පලිබෝධනාශක ආනයනයට මාස දෙකහමරාක් යනවා.. මහ කන්නයට දෙන්න බෑ..- සමාගම් කියති…

November 26, 2021 at 6:18 am | lanka C news

පලිබෝධ නාශක ආනයනය සඳහා අවසර ලබා ඇතත් මහ කන්නයට අවශ්‍ය පළිබෝධනාශක ආනයනය කිරීම සඳහා මාස දෙකහමාරක පමණ කාලයක් ගතවනු ඇතැයි මෙරට ප්‍රධාන පෙළේ ආනයන සමාගම් කියා සිටිති.

මේ හේතුවෙන් මහ කන්නයේ වී ගොවිතැනට අවශ්‍ය කෘමිනාශක දිලීරනාශක සැපයීම ගැටලුවක් බවද ඔවුන් පෙන්වා දෙති.

එමෙන්ම අවශ්‍ය පළිබෝධනාශක ඉල්ලුම් කර ලබා ගැනීමට යම් කිසි කාලයක් ගත වන බවත් ඒවාට ගෙවීම් සදහා ඩොලර් හිගයද බලපා තිබෙන බවත් ඔවුන් කියා සිටිති.

මාස හයකින් පසු මුදල් ගෙවීමේ පදනම මත ආනයනය කරන ලෙස රජය දැනුම් දී ඇතත් බොහෝ සැපයුම්කරුවන් මාස දෙකක් තුනක් අතර කාලයකදී මුදල් ඉල්ලා සිටින බවද සමාගම් පවසති.

12,182 views

8 Comments to “පලිබෝධනාශක ආනයනයට මාස දෙකහමරාක් යනවා.. මහ කන්නයට දෙන්න බෑ..- සමාගම් කියති…”

  1. අපේ රට says:

    ඇත්තටම රජයේ ඇති අසාර්ථක භාවය මේ තීරණ වලින් පෙන්නුම් කරනවා , අද රට නන්නත්තාර වෙලා, පොහොර වලින් වෙන්නෙත් වංචා දුෂණ , අද වංචාවෙන් ආසියා කලාපයෙන්ම කප් එක ගහලා , අපේ කලාපයේ අනිකුත් රටවල් අපිට වැඩියේ හොදට කරගෙන යනවා , අපි සිංහයකු කියලා හිතාගෙන රැවටුණා.

  2. jude perera says:

    2/3 anduwa genalla dei

  3. healthypeople says:

    අපේ ගරු ජනාධිපතිතුමා ඕවා තහනම් කලේ ජීවිතාන්තයටම, ඉතිං මාස දෙකකින් නෙවෙයි ජීවිතාන්තයටම නොගේනාවත් අපි නම් කැමතියි.

  4. Chamil Ananda says:

    man nam kiyanne meke godak hoda wadak… Minissunta uwamanwak thiyenna one jiwitha wenas kara ganna.. Umandawata giyanam eka hodatama penawa.. Unanduwai uthsayahayai thiyenawnam karanna bari deyak naha kiyala. Api maha higana jathiyak wela thiyenne me deshapalayoo nisama newei newei.. Ape thibunu e uthsayaya unaduwa nathi wela .. Hama dema lesiyata karaganna ratin enakam balan hitapu nisa…

  5. 0.00069 BIYYO says:

    ඇත්තටම රජයේ ඇති අසාර්ථක භාවය මේ තීරණ වලින් පෙන්නුම් කරනවා , අද රට නන්නත්තාර වෙලා, පොහොර වලින් වෙන්නෙත් වංචා දුෂණ , අද වංචාවෙන් ආසියා කලාපයෙන්ම කප් එක ගහලා , අපේ කලාපයේ අනිකුත් රටවල් අපිට වැඩියේ හොදට කරගෙන යනවා , අපි සිංහයකු කියලා හිතාගෙන MII HARAKEKUTA රැවටුණා.

  6. බන්ඩා says:

    රසායනික ගෙන්වන තීරණය ගන්න ිබුනේ මහ කන්නයට පෙරය්. නැනෝ වලින් හොරා කන්න ඒක කලේ නැහැ

  7. බන්ඩා says:

    රසායනික ගෙන්වන තීරණය ගන්න ිබුනේ මහ කන්නයට පෙරය්. ඇමටි කුට්ටම සහ පොහොර ලේඛම නැනෝ වලින් හොරා කන්න ඒක කලේ නැහැ

  8. බන්ඩා says:

    රසායනික ගෙන්වන තීරණය ගන්න ිබුනේ මහ කන්නයට පෙරය්. ඇමටි කුට්ටම සහ පොහොර ලේඛම සහ මාපියා රැල නැනෝ වලින් හොරා කන්න ඒක කලේ නැහැ

Leave a Comment

Main News