‘පවුල්වාදි ෆැසිස්ට්වාදයෙන් මාතෘභූමිය රැකගමු’.. මෛත‍්‍රී-මහින්ද පින්තූර හලා චන්ද‍්‍රිකා-වෙල්ගම ශ‍්‍රීලනිපයට ලිපි යවයි..

October 31, 2019 at 3:00 pm | lanka C news
‘පවුල්වාදි ෆැසිස්ට්වාදයෙන් මාතෘභූමිය රැකගමු’.. මෛත‍්‍රී-මහින්ද පින්තූර හලා චන්ද‍්‍රිකා-වෙල්ගම ශ‍්‍රීලනිපයට ලිපි යවයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බිහි වූ ජනාධිපතිවරුන් වන මෛත්‍රිපාල සිරිසේනගේ සහ මහින්ද රාජපක්ෂගේ රුව නොමැතිව, බණ්ඩාරනායකවරුන්ගේ රුව සහිත ලිපියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය විසින් සියලුම ආසන සංවිධායකවරුන් වෙත ඊයේ (30 වැනිදා) යොමු කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමගේ අත්සනින් යුතුව මෙම ලිපිය යොමු කර ඇත.

හිටපු අග්‍රාමාත්‍යවරුන් වන එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ රුව පමණක් එම ලිපියේ සඳහන්ව තිබේ. මොවුන් තිදෙනාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බිහි වූ නායකයන් වෙයි.

‘පවුල්වාදි ෆැසිස්ට්වාදයෙන් මාතෘභූමිය රැකගමු’ යන තේමාව යටතේ නිකුත් කර ඇති ලිපියෙන් ලබන මස 5 වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන රැලියකට සහභාගි වන ලෙස ආසන සංවිධායකවරුන්ට ආරාධනා කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුමන්ත්‍රණකරුවන්ගෙන් බේරා ගැනීම සඳහා රැලිය පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ලිපියේ සඳහන් කර ඇත.

රැලියට සහභාගිවීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ලන්ඩන් නුවර සිට පෙරේදා (29 වැනිදා) දිවයිනට පැමිණියාය.

– aruna.lk

39,258 Viewers

32 Comments to “‘පවුල්වාදි ෆැසිස්ට්වාදයෙන් මාතෘභූමිය රැකගමු’.. මෛත‍්‍රී-මහින්ද පින්තූර හලා චන්ද‍්‍රිකා-වෙල්ගම ශ‍්‍රීලනිපයට ලිපි යවයි..”

  1. Wewagadara Appuhamay says:

    Chandiarike Kumarantung Banadarake is no longer that SLFP leader of Party was founder by SWRD Banadarake.
    In fact real of history says that founder of SLFP was H.Sri Nissanka the lawyer of Kurunagala area. SWRD was with UNP persons since 1947 . who came from UNP ruling party since 1948 to 1951. SWRD decedents from that Tamil-origin .Later he father was rulers of British led colonial masters

  2. simion says:

    අප්පගෙයි, අම්මණ්ඩිගෙයි, විස්කි මැඩමිගෙයි පිංතූර දාපු ලෙටර් හෙඩ් එකක ‘පවුල් වාදයෙන් තොර’ කියල දාලලු…සජියත් මීටිං වල කියන්නේ ‘මාගේ සදාදරනීය දිවංගත පියාණන්’ කියලා හිටං…ඩීඑස්ලටයි..ඩඩ්ලිලටයි, රුක්මන්ලාටයි, වසන්තලටයි,..ජේ ආර්ලටයි, බෑණාවරුන් වන රනිල් සහ රුවන්ලටයි පවුල් වාදය හොඳයි…රාජපක්ෂලට විතරක් හොඳ නෑ…මාර තියරියක්…

  3. Wewagadara Appuhamay says:

    Chandiarike Kumarantung Banadarake is no longer that SLFP leader of Party was founder by SWRD Banadarake.
    In fact real of history says that founder of SLFP was H.Sri Nissanka the lawyer of Kurunagala area. SWRD was with UNP persons since 1947 . who came from UNP ruling party since 1948 to 1951. SWRD decedents from that Tamil-origin .
    Later that his father was rulers of British led colonial masters servant?
    The SWRD was political Federalist since he back Ceylon 1929 .
    The SLFP was PARTY of that NOT aim at divide Island by Tamil and Sinhalese race.But CBK nowadays so-called “SLFP” are that seeking Federalist of homeland Tamils advocted by TNA.
    We cannot agreed our country that divide by Tamil Homeland propagated by CBK of “SLFP”

  4. Wewagadara Appuhamay says:

    Chandiarike Kumarantung Banadarake is no longer that SLFP leader of Party was founder by SWRD Banadarake.
    In fact real of history says that founder of SLFP was H.Sri Nissanka the lawyer of Kurunagala area.
    SWRD was with UNP persons since 1947 . Who came from UNP ruling party since 1948 to 1951. SWRD decedents from that Tamil-origin .
    Later that his father was rulers of British led colonial masters servant?
    The SWRD was political Federalist since he back Ceylon 1929 .
    The SLFP was PARTY of that NOT aim at divide Island by Tamil and Sinhalese race.
    But CBK nowadays so-called “SLFP” are that seeking Federalist of homeland Tamils advocated by TNA.
    We cannot agreed our country that divide by Tamil Homeland propagated by CBK of “SLFP”

  5. Taurus says:

    Rally of the loosers.This is the last memorial of their funeral rites.

  6. ගන්ජ බන්ඩා says:

    වෞරි සහ වල්ගමයා එක්ක අලි නැට්ටෙ එල්ලිලා ශ්‍රිලනිප රැක ගනිමු. 😜😝😋😎

  7. මුට පාංශු කුලයවත් දෙන්න කෙනෙක් නැති වෙනවා. අහෝ දුකකි.... says:

    මුට පාංශු කුලයවත් දෙන්න කෙනෙක් නැති වෙනවා. අහෝ දුකකි….හරක් මෝලෙක්. .

  8. Sam Fernando says:

    Do not worry, Ma’am. Stadium will be full of people. Sajith has already hired buses and UNP supporters ready to attend.

Main News