පස්වාන් දහසකට බුදුවන්න ජනාධිපතිතුමනි බැදුම්කර වාර්තාව හෙලි කරන්න එපා.. එජාප ප‍්‍රබලයා බඩගාගෙන විත් ජනපති ලග වැද වැටේ..

November 28, 2018 at 9:20 am | lanka C news
පස්වාන් දහසකට බුදුවන්න ජනාධිපතිතුමනි බැදුම්කර වාර්තාව හෙලි කරන්න එපා.. එජාප ප‍්‍රබලයා බඩගාගෙන විත් ජනපති ලග වැද වැටේ..

පසුගිය රජය සමයේ සිදුවූ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව සති දෙකක් තුළ ප්‍රකාශයට පත්කරන බව ප්‍රකාශ කිරීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල හිටපු ඇමතිවරයෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසීම සඳහා ඊයේ රාත්‍රියේ කිහිප අවස්ථාවකදීම උත්සාහ දරා බව වාර්තා වේ.

මෙම ප්‍රබලයාටද බැම්කර වංචාව සම්බන්ධයෙන් ප්‍රබල චෝදනාවක් එල්ල වී ඇති අතර අර්ජුන් ඇලෝසියස් ගෙන් අති විශාල මුදල් ප්‍රමාණයක් ලබාගෙන ඇති බවත් එය ජනාධිපති කොමිෂන් වාර්තාව ඉතා පැහැදිලිව සටහන්ව ඇති බවත් එකල මාධ්‍ය වාර්තා පවා පළ විය.

මෙම ප්‍රබලයා ජනාධිපතිවරයා සෘජුව සම්බන්ධ කරගත නොහැකි වූ පසු ජනාධිපතිවරයාට සමීප ඇමතිවරුන් දෙදෙනෙක් හරහා මෙම උත්සාහය දරා ඇති බවද වාර්තා වෙයි.

මීට පෙරද බැදුම්කර වාර්තාව එලි දක්වාවි යයි අවස්ථා කිහිපයකදීම ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුනේ තම දේශපාලන අනාගතය විනාශ වන බැවින් මෙම වාර්තාව ඉදිරි මැතිවරනය වන තෙක් හෝ එලි නොදක්වා සිටින ලෙසයි.

181 views
Main News