පලාත් සභා මැතිවරණය නොතිවුවොත් මං ඉල්ලා අස්වෙනවා..- මැ.කො. කියයි..
August 4, 2019 at 11:20 am | lanka C news
මීලග ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වුවහොත් තමන් ජනාධිපතිවරණයෙන් පසු ධුරයෙන් ඉල්ලා අස්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට දින 60ක කාලයක් අවම වශයෙන් අවශ්‍ය බවත් කී ඔහු ඒ අනුව ජනාධිපතිවරණයට පෙර එය පැවැත්වීමට නම් අගෝස්තු මස 15 දිනට පෙර තීන්දුවක් ගත යුතු යයිද පැවසීය.
එදිනට කලින් තීන්දුවක් නොලදහොත් ජනාධිපතිවරණය නියමිත ලෙස පැවැත්වීමට කටයුතු සූදානම් කරන බවත් ඔහු කියා සිටී.
පලාත් සභා මැතිවරණය ජනාධිපතිවරණයට පෙර පැවැත්වීමට නොහැති වුවහොත් තමන් ධුරයෙන් ඉවත්වන්නේ යයි දුන් පොරොන්දුව අනුව කටයුතු කරන බවද ඔහු සදහන් කලේය.
Ane nikan hitahan..
Thipila okoma inne aswuna ewun thamai…..
Thopila okkoma mariyan…