පලාත් සභා මැතිවරණය පැවැත්විය යුත්තේ අලුත් ව්‍යවස්ථාවෙන් පසුවයි..- අමරවීරත් පිටියට..
December 18, 2020 at 3:50 pm | lanka C news
විපක්ෂය පවසන පරිදි එම්.සි.සි ගිවිසුම කිසිසේත් රජය අත්සන් නොකරන බවත් , පලාත් සභා මැතිවරණය නව ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාවකින් පසුව නව මැතිවරණ ක්‍රමයක් යටතේ මනාප ජන්දයකින් තොරව පවත්වනවාට තමන් කැමති බව පරිසර අමාත්‍යය මහින්ද අමරවිර මහතා පැවසිය.
මහින්ද අමරවිර අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ කාසල්රි ජලාශය අසල බගවන්තලාව වැවිලි සමාගමට අයත් ලෙදන්ටි තේ වත්තේ රැක් රෝපණ වැඩසටහනකට (18) දින සහභාගි වෙමිණි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා කියා සිටියේ රටේ පරිසර පද්ධතිය රැක ගැනිමට තමන් උපරිම අයුරින් කටයුතු කරන බවයි.
රටේ සංවර්ධනයට සිදු කරන සියළුම සංවර්ධන කටයුතු පරිසර හිතකාමි ලෙස සිදු කරන බවත් , පරිසර විනාශයන් සිදු කරමින් කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු නොකරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානම පාලනය කිරිමට රජය තවදුරටත් කටයුතු කරන බවත්,විපක්ෂය චෝදනා කරන පරිදි කොවිඩ් 19 වෛරසය පැතිර යාම පාලනය කිරිම රජය නතර කර නොමැති බවද අමාත්‍යවරයා පැවසිය.
රටේ ඕනැම අමාත්‍යවරයෙකුව විවේචනය කිරිමේ අයිතිය ජන්දදායකයා සතු බවත්, එසේ විවේචනය කිරිමේ අයිතිය වත්මන් රජය මගින් ලබා දි ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
– හැටන් රංජිත් රාජපක්ෂ
පැරණි දිස්තිරික් ක්‍රමය නැවත ගෙන ආ යුතුය. පළාත් සබා ක්‍රමය ඉන්දියාවේ උගුලක්