පලිබෝධනාශක ආනයනයට සූදානම්.. මහින්දානන්දගෙන් කැබිනට් පත‍්‍රිකාවක්..

August 31, 2021 at 1:20 pm | lanka C news
පලිබෝධනාශක ආනයනයට සූදානම්.. මහින්දානන්දගෙන් කැබිනට් පත‍්‍රිකාවක්..

රජය විසින් රසායනික පළිබෝධනාශක ආනයනය සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරීමට අවධානය යොමු වී තිබේ.

පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි වී ඇති සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරුදායක වර්ගීකරණය අනුව තුන්වන හා හතරවන පන්තියේ පළිබෝධනාශක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තීරණයකට යටත් ව ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් යෝජනා කර තිබේ.

ඛනිජ තෙල් සංස්ථාව සංස්ථාව හෝ දේශීය නියෝජිත සමාගම් විසින් එම කෘෂි රසායන ආනයනය කර සිපෙට්කෝ කෘෂි රසායන අංශය සතු ගබඩාවල ගබඩා කිරීමටත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා අලෙවි කිරීමටත් අනුමැතිය ඉල්ලා කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

එම කෘෂි රසායන නිකුත් කිරීම කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් පත්කරන ලද නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට යෝජනා වී ඇත.

මෙමගින් අපේක්ෂා කරන්නේ වී වගාව, බඩඉරිඟු වගාව, අර්තාපල් වගාවේ ඇතිවන රෝග සඳහා පිළියමක් ලෙස රසායනික පළිබෝධනාශක සීමිත ප්‍රමාණයක් ආනයනය කිරීමටයි.

29,776 views

18 Comments to “පලිබෝධනාශක ආනයනයට සූදානම්.. මහින්දානන්දගෙන් කැබිනට් පත‍්‍රිකාවක්..”

  1. Sunil w d a says:

    Our agriculture will be 100per cent organic.first of all we have cut politicians tounges to stop boistering.they no nothing but deliver lorry talks about agriculture:organic cultivations.if we don’t send this buggers home immediate .citizens has to face more problems..ineffecint president and his ruling members,

  2. ඕලමොට්ටලයා says:

    රටේ මිනිස්සු කොටසකට බයකොරෝල විෂ විදින එකයි, විදගන්න අකමැති කට්ටියට තර්ජනය කරලා විදින එකයි හොඳනම්, කෘමිනාශක ටිකක් ගෙන්නගත්තම මොකෝ.

  3. LalithM says:

    රජරට ගොවිබිම් විකුණාගෙන කෑවට පස්සේ පෝරත් ගෙන්නමුද. මහජනතාව කන්න නැතිව මුන්ව කන දවස වැඩිය ඈත නෑ.

  4. Suranjan says:

    මෙහෙමත් හරක් රටටත් බරක් ….

  5. ගොවිනියාමක says:

    පොහොර ටික ගොවිජනසේවා එකෙන් බෙදුව නිසා මම ගානක් හොයා ගත්තා. අහිංසක ගොවියට 1600කට පොහොර මිටියයි. මුදලාලිට අත යටින් 3000ට වික්කා.

    බෙහෙත් ගෙනාවොත් ඒකත් මට වාසියි…..

    නුවරඑලියෙ සන්තියාස් මුදලාලිත් ගොඩ , ගාමිනී ගොවිනියාමක මමත් ගොඩ..

    සර් තමයි හොදටම මාව ගොඩ දැන්මෙ..