පස්කම් සැප ඉල්ලූ දියණිය නිරෝධායනයට පයින් ගසා පියා හූල් සමගින් මැතිවරණ කොමිසමට පනී… කොමිසමම අවදානමේ.. විෂබීජහරණය කරයි..

May 20, 2020 at 9:20 am | lanka C news
පස්කම් සැප ඉල්ලූ දියණිය නිරෝධායනයට පයින් ගසා පියා හූල්  සමගින් මැතිවරණ කොමිසමට පනී… කොමිසමම අවදානමේ.. විෂබීජහරණය කරයි..

කොරෝනා වෛරස රෝගයෙන් ආරක්ෂා වීම සඳහා නිවසේ දින 14ක් නිරෝධායනයට ලක්ව සිටීමට නියමව සිටින සිය දියණිය ද සමග මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා ඊයේ (19දා) සහ පෙරේදා (18දා) රාජගිරිය පිහිටි මැතිවරණ කොමිසමට පැමිණ ඇත.

විදේශගතව සිට ශ‍්‍රී ලංකාවට පැමිණි එම දියණිය හෝටලයක දින 14ක් නිරෝධායනයට ලක්වීමෙන් පසු තව දින 14ක් නිවසේ නිරෝධායනයට ලක්වීමේ අවසරය මත පෙරේදා ඉන් ඉවත්ව තිබේ.

චෙම්මිනි පාර, නල්ලූර්, යාපනය යන ලිපිනය දරන නිවසට ඇය රැගෙන යනු වෙනුවට මහාචාර්ය හූල් සිය දියණිය සමග යාපනය මැතිවරණ කාර්යාලයට අයත් වාහනයකින් මෙසේ දින දෙකක් මැතිවරණ කොමිසමට පැමිණ ඇත.

මේ සම්බන්ධව තොරතු දැනගත් වහාම මැතිවරණ කොමිසමේ කාර්ය මණ්ඩලය ඊයේ (19දා) විරෝධය පා ඇති අතර එහිදී ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මැදිහත් වීම මත ඔවුන් මැතිවරණ කොමිසමෙන් පිටව ගොස් තිබේ.

දින 14 නිරෝධායන නීති ද උල්ලංඝණය කරමින් මහාචාර්ය හූල් මහතා සිය දියණිය මැතිවරණ කොමිසමට රැගෙන එ්මෙන් තමන් මෙන්ම දිනපතා මැතිවරණ කොමිසමට පැමිණෙන දේශපාලඥයින් සහ විවිධ නිලධාරීන් ද අවදානමට ලක්කර ඇතැයි මැතිවරණ කාර්යාලයේ සේවකයෝ සඳහන් කරති.

මේ සම්බන්ධව රාජගිරිය මැතිවරණ කොමිසම් කාර්යාලයෙන් කළ විමසීමේදී එහි ප‍්‍රකාශකයකු සඳහන් කළේ මහාචාර්ය රත්නජීවන් හූල් මහතා සහ ඔහුගේ දියණිය මැතිවරණ කාර්යාලයේ සේවකයින්ගේ විරෝධය හමුවේ ඊයේ දහවල් මැතිවරණ කොමිසමෙන් පිටව ගිය බවත් ඔවුන් පිට ගිය පසු මැතිවරණ කාර්යාල පරිශ‍්‍රය සම්පූර්ණයෙන්ම විෂබීජ හරණයට ලක්කළ බවත්ය.

එසේම අද(20දා) පැවැත්වෙන මැතිවරණ කොමිසමේ රැස්වීමට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සහභාගී වන ලෙස මහාචාර්ය හූල්ට දැනුම්දුන් බවද එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

– divaina

596 views

71 Comments to “පස්කම් සැප ඉල්ලූ දියණිය නිරෝධායනයට පයින් ගසා පියා හූල් සමගින් මැතිවරණ කොමිසමට පනී… කොමිසමම අවදානමේ.. විෂබීජහරණය කරයි..”

  1. හිරනිකර් බබා says:

    අපරාදෙ මේ බැල්ලි ඉල්ලපු පස්කම්සැප නොදී ආපහු යාපනයට යන්ඩ ඇරියෙ. අපේ රන්ජන් අයියා ලඟට

    ඇරියනම් ඒකිගෙ පස්ස පැත්තට මදි නොකියන්ඩ පස්කම් සැපදීල යවන්ඩ තිබුනා.

  2. ගයා says:

    මේකී ඉල්ලලා තියෙන්නේ කම් සැප

  3. THILAK says:

    MUWA NITHIYE ELAWANDA BARINAM GAHALA ELAWANNA ONA. MU PISSEK NATHNAM APE RATATA VINA KARANA POLAGEK

  4. සජිත් says:

    හුල් දූව මොකද පස් කන්න ඉල්ලන්න

  5. LION says:

    දුව ඉන්නේ එංගලන්තේ නම් දෙමළ ඩයස්පොරවත් සමග සබදකම් ගැන සොයා බැලිය යුතුය

  6. john the baptice says:

    දමිල ජාතිකයෙක් වන හූල් ඉතාමත් ජාතිවාදි පුද්ගලයෙකු බවද පැහැදිලිය. ස්වාධීන විය යුතු ඔහු දේශපාලනිකව දෙමළ ජාතික සංධානයට සහ එක්සත් ජාතික පක්ෂයට පක්ෂපාතීව කටයුතු කරන බවටද චෝදනා එල්ල වේ.

    මෙලෙසට ජාතිවාදය වපුරමින්, කොරෝනා සටනේ පෙරගමන් කරුවන්ටද අපහාස කරමින් කටයුතු කරනා හූල් මැතිවරණ කොමිසමේ තනතුරක් දැරීම නොව, අසත්‍යය පතුරමින් කොරෝනා සටනට බාධා කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත යුතු බවට සමාජජාලා මාධ්‍යයන්ගේ පළව තිබුණි.

    • nimalsiri says:

      ane palayando yanda keri katholikayo john the urugaath lewakannaa.thota oya hoolge duwage kimbe mayilakwath allanna lebenne nehe.enisaa umba gihin parana vidihatama mahindayage kakula langa bima wetilaa parana puruddatama u visikkorana urugaath hapa hapaa indapiya.

  7. මෝ says:

    වලං පිගන් කක්කුස්සි හෝදන බත් බැලයෝ,බෝ දැක්කෙ නැද්ද බූරු පුතානෝයි පොනියයි සෙට් එක එකට කූඩුවෙලා උග්ගෝසන කරනවා පාහර තක්කඩි හොරෙක්ව බේරගන්න.මං හිතන්නෙ බෝත් එතැන ඉන්න ඇති හිපාට්වා.පොල් කවුඩා.

Main News