පලාත් සභා මැතිවරණයක්.. තීන්දුව මේ සතියේ..

July 29, 2019 at 3:22 am | lanka C news
පලාත් සභා මැතිවරණයක්.. තීන්දුව මේ සතියේ..

ජනාධිපතිවරණයට කලින් පලාත් සභා මැතිවරණය එනු ඇතැයි තමන් විශ්වාස කරන බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

මේ සතියේදී ඒ පිලිබදව ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසනු ඇති බවද මන්ත‍්‍රීවරයා සදහන් කලේය.

ඒ සම්බන්ධයෙන් වූ යෝජනාවක්ද ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව විසින් සම්මත කර ජනාධිපතිවරයාට බාර දුන් බවත් ඔහු පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අනුව පලාත් සභා මැතිවරණයක් පැවැත්වෙනු ඇති බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

85 views
Main News