පවතින මිලට වැඩි මිලක් යොදා සහල් සදහා ගැසට් පත්‍රයක්… නාඩු කිලෝව 220යි…

May 3, 2022 at 1:20 pm | lanka C news
පවතින මිලට වැඩි මිලක් යොදා සහල් සදහා ගැසට් පත්‍රයක්… නාඩු කිලෝව 220යි…

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

පවතින සහල් මිලට වැඩියෙන් මිලක් යොදා සහල් සදහා ගැසට්පත්‍රයක් ගහලා.

සුදු සහ නාඩු සහල් කිලෝ එකක් රුපියල් දෙසීයකට වෙළදපොලේ අලෙවි කරද්දී සුදු සහ නාඩු සහල් කිලෝ එකක් රුපියල් දෙසිය විස්සකට අලෙවි කිරීම සදහා වූ ගැසට් පත්‍රයක් ඊයේ දිනයේදී පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් නිකුත් කරන ලදී.

මෙම රජයේ සහල් සදහා වූ 11 වන ගැසට්පත්‍රය වන එම ගැසට්පත්‍රය මගින් සහල් සදහා නියම කර ඇත්තේ වෙළදපලේ පවතින මිලට වඩා වැඩි මිල ගණනකි.

තවද එම ගැසට් පත්‍රය මගින් පාලන මිලක් නියම කරන්නේ දේශීය සහල් සදහා පමණක් වන අතර මේවන විට වෙළදපොල තුළ ආනයනික සහල් විශාල වශයෙන් අලෙවි වේ. දේශීය සහල් සහ ආනයනික සහල් හදුනා ගැනීම ඉතාම දුෂ්කර වන අතර එම ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම සදහා පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශණ නිළධාරීන්ට දෙයියන්ගේ පිහිට පැතීමට සිදුවන බව අපගේ විශ්වාසයි.තවද පාරිභෝගිකයින් වැඩි වශයෙන් මිලදී ගනු ලබන කැකුලු සහල් සදහා පාලන මිලක් පනවා නැත.

සහල් මොල් හිමියන් සැනසීම සදහා ගැසට්පත්‍ර නිකුත් කිරීම නවතා දමා මෙරට පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සදහා ගැසට්පත්‍ර නිකුත් කරන ලෙස හා වෙළදපොලේ සහල් අලෙවි වන්නේ කුමන මිලකටද යන්න ගැසට්පත්‍ර නිකුත් කිරීමට පෙර සොයා බලන ලෙස අප පාරිභෝගික කටයුතු බාර අමාත්‍යවරයාගෙන් අප ඉල්ලා සිටිමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

40,158 views

5 Comments to “පවතින මිලට වැඩි මිලක් යොදා සහල් සදහා ගැසට් පත්‍රයක්… නාඩු කිලෝව 220යි…”

  1. රනිල් says:

    එහෙම නැතුව කොහොමද සේමසිංහ ඇමතිතුමා නුවරවැව හෝටලෙයි බත්තරමුල්ලේ ගෙදරයි වැඩ ටික ඉවර කරගන්නෙ…

  2. Asanka says:

    Munta Pissuda? Hatida?

  3. Gazette Reverse Rajapakse says:

    When will the gazette be reversed?

  4. Sunil Ranatunga says:

    මේවයෙ ඉන්න කාලකන්නි හැතිකරේ උගත්කමක් පාරිබෝගිකය ගැන කැක්කුම තියෙන හාල් පාරැවො නෙමෙයි ඒක නිසා කාගෙ හරි ජරාව කාල ගැසට් එක අත්සන් කරනව ඒකයි එකසිය අනුුවට ඊයේ තිබුන හාල් දෙසිය විස්සකට දාල තියෙන්නෙ දේශපාලුවො විතර නෙමෙයි මේවයෙ ඉන්න මහ පුටු රත්කරන කාලකන්නි යනකන් ගහන්න පුළුවන් නම් වටිනව

  5. Lalla says:

    ඊයේ ප්‍රසිද්ධ වෙලා ජාලයක සම්බා වික්කේ 220/= රතු කැකුළු 205-210. කිරි සම්බා කොහොමත් 260/= ඉතින් වෑඩි මිලට විකුණන්න කියල ආණ්ඩුව කියන්නේ ජරාව කන්න නොවේද. මුන් පන්නන සටන වේගවත් කල යුතුය.

Main News