පවුල් කිහිපයක්ම නිරෝධායනයට.. කොරෝනා තවත් ඉහල නගී…

August 28, 2020 at 8:40 am | lanka C news
පවුල් කිහිපයක්ම නිරෝධායනයට.. කොරෝනා තවත් ඉහල නගී…

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී කොරෝනා ආසාදිතයන් දෙදෙනකු හඳුනාගෙන තිබේ.

මේ දෙදෙනාම විදේශයන්හි සිට පැමිණ නිරෝධායනයට යොමු කර සිටි අයයි.

ඔවුන් සමඟ මෙරට කොරෝනා ආසාදිතයන් ප‍්‍රමාණය 2986 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර හලාවත බංගදෙනිය ප්‍රදේශයේ කාන්තාවක් ආසාදිත යයි හඳුනා ගැනීම හේතුවෙන් ඇය ඇසුරු කල පුද්ගලයන් සියළු දෙනාම නිරෝධායනට ලක් කිරීමට කටයුතු කර ඇත.

එම කාන්තාවක් ඩුබායි සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වල සති දෙකක් නිරෝධය වීමෙන් පසු නිවෙසේ නිරෝධායන වෙමින් සිටි කාන්තාවකි.

27,133 views

One Comment to “පවුල් කිහිපයක්ම නිරෝධායනයට.. කොරෝනා තවත් ඉහල නගී…”

  1. Saradiel says:

    ඉක්මන් සුවය පතමු බුදු සරණයි

Main News