පසලොස්වක පෝදා නිධන් කඩයි.. මහ ගල් පර්වතයක් පුපුරුවයි..
December 24, 2018 at 8:40 am | lanka C news
ඌරුබොක්ක කැකුන්දෙනිය ප්‍රදේශයේ දොල රක්ෂිතයක පුරා වස්තු සොයා නිදන් හාරමින් සිටී පුද්ගලයන් හය දෙනෙකු සහ ඔවුන් පැමිනි වාහන සහ නිදන් හෑරීමට ගෙනා උපකරණ අත්අඩංගුවට ගත් බව ඌරුබොක්ක පොලීසිය පවසයි.
පෙරේදා (22) දින උදුවප් පුර පසලොස්වක පොහොය දින රාතී 7.00 ට පමණ ඌරුබොක්ක පොලිස් වසමේ කැකුන්දෙනිය නාරංදොල ප්‍රදේශයේ දොල රක්ෂිතයක පිහිටි ගල් තලාවක පුරා වස්තු සෙවීමේ අරමුණින් කැනීම් කරමින් සිටී පුද්ගලයන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසියට ලැබුනු තොරතුරකට අනුව කරන ලද මෙම වැටලීමේදී පුරා වස්තු සොයා කැනීම් සිදුකල පුද්ගලයන් පැමිණි වෑන් රථයක්,යතුරු පැදි දෙකක්,ගල් විදින යන්ත්‍රයක්,අගල් 19 ක් දිග ගල් විදීම සදහා යොදා ගන්නා හිල්ටි කටු 3 ක්,අඟල් 6 ක් හිල්ටි කටු 5 ක්,යකඩ උල් 2 ක්,ඇම්පියර් 12 බැටරියක්,වයර් රෝලක් ,කුළුගෙඩි 2 ක් ඇතුළු උපකරණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 33සහ 68 අතර පසුවන පුද්ගලයන් වන අතර ඔවුන් මොරවක, වීරකැටිය, කැකුන්දෙනිය, කීරිපිටිය, හීගොඩ යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් බවටයි පොලීසිය පැවැසුවේ.
අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු වීරකැටිය ප්‍රදේශයේ ජාතික පාසලක ආරක්ෂක නිළධාරියෙකු ලෙස රැකියාව කරන පුද්ගලයකු බවත් ඔහු පැමිණි වෑන් රථය පරික්ෂා කිරීමේදී එහි ඉතා ශූක්ෂම ආකාරයෙන් සගවා තිබූ විවිධ බැංකුවල විවිධ පුද්ගලයන්ගේ නම් වලින් සමන්විත බැංකු පාස්පොත් 10 ක් පමණ සොයාගත් බවත් එම පාස්පොත් වල ලක්ෂ ගණන් මුදල් තිබෙන බවට සදහන් වන බවත් පවසන පොලීසිය ඒ පිලිබදව විශේෂ විමර්ශණයක් සිදු කරන බවටද පොලීසිය පැවැසීය.
අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර ව්‍යාපාරිකයන් දෙනෙකු,වඩු කාර්මියෙක් ද සිටින අතර පුරා වස්තු සොයා කැනීම් සිදු කර ඇත්තේ අත්අඩංගුවට පත් කැකුන්දෙණිය ප්‍රදේශයේ පදිංචි සැකකරුගේ ඉඩම මායිමේ පිහිටි දොල රක්ෂිතයේය.වැටලීම සදහා පොලීසිය යන අවස්ථාව වන විටත් විශාල ගල් පර්වතයක් පුපුරවා තිබූ බවත් තවත් විශාල කළු ගලක් පුපුරවා හැරීමට බෝර දැමීම සදහා හාරමින් සිටිය බවට පොලීසිය පැවැසීය.
– ජයන්න නානායක්කාර
නිධන් හොරා සජිත් අනිවාර්යයෙන්ම ඕකට සම්බන්ධ ඇති. ඌ නැතිව ඔය වගේ වැඩ වෙන්න බැහැ
ඌරුබොක්ක කැකුන්දෙනිය ප්‍රදේශයේ දොල රක්ෂිතයේ නිධන් හැරීම සජිත්ගේ වැඩක්ද ?
මහා මොලකාරයා UNP ඇමතියෙක්ද ? මන්ත්‍රී කෙනෙක්ද ?
රටට අබ සරණයි
නෑ. නාමල් ඒක කලේ.අර සූජීවත් හවුල්කරගෙන. සපරමාදු තමයි අදාල තැන කියලා යටිතල පහසුකම් සපයපු ඔත්තුකරු.
දෙරනය දෙදරවන මේ හැත්ත
නාලිකාව උඩුයටි කුරු පැත්ත
කරමින් සිදු කතාවෙම ඇත්ත
ලැජ්ජය නාලිකාවේ පර හැත්ත
පොලිසිය බාර ජනාධිපතිට නේද? අනික් අයට දොස් කීවට මූලික කාරනේ සිරාට වැඩ බැරි එකයි.