පලාත් සභා 09 අහෝසි කර රුහුණු-මායා-පිහිටි පලාත් සභා 03ක් යෝජනා කෙරේ..

September 14, 2020 at 10:00 am | lanka C news
පලාත් සභා 09 අහෝසි කර රුහුණු-මායා-පිහිටි පලාත් සභා 03ක් යෝජනා කෙරේ..

පෙර රජ දවස පවත්වාගෙන ගිය ආකාරයෙන් රුහුණු, මායා, පිහිටි නමින් පළාත් සභා තුනක් පමණක් පවත්වාගෙන යාමට විද්වත් මණ්ඩලයක් විසින් තමන්ට යෝජනා ලබා දී ඇති බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය ඇමැති සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

දැනට පවතින පළාත් සභා 09 වෙනුවට එම පලාත් සභා 03 පවත්වාගෙන යාමට යෝජනා කර ඇත.

දැනට පළාත් සභා ක්‍රියාත්මකව බැවින් පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වනු ඇති බවත් එමගින් පළාත් සභාව දිගටම පවතින බවක් අදහස් නොකරන බවත් ඔහු සඳහන් කළේය.

තමන් විසින් පළාත් සභා වෙනස් කිරීමට යන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

88,095 views

31 Comments to “පලාත් සභා 09 අහෝසි කර රුහුණු-මායා-පිහිටි පලාත් සභා 03ක් යෝජනා කෙරේ..”

  1. Sunil Dahanayake says:

    This is good proposal. Not only this, when appointing and nominating candidates, there should be a low on:

    : to appoint educated and experianced people.
    : not to appoint defeated candidates,
    : Not appoint family members of MPs and Ministers.

    • Kevin says:

      Tell something that can be done practically! Lol

    • අපි විද්වත් නොවේ....! says:

      පලාත් සබා අහෝසි කර…එම බලතල හා මුදල් දිස්ත්රිලක් සම්බන්දීකරණ කමිටු වලට දී එ්වාට ඇමැති දූර නොලබන අදාල මැතිවරන කොට්ටාස පාර්ලි මෙන්තු මන්ත්රීර වරුන් අනුයක්ත කර එකම වැටුප ලබා ඉමහත් මහජන සේවයක් කල හැක..ඒවා දිස්ත්රිරක්ක සබා ලෙස නම් කල හැක. ඇමැති දූර 30 කට සීමා කර ජනාධිපතිවරයා පත්කරන දිස්ත්රිනක් ලේකම් වරු 25ක් පත් කල හැක. රුහුනු පිහිටි මායා අනාගත විනාසයකි….දෙමල මුස්ලිම් සිංහල රටවල් තුනක් බිහිවනු ඇත….රටවල් 25ක් ඇතිවිය නොහැකතත නමුත් රටවල් 03ක් ඇතිවය හැක.. විද්වත් යනු විභාග සහතික වලින් පමණක් ලබා ගත නොහැකි දෙයකි.. සෙංකෝලය එංගලන්තයේ මහරජු නියෝජනය කරයි…නිදහස් දිනය යනු එංගලන්තයට යටත්ව සිටි බව සිහිපත් කරයි…දෙකම අවලංගු කර නව ව්‍යවස්තාව අනුමත කරන දිනය සිහිපතකර ගරුකර රටක් ලෙස ඉදිරියට යාමට හැකිවනු ඇත

  2. Kevin says:

    Oya magula ahosi karala.. maha chanden dinala ena kenek palath Amathi kiyala pathkara nan hari. Ethakota thawa wiyadam nai ne.. basnahira sanwardana Amthi, dakuna sanwardana Amathi wage dunna nan hari..

  3. මහනුවර අක්‍රම් says:

    යාපනේ ඉඳන් අනුරාධපුරේ හරහා මහනුවරට එනකම්ම ඊලම දික් කරලා දීපු සරත් වීරසේකර උතුමාණන්ට ජය වේවා!!!…… මුන්ට මේ පලාත් සභා මඟුල නැතුවම බෑ වගේ

    • "මෝඩ සිංහළයා" says:

      චන්දයට රට පාවාල දෙන කාසියේ වාසියම බලා ….
      කුලල් කා ගන්නා නිසා අධම තකතිරු …
      මෝඩ සිංහළයා නිසා 2030 අපේ රටේ බිහිවන අධිරාජ්‍යවරුන්….

      රුහුණු අධිරාජ්‍යයා- හිස්බුල්ලා මහතා
      මායා අධිරාජ්‍යයා- රිෂාඩ් බදියුදීන් මහතා
      පිහිටි අධිරාජ්‍යයා- අසාද් සාලිය මහතා

  4. Lex says:

    For heaven’s sake why can’t they live without the Provincial Councils??????? This is another white elephant….. Waste of public funds… If the newly elected members of the Parliament and the cabinet of ministers are not capable of governing this small country then we have to chase them away… They are not suitable…… We don’t want any more institutions wasting our public funds… I pray that the president has the will power to take bold actions…. People will be with you Sir… Yes, entire nation will be rallying around you without any political party differences….

  5. sura says:

    පෙරදා මා දැක් වූ මගේ අර්ථ නිරූපනය පහත දක්වමි.

    sura says:
    September 9, 2020 at 11:47 am
    රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතාණෙනි, රටේ මහජනතාවගෙන් වැඩි සංඛ්‍යාවක් ඔබ සමඟයි.
    අපේ බදු මුදල් කාබාසිනියා කරන, මෙරට මහජනතාව පෙළීම සඳහා ඉන්දියාව විසින් බලහත්කාරයෙන් අප මත පටවන ලද සුදු අලියෙක් වන ඊනියා පළාත් සභා අහෝසි කිරීම කාලීන අවශ්‍යතාවයක් වනවා සේ ම, පසුගිය වසර 04ක පමණ දිගු කාලයක් ඔය කියන ඊනියා පළාත් සභා නොමැතිව රට මනා සේ පාලනය වුණ බවත්, ලංකාව වැනි කුඩා රටකට පළාත් සභා ගැලපෙන්නේ නොමැති බවත්, පැහැදිලි කර දෙන්න.
    අවශ්‍ය ම නම්, පැරණි කාලයේ පැවැති රුහුණු, මයා හා පිහිටි වැනි කලාප තුනකට හෝ පහකට බෙදීම උචිත වගේ ම කාලෝචිත බවත් තහවුරු කරන්න. එය රට තුළ වර්තමානයේ පවතින උග්‍ර ගැටලු වලටත් විසඳුමක් වනු ඇත.

  6. lal de zoysa says:

    Great Idia now do not waist time lets go

  7. Malvathu Asgiri Girigoris says:

    මේක අන්තිම තකතිරු අමන යෝජනාවක්. උතුරු පළාත් සභාව බන්දේසියක තබා ප්‍රදානය කිරීමක් මේක. කොටින්ම කෝටි ගණන් මුදල් කාබාසිනියා කරන පළාත් සභා ලංකාවට අවශ්‍ය නැත.

  8. Rihunu Putha says:

    එතකොට පළාත් සභා තුනක් නම් හොඳද ? අපි හිතුව ඔබතුමා පළාත් සභා වලට ප්‍රතිපත්තියක් හැටියට විරුද්ධයි කියල. ඕව චන්දෙට පෙර කිව්වේ නැහැනේ. අපි චන්දෙ දුන්නේ පළාත් සභා අහෝසි කරන්න. පළාත් සභා තුනක් වුණාම ඒවා ශක්තිමත් ආයතන වෙනවා. සුළු ජාතික බලපෑම තවත් වැඩිවෙයි. දෙමල, මුස්ලිම් සහය අවශ්‍ය වෙයි ඒවගේ ආණ්ඩු පිහිටන්ට. ඔය බව තේරෙන්නේ නැද්ද එහෙනම් නැති නම් ඇමති වුනාට පස්සේ මොලේ වැඩ කරන්නේ නැද්ද?

    • අප්පු says:

      // අපි චන්දෙ දුන්නේ පළාත් සභා අහෝසි කරන්න.// මහ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ හෝ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබුනද පළාත් ෂබා අහෝසි කරනවා කියලා….මමනම් එහෙම එකක් දැක්කේ නැහැ මට කියන්න පුලුවන් අපි ඡන්දේ දුන්නේ හෙළුවෙන් යන්න කියලා හැබැයි එහෙම මැතිවරණ පොරොන්දුවක් තිබුනේ නැහැ.

  9. මංගල says:

    එපා එක එපාමයි. අර කිව්ව වගේ මොල කලදක් ඇති එකෙක් නම් නෙවේ ඔය තුන ගෙනත් තියෙන්නේ. කාලකන්නි.

Main News