‘පවුල්වාදි ෆැසිස්ට්වාදයෙන් මාතෘභූමිය රැකගමු’.. මෛත‍්‍රී-මහින්ද පින්තූර හලා චන්ද‍්‍රිකා-වෙල්ගම ශ‍්‍රීලනිපයට ලිපි යවයි..

October 31, 2019 at 3:00 pm | lanka C news
‘පවුල්වාදි ෆැසිස්ට්වාදයෙන් මාතෘභූමිය රැකගමු’.. මෛත‍්‍රී-මහින්ද පින්තූර හලා චන්ද‍්‍රිකා-වෙල්ගම ශ‍්‍රීලනිපයට ලිපි යවයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බිහි වූ ජනාධිපතිවරුන් වන මෛත්‍රිපාල සිරිසේනගේ සහ මහින්ද රාජපක්ෂගේ රුව නොමැතිව, බණ්ඩාරනායකවරුන්ගේ රුව සහිත ලිපියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය විසින් සියලුම ආසන සංවිධායකවරුන් වෙත ඊයේ (30 වැනිදා) යොමු කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමගේ අත්සනින් යුතුව මෙම ලිපිය යොමු කර ඇත.

හිටපු අග්‍රාමාත්‍යවරුන් වන එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ රුව පමණක් එම ලිපියේ සඳහන්ව තිබේ. මොවුන් තිදෙනාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බිහි වූ නායකයන් වෙයි.

‘පවුල්වාදි ෆැසිස්ට්වාදයෙන් මාතෘභූමිය රැකගමු’ යන තේමාව යටතේ නිකුත් කර ඇති ලිපියෙන් ලබන මස 5 වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන රැලියකට සහභාගි වන ලෙස ආසන සංවිධායකවරුන්ට ආරාධනා කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුමන්ත්‍රණකරුවන්ගෙන් බේරා ගැනීම සඳහා රැලිය පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ලිපියේ සඳහන් කර ඇත.

රැලියට සහභාගිවීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ලන්ඩන් නුවර සිට පෙරේදා (29 වැනිදා) දිවයිනට පැමිණියාය.

– aruna.lk

173 views

32 Comments to “‘පවුල්වාදි ෆැසිස්ට්වාදයෙන් මාතෘභූමිය රැකගමු’.. මෛත‍්‍රී-මහින්ද පින්තූර හලා චන්ද‍්‍රිකා-වෙල්ගම ශ‍්‍රීලනිපයට ලිපි යවයි..”

  1. ඩපයා says:

    තොපි දෙන්නගේ පක්ෂයට කලින් මෙරටේ ජනතාවට තමුන්ට නිදහසේ ඉන්න තියෙන ලෝකෙම් එකම රට අන්තවාදීන්ගෙන් සහ ඔවුනට උඩගෙඩි දෙන බටහිර බලවේග වලින් ආරක්ෂා කරගත යුතුයී. එන් ජී ඔ බත්බැලයෝ.

  2. Winsara says:

    EHEMANAM BANDAIYYALATA TH KALE HARI NOVE.

  3. විජේපාල says:

    අසමජ්ජාති තුප්පහියෝ තොපි දෙන්නම එකටම මකබැවියන.

  4. සනත් ඉතාලිය says:

    මෙතනනෙ නියම පවුල්වාදය තියෙන්නෙ 5වෙනිදට බලාපොරොත්තු වන්න සූගාල මහා ජනගන්ගාවක් 500ක් විතර

  5. saman says:

    තාත්තයි, අම්මයි, දුවයි පවුල් පාලනය නෙවේද?

  6. Game Changer says:

    හමුදාපතිව සිටියදී සිය නිලඇඳුමින් SOFA ඇමරිකන් ගිවිසුමට තමා එරෙහි බව ප්‍රකාශ කල මහේෂ් සේනානායක නැවතත් මහජන ගෞරවයට පාත්‍ර වෙමින් සීටී.
    ඒ මෙවර ජනාධිපතිධූර අපේක්ෂකයෙක් ලෙස ඔහු මහ බැංකු හොරැන්ව හා මැද මුලන හොරැන්ව ඇතුලට දානවා යනුවෙන් ප්‍රතිඥා දීමත් සමගය.
    What is your opinion on former Defence Secretary Gotabaya Rajapaksa contesting the election?
    They were the biggest rogues in the country five years ago and the people rejected them. Now they have come back with a new face seeking power. This is not acceptable and the people shouldn’t accept it.
    Secondly, one-and-a-half years ago, we were talking about the Bond Scam. Now that group has come back with a new team. Both sides are rogues. That is the problem I’m here to solve.
    We want to bring in a new political culture – Mahesh Senanayake

  7. අප්පුහාමි says:

    අත්සන් කිරීමට යෝජිත SOFA හා MCC ගිවිසුම් ගැනද මේ වන විට අත්සන් කර ඇති ACSA ගිවිසුම ගැනද..
    ගෝඨාභය ,සජිත් ප්‍රේමදාස, අනුර කුමාර,මහේෂ් සේනානායක ඇතුඵ සියලු ජනාධිපති අපේක්ෂකයෝ සිය ස්ථාවරය රටට ප්‍රකාෂ කල යුතුය.
    මේ ගැන සියලු අපේක්ෂකයන්ගෙන් ප්‍රශ්ණ කිරීම හිතාමතා මගහැර සිටින පූජකයන්ගේද ජනමාධ්‍යවේදින්ගේද නිරැවත රටටම පෙනෙන්නට පටන් ගෙන ඇත.

  8. මඩයා says:

    වෙල්ගම පඩ ෂෝ දාන්ඩ ඇවිත් දැං කරකියා ගන්ඩ දෙයක් නැතුව ඉන්නවා. එයා හිතුවෙ එයාගේ womanizing කයිවාරුවට කොල්ලො ටිකක් හුරේ දානකොට එයා තරුණ කොටස් අතරේ හරි ජනප්‍රිය ආණ්ඩු පෙරලන්න පුළුවං තත්වෙක ඉන්නවා කියලයි. දැං අනාථ වෙලා

  9. Sandra says:

    So she & her parents aren’t a family?
    Pawul waadaya newei me pissu pa*** we**** umathuwen berenna

  10. ඇත්ත යථාර්ය says:

    එම්බා වල් ගමයෝ, බණ්ඩරකායක 3ක් එකම පව්ලේ ‌නේද? ‌තොට එය ‌පෙනෙන්න‌ේ නැද්ද, ඔබලා ‌මොවා කළත් ‌‌ගොඨාගේ විශිෂ්ඨ ජය නතර කරනන් බැහැ. නිකම් පල්වෙන්නේ නැතිව පැත්තකට ‌වෙයන්. රනිල්, මං ගල, රාජිතලා රට විනාශ කිරීම නතර කිරීමයි අපේ අරමුණ.

Main News