පසැල්වලට පරිඝණක මිලට ගැනීම නවතී.. පරිඝණක කුලියට ගන්න සූදානම්..

November 11, 2016 at 8:02 am | lanka C news
පසැල්වලට පරිඝණක මිලට ගැනීම නවතී.. පරිඝණක කුලියට ගන්න සූදානම්..

ඉදිරියේදී පාසල්වලට පරිගණක මිල දී ගැනීම් නවතා ඒ වෙනුවට කුලී පදනම යටතේ පරිඝණක ගැනීමට අවධානය යොමු වී ඇති බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මිලදී ගැනීමේ දී සිදුවන කොමිස් ගැසීම මෙම නව ක‍්‍රමය යටතේ නතර වනු ඇතැයිද කී ඔහු පාසල අවට ආයතනයකින් පාසලට උවමනා පරිඝණක කුලී පදනම යටතේ ගැනීමට ප‍්‍රතිපත්තියක් සකසන බවද ඔහු සදහන් කරයි.

මාසයකට රුපියල් තුන්දහස් පන්සීයයක් පමණ සියළු පරිඝණක සදහා කුලිය ගෙවීමට සූදානම් බවත් එසේ ලබා ගන්නා සියලූ පරිගණකවල දෝෂ ඔවුන් විසින් නිවැරදි කර ධිය යුතු බවද කී ඇමතිවරයා මෙම ක‍්‍රමය නිසා පාසල් අවට ව්‍යවසායකයින් බිහිවෙන බවද කියා සිටියේය.

0 views

5 Comments to “පසැල්වලට පරිඝණක මිලට ගැනීම නවතී.. පරිඝණක කුලියට ගන්න සූදානම්..”

  1. Champa says:

    පට්ට හොර වැඩක්. අධ්‍යාපන ඇමති ලොකු කොමිස් කුට්ටියක් කන්නයි හදන්නේ.

    • කුරුගුරු says:

      අද්යාපන ඇමති කෙසේ වෙතත් විදුහල්පතිලාට වටේ පිටේ වියවසායකයෝ බිහිකරගෙන එකෙන්ම කන්න විදිහක් සෙට් කරලා දෙන්න තමා මේ හදන්නේ .

  2. black says:

    අනිවා ඔකේ මොක්කාක් හරි ලෝකු දේයක් තියෙනවා.අපි නොදාන්න

  3. Nana says:

    This is a good move, Now the money spent on only few Big Companies and Commissions earned by few Officers, yet Computers in Computer labs are always broken down without service. If they are hired, small business people around the school can do the work.

  4. nanayakkara says:

    සතොස + රක්ෂණ සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන 38 ක් ගිලලා මහ බැංකුව උලා කාපු උන්ට කිරි සප්පයෝ උලා කන එකත් කජ්ජක්ද????????????????????????????

Main News