරනයටයි.ජනාධිපතිවරණය බොහෝ විට ජුනි මාසය වන විට හදිසියේම කැඳවන්න ඉඩ තියෙනවා.මෙයිනුත් අවුලක් වෙන්නේ පොහොට්ටුවට පමණයි,මොකද?ජනාධිපතිවරණයට අනිවාර්යෙන්ම සිරිසේන ඉල්ලනවමයි.මේ වන විට මහින්ද මහත්තයත් ඊට එකඟ වී ඇති බව තමයි පෙනෙන්න තියෙන්නේ.ගම්මන්පිල්ලෙල මේ රහස දන්නා නිසා තමයි කියන්නේ අපේක්ෂකයෝ 5 දෙනෙක් දැනට සාකාච්චා වෙලා තියෙනවා අනිවාර්යෙන්ම මෙයින් එක්කෙනෙක් තමයි එන්නේ,ජයගන්න හැකි ජනප්‍රියම එක්කෙනා තමයි පත්කරන්නේ කියල.ඒ වගේම එයා කියනවා ජනාධිපති වෙන එක්කෙනා ප්‍රාදේශීය සභාවකවත් පාලනය කරලා දේශපාලන සහ පරිපාලන අත්දැකීම් ලබපු කෙනෙක් වෙන්නේ ඕන කියල.මේක තමයි අනික් ඉඟිය.මේකෙන් ගෝටාභය කෙලින්ම අවුට් නේ.දැන් ගෝටාම ඉල්ලුව අය මොකද?කරන්නේ.එයාලට හරි සනීප ඇති දැන් නේද?අවසානයේ ගම්මන්පිල්ලේ මාධ්‍ය සාකච්ඡාවක් තියල විරිත්තාගෙන කියයි,කිසිම ලැජ්ජාවක්,හිරිකිතයක් නැතිව,සිරිසේන මහත්තය කොහොමටත් ඉල්ලන නිසා අපිත් පොහොට්ටුවෙන් ඉල්ලුවොත් සිරිසේන මහත්තයාගේ ලක්ෂ 13 අපට නොලැබෙන නිසා දෙන්නම පරදින නිසා අපි එකඟ උනා කියල ශ්‍රීලනිප-පොහොට්ටු සන්ධානයෙන් සිරිසේන මහත්තය ඉදිරිපත් කරන්න.මෙයාලගේ ලැජ්ජ නහරේ කපල තියෙන්නේ ඒ නිසා රෙදි ඇඳගෙනම මෙයාලට ඕනෑම දෙයක් කිසිම විලිලැජ්ජාවක් නැතිව කියන්නත් පුළුවන් කරන්නත් පුළුවන්.අතලොස්සක් උනත් යම් පිරිසක් එහෙයියෝ,වහල්ලු සහ මෝඩයෝ ඉන්නවා මෙයාල කියන කරන ඕනෑම දෙයකට පිටිපස්සෙන් ඉඳගෙන හුරේ දාන්න.හැබැයි ගම්මන්පිල්ලෙල දැන ගන්න ඕන පොදු මහා ජනතාව මේවා අනුමත නොකරන බවත්,ඉතා පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත්.අපිට ඉතින් කියන්න තියෙන්නේ මෙච්චරයි,බැසිල් මහත්තය කැපවෙලා හැදුව පොහොට්ටුව,පළාත් පාලන ආයතන 239 ක් දිනුව පොහොට්ටුව මුන් කෑව මහින්ද මහත්තයත් රවටගෙන.හැබැයි මතක තියා ගනිල්ලා ඔය නාඩගම් වලට ඒකාබද්ධයේ මන්ත්‍රීවරු සහ පොහොට්ටුවේ පළාත් සභා මන්ත්රිවරුත් ප්‍රාදේශීය සභා වල සභාපතිවරුත් සියල්ල සුදානම් නැති බවත්,සිරිසේනට කතිරය ගහන්න බැරි පොහොට්ටුවේ ජනතාව වෙනුවෙන් සහ සිරිසේනත් රනිල්ටත් දෙන්නටම එරෙහි ජනතාව වෙනුවෙන් එකාබද්ධයේම ප්‍රබලයෙකුත් තරඟ වදින බවත්,සමහර විට ඒ අපේක්ෂකයා ජයග්‍රහණය කරන්නත් ඉඩ තියෙනවා,කෙසේ උනත් සිරිසේනට හිමි වන්නේ 3 වන ස්ථානය කියල.

  2. dudley says:

    MY3 should get some tuition from RW, as he is a failure to adhere to any promises like a New Constitution, New Voting System, Abolishing the Presidency etc etc. He did nothing so far.

  3. dudley says:

    MY3 should get some tuition from RW, as he is a failure to adhere to any promises like a New Constitution, New Voting System, Abolishing the Presidency etc etc. He did nothing so far except violation of JR’s Constitution..

Main News