පවුලෙන් පිට අයෙකුට මනාපයක් දෙන්නැයි මා කියන්නේ මුල් වරටයි.. ඒ කාටදැයි රෝහිත කියයි.. [Video]

August 1, 2020 at 3:00 pm | lanka C news
පවුලෙන් පිට අයෙකුට මනාපයක් දෙන්නැයි මා කියන්නේ මුල් වරටයි.. ඒ කාටදැයි රෝහිත කියයි.. [Video]

තමන්ගේ පවුලේ සාමාජිකයෙකු වොනව අයෙකුට මනාපයක් දෙන්නැයි තමන් පළමු වතාවට ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මෙවර කොළඹ දිස්ත්‍රික්කය සඳහා පොදුජන පෙරමුණෙන් තරඟ වදින අපේක්ෂක නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතාගේ ප්‍රචාරක ජන හමුවකට එක්වෙමින් ඔහු එසේ කියා සිටියේය.

මෙවර මැතිවරණයේදී දොලවත්ත මහතාද පාර්ලිමේන්තුවට එවිය යුතු පුද්ගලයෙක් බවත් ඔහුටත් මනාපයක් ලබා දෙන්නැයි රාජපක්‍ෂ මහතා ඉල්ලා සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතා 2005දී පරාජය වී නිවසට ගිය විට දොලවත්ත මහතා තම නිවසට පැමිණ ඕනෑම අවස්ථාවක පෙනී සිටින බව පැවසූ බවද රෝහිත රාජපක්ෂ මහතා එහිදී පැවසීය.

අයුක්තියෙන් අපිව ආරක්ෂා කලේ දොලේ අයියා.

සියලුදෙනාම අත්හැර යද්දී ඔහු අපිට ශක්තියක් වුනා. අයුක්තියෙන් අපිව ආරක්ෂා කලේ දොලේ අයියා.

Gepostet von Premnath C. Dolawatte am Freitag, 31. Juli 2020

79,098 Viewers

17 Comments to “පවුලෙන් පිට අයෙකුට මනාපයක් දෙන්නැයි මා කියන්නේ මුල් වරටයි.. ඒ කාටදැයි රෝහිත කියයි.. [Video]”

  1. ගීත් says:

    කෙළෙහි ගුණ දැක්වීම සත්පුරුෂ ස්වභාවයක්. ප්‍රේමනාත් දොලවත්ත මහතා පසුගිය ‘යහපාලන’ සමයේ අභූත චෝදනා සහ දේශපාලන පලිගැනීම් වලට ලක්වූ නායකයින් වෙනුවෙන් පෙනී සිටි ආකාරය පෙනුණා. මග නොහැරීම වටිනා දෙයක් .

  2. JUDE says:

    රෝහිත සිතන්නේ ජනතාව ඔහුගේ ඉල්ලීම් ඉටුකරන්න සුදානම් කියලද ?මොහුගෙන් ජනතාවට ඇති පලය කුමක්ද ? පියා රටේ නායකයෙක් වූ පලියට මෝඩ පුත්තුන්ගෙන් ඇති පලය කුමක්ද ?
    ඔහුගෙන් රටට සිදු යහපතක් නැහැ ..ඔහු නිතරම ප්‍රසිද්ධියේ ඔහුගේ වත්පොසත් කම් ගැන පම්පෝරි ගැසීම හැර ..මොහු නිසා නීතිඥ දොලවත්ත මහතාට ලැබෙන්න තියන ජන්දත් නොලැබී යාවි ..කරුණාකර දේශපාලන වේදිකාවලින් ඉවත් වී සිටින්න

Leave a Comment

Main News