පලාත් සභා මැතිවරණය තියන්න හදන්නේ නෑදෑ හිතමිතුරන්ට අවස්ථාව දෙන්නයි.. පලාත් සභා අහෝසි කල යුතුයි..

December 16, 2020 at 6:26 am | lanka C news
පලාත් සභා මැතිවරණය තියන්න හදන්නේ නෑදෑ හිතමිතුරන්ට අවස්ථාව දෙන්නයි.. පලාත් සභා අහෝසි කල යුතුයි..

‘පලාත් සභා අත්‍යාවශ්‍යය කියන ඇම්ම හැදිල තියෙන ඇත්තන්ගෙන් අපිට අහන්න තියෙන්නේ දැන් අවුරුදු ගානක් මුලු රටේම පලාත් සභා නැතිව ක්‍රියාත්මක වෙනවා. මේ කාලය තුල රටට වෙච්ච අලාභය මොකක්ද? රටේ යන සංවර්ධනය නැවතුනාද? පලාත් සභාව නැහැ කියල අංග විකල භාවයට පත් වුනාද රට අංශ භාග තත්වයට මේ රට පත් වුනාද? මේ නගර සභා ප්‍රාදේශීය සභා මේ ප්‍රාදේශීය වශයෙන් ක්‍රීයා කරන මන්ත්‍රීවරුන් අධාල දේශපාලන අධිකාරිය යටතේ නිළධාරීන් යටතේ, මේ වැඩ කෙරෙනවා හරි අපුරුවට.ඒකෙන්ම පෙනෙනවා පලාත් සභා කියන්නේ අනවශ්‍ය බරක්. ජාතියටම බරක් වුනු සුදු අලියෙක්. පලාත් සභා කියන්නේ සුදු අලියෙක් මිස වෙන කිසිවක් නෙවෙයි’ යයි දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්යය ඕමල්පේ සෝභිත හිමියන් කීය උන් වහන්සේ මෙම අදහස් පල කර සිටියේ ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේදී  මාධ්‍ය හමුවක් කැදවමිණි.

ආචාර්යය ඕමල්පේ සෝභිත හිමියන් වැඩිදුරත් අදහස් දක්වමින් කියා සිටියේ,

‘පවත්නා තත්වයන් යටතේ පලාත් සභා බරපතල ලෙස ලාබදායකයි.කුමක්ද ඒ ලාබය පාත් සභා නොපැත්වීම. පලාත් සභා නොපැවැත්වීම තුල මේ කාලය තුල  පලාත් සභා නැතිකම නිසා අඩුම තරටම් කෝටි 2000 ක පමණ ප්‍රමාණයක වාසියක් මේ රටට ලැබිල තියනවා.කුමක්ද මේ පලාත් සභා මැතිවරණය පිළිබදව ප්‍රශ්නය, පලාත් සභාව පැවැත්විය යුතුමද, මේ මොහොතේ පලාත් සභා නොවෙයි රට බරපතල ආර්ථික ආගාධයකට පත්වෙලා තියෙන්නේ. මිනිසුන්ට කෑම බීම ටික සපයා ගැනීම පිළිබදව ප්‍රශ්නයක් තියනවා. කොරෝනා බිය නිසා කිසිදු  සාමාන්‍ය ජීවිතේ කටයුතු අඩාල වෙලා තියනවා. ළමයින්ගේ අද්‍යාපනය  අඩාල වෙලා තියනවා. මෙබදු තත්වයක් යටතෙද මේ මැතිවරණයක් ගරන කතා කරන්නේ.

ආර්ථික වශයෙන් මේ තරම් ධරිද්‍රතාවයක් ඇති රටකටද නැවතත් මේ කෝටි ගනන් වියදම් කරල මැතිවරණයක් කල යුතුයි කියල යෝජනා කරන්නේ. පලාත් සභා මැතිවරණයක් හෝ කිනම් මැතිවරණයක් පවත් වන්න තරම් රටේ සාමකාමී වාතාවරණයක් නැහැ.එබදු තත්වයක් යටතේ කිසිසේත් පලාත් සභාව හෝ වෙනත් කිසිදු මැතිවරණයක් කිරීම සුදුසු නැහැ.

දිනෙන් දින ආර්ථික වශයෙන් අගාධයට යන මේ රටේ  පලාත් සභා නඩත්තු කිරීමට තරම් වත්කමක් තියෙනවද? අඩුම තරමේ පලාත් සභා නඩත්තුවට වසරකට රුපියල් කෝටි සියයක් පමණ යනවා. මේ මැති ඇමති වරුන්ට ,නිළධාරීන්ට, වාහන වලට, නිළරතවලට, මේ නඩත්තුව කරන්න පුලුවන්ද? එබදු කරන්න පුලුවන් ආර්ථික ශක්තියක් ලංකා ආන්ඩුවට තියෙනවද?

එක එක දේශපාලඥයින්ගේ සහ ඔවුන්ගේ පවුල් වල ඥාති හිතවතුන්ගේ  අවස්ථාවන් ලබා දෙන්න මිස වෙන කිසිදු අවශ්‍යතාවයක් නැහැ පලාත් සභා පවත්වන්න. මේ රටේ ජනතාව පලාත් සභා  අවහ්‍යයයි කියල දැන් කියන්නෙත් නැහැ එදා කිව්වෙත් නැහැ. පලාත් සභා පටන් ගත්තේ මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයකට නෙවෙයි.

එල් ටී ටී ඊ බෙදුම්වාදීන් හා සම්බන්ධ වුනු සැලැස්මක් යටතේ තමයි 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ  පලාත් සභා යන පිලිලය මේ රටට ධායාද කරන්නේ.

පලාත් සභා කියන්නේ උන්ඩුක පුච්චයක්. ඒක ශරීරයට අනවශ්‍ය කොටසක්. පලාත් සභා අනවශ්‍ය මේක පිලිකාවක් මේ රටේ අනාගතය බෙදුම්වාදයට අතවනන වැඩ සලස්වන එකක් තමයි පලාත් සභාවම.

– ප්‍රගීත් ජනක

18,320 views

19 Comments to “පලාත් සභා මැතිවරණය තියන්න හදන්නේ නෑදෑ හිතමිතුරන්ට අවස්ථාව දෙන්නයි.. පලාත් සභා අහෝසි කල යුතුයි..”

  1. Upul Attanayake says:

    nivanata maga kiyano

    • දුක්ගන්නා රාළ says:

      මේ ගොන්නාන්සේලා කියපු කරපු දේ ගැන ඉතිහාසය සාක්ෂි දරනවා.
      විචාර බුද්ධියකින් තොරව දොඩවන නරුමයන්ට නැවත නැවත රටක් රැවටනෙ එක අභාග්‍යයක්.

  2. පොහොට්ටුවා says:

    පළාත් සභා පොහොට්ටුව හාන්සියි.

  3. කැප්පෙටිපොළ says:

    රාවණා මත වාදය හා බුදු හාමුදුරුවො ලංකාවේ ඉපදුනා පිටුපස දෙමල ඩයස් පෝරාව
    මහාවංශය අවලංගු කිරිමට දෙමල ඩයස් පොරෝවාව මහ සටනක. ඊට පලමු පියවර වශයෙන් රාවණා කථාව සිගිරි කාශ්‍යපට ඇන්දා. සිගිරිය හා රිටිගල රාවණා කිම. තව මහාවංශය බොරුකිරිමට බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදුනායයි ගනු ලැබේ. සිංහලයනි ඩයස්පෝරාවේ උගුලට අසුනොවනු. මේ ව්‍යාපෘති දෙක සදහා මුදල් පොම්ප කිරිම ඩයස්පොරාව අරඹා ඇත. ඒ සදහා රුපවාහිණි නාලිකා පවා පාවිච්චි කරයි. මෙයට ඉන්දියාවේ ප්‍රමුඛ පෙලේ ඔත්තු සේවයක උදව් ලැබි ඇතයි අනුමාන කල හැක.

  4. Patriot says:

    Culprit “Palath Sabaha” no need at all..
    Useless “Palath Sabaha” no need at all..

  5. Alapaluwa says:

    අනේ අම්මපා අපේ තිබෙන්නේ පළාත් 9 එකට මොකටද සභාපතිලා මේක අනවශ්‍ය කටයුත්තක්.

  6. Baba says:

    ජනදිපති තුමා කියනවා හාමුදුරුවෝ කියන දේවලට සවන් දෙනවා කියා, රටේ මුදල් නාස්ති නොකර ඊට අවනත උනොත් හොද නැද්ද. අපේ ආණ්ඩුවට බුදිය පෑදේවා.

    • yuwan says:

      සවන් දෙනවා කිව්වවට මුකුත් කරනවා කිව්වෙ නැනේ, සවන් දෙනව විතරයි.හු හු

    • ක්‍රිමිනල් says:

      20 සම්මත කරන්න එපා කියලා හාන්දුරුවෝ පරසක්වල ගහද්දී ,ස ‘කියුලර් ඇහුවා වගේ…😂😂😂

  7. No to India! says:

    පළාත් සභාව ඉන්දියාව අටවූ උගුලක්. එය ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය උල්ලංගනය කරලා සහ රට ඉන්දියාවේ කොලනියක් කරලා. එමනිසා පළාත් සභාව වහාම අහෝසි කරනු. පළාත් සභාව ඕනේ කියන බූරුවන් දේශද්‍රෝහීන්. ඉන්දියාවට බිය නොවෙනු!

  8. MD says:

    දෙව් හාමුදුරුවනේ ඉතින් මොකද වෙන්නේ අපි ඔක්කොම කොහෙන් කොහෙන් හරි නැයො හිතවත් මිතුරන්නේ.ඇයි ඔබ වහන්සේ අකමැතිද අපි ඵහෙම ඉන්නවට.අපිට ආශිර්වාද කරන්න සෙත් පතන්කෝ.

  9. saman says:

    නිකන් බොරු කියන්න එපා. අපේ ජනධිපතිතුමා සහ එතුමාගෙ පවුලේ වෙන කවුරුත් ඉතුරුවෙල නෑ පලත් සභාවලට යන්න ඔක්කොම ඉන්නේ පර්ලිමෙන්තුවේ

  10. praba says:

    ඕමල්පෙ සෝපිත හාමුදුරුවන්ට මේ රජයෙන් වැඩක් වෙලා නැහැ වගේ ඒකයි අනික් පැත්ත අරන් තියෙන්නේ. හැබැයි. ඒ අය බුදු දහමට හරියට සැළකුවා. බලාගෙන ඉන්න හාමුදුරුවනේ.

Main News