‘පසුගියදා ජනාධිපති කල කතාව මෙතෙක් ජනාධිපතිවරයකු කල විශිෂ්ටතම කතාවක්…

August 23, 2021 at 12:40 pm | lanka C news
‘පසුගියදා ජනාධිපති කල කතාව මෙතෙක් ජනාධිපතිවරයකු කල විශිෂ්ටතම කතාවක්…

‘පසුගියදා අතිගරු ජනාධිපතිතුමා ජාතිය අමතා කල කතාව මෙතෙක් රටේ ජනාධිපතිවරයකු ජාතිය අමතා කල විශිෂ්ටතම කතාවක් ලෙස මා දකිනවා’ යයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

20 වන දින අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාතිය අමතමින් කියා සිටියේ කොවිඩ් වසංගතය හමුවේ රට ඉතාමත් තීරණාත්මක මොහොතකට පත්වී ඇති බවත් මෙම තීරණාත්මක මොහොතේ දී රටේ සමස්ත ජනතාව පක්ෂ විපක්ෂ ජාති ආගම් කුල මල භේදයකින් තොරව රට පත් වී තිබෙන බැරෑරුම් තත්ත්වය තේරුම් ගෙන තේරුම් ගෙන නියමිත සැලසුම් සහ ක්‍රමවේදයන් අනුගමනය කරමින් සියලු දෙනාම එකමුතුව කණ්ඩායමක් ලෙස කටයුතු කර මෙම වසංගත තත්ත්වයෙන් මිදීමට කටයුතු කළ යුතු බවද ඔහු පැවසීය.

‘මෙතෙක් රටේ ජනාධිපතිවරයකු ජාතිය අමතා කල විශිෂ්ටතම කතාවක් ලෙස පසුගියදා අතිගරු ජනාධිපතිතුමා ජාතිය අමතා කල කතාව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා මහාමාර්ග අමාත්‍යවරයා වශයෙන් මා දකිනවා.

කොරෝනා වසංගතය මැඩපැවැත්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයත්, විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රමුඛ විසඳුමක් ලෙස එන්නත්කරණ සිදු කල යුතු බව පිළිගත් මතයයි. එසේ නොමැතිව රට වසා දැමීම පමණක්ම නොවයි කොරෝනාවට තිබෙන පිලියම. අතිගරු ජනාධිපතිතුමාගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස සෑම මසකම අපට අවශ්‍ය එන්නත් මාත්‍රා විශාල ප්‍රමාණයක් ලැබෙනවා. ඒ වගේමයි කඩිනමින් ක්‍රමානුකූලව හා සැලසුම් වලට අනුව ජනතාවට එන්නත් ලබා දෙනවා.

කොරෝනා වසංගත ව්‍යාප්තිය නිසා රට සම්පූර්ණයෙන්ම වසා දමන්න කියලා විපක්ෂය ප්‍රචාරයක් ගෙන ගියා.වෙලාවක වහන්න කියනවා ආයෙ අරින්න කියනවා විපක්ශයට එක මතයක් නෑ.රජය කරන හැම දේකටම විරුද්ධ වෙන්න විතරයි විපක්ෂයේ උවමනාව. කොරෝනා වසංගතය තියෙනකොට තමයි විපක්ෂය සජිත් ජනතා විමුක්ති පෙරමුණ එකතුව උද්ඝෝෂණ රැල්ලක් මේ රටේ ක්‍රියාත්මක කළේ. ඔවුන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් මේ රටේ අහිංසක ජනතාව බිල්ලට දුන්නා. සෞඛ්‍ය අංශ විසින් ලබාදුන් උපදෙස් සහ මාර්ගෝපදේශ ඔවුන් මායිමකට ගත්තෙ නෑ. එහෙම සෞඛ්‍ය නීතිරීති කඩකරපු අය දැන් සෞඛ්‍ය ගැන කතා කරනවා. දැන් අපි එහි ප්‍රතිඵල අත්විඳීනවා. මේ කොවිඩ් හතරවෙනි රැල්ලට සම්පූර්ණයෙන් වග කියන්න ඕනේ විපක්ෂයයි.

රට නැවත වරක් සම්පූර්ණයෙන්ම වසා දැමීම නිසා දෛනික වැටුප් ලබන ජනතාවට ඉතා අමාරු තත්වයක් ඇති වෙලා තියෙනවා. අපි ක්‍රමානුකූලව ආර්ථිකය වැටෙන්න නොදී තියාගෙන යනවා. අපිට මෙසේ දිගින් දිගටම රට වසා දැමීමට බෑ. රට මේ විදිහට වසා දැම්මොත් කර්මාන්ත ව්‍යාපාර බිද වැටෙනවා. ආර්ථිය බිද වැටුණම ඔය කියන විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණේ උපදෙස් දෙන්න එන ඔස්තාර්ලා පැත්ත පළාතක නෑ.කතාව විතරයි විපක්ෂයේ.

අද ලෝකයේ බොහෝ රටවල් මේ වෙද්දි විවෘත කරලා තියෙන්නේ. එම නිසා අපි රට වහගෙන ඉඳලා හරියන්නේ නැහැ. අපි කල යුත්තේ එන්නත්කරණය දීප ව්‍යාප්තව ජනතාවට ලබාදීමයි. එහෙම නැතුව රට සම්පූර්ණයෙන්ම වසා දැමීම නොවේ’

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

23,330 views

31 Comments to “‘පසුගියදා ජනාධිපති කල කතාව මෙතෙක් ජනාධිපතිවරයකු කල විශිෂ්ටතම කතාවක්…”

  1. Citizen says:

    This is fast becoming ridiculous…

  2. Crazy says:

    ඉන්දියාවේ කුඹුරු මහා විශාලයි අපට හිතාගන්නවත් බැරි තරම්. මේවගේ අයිතිකාරයෝ ළඟ වැඩ කරන මිනිස්සු එහෙම පවුල් වෙලා ඒ අවට අතු පැල් වල ජීවත් වෙන්නේ. ඒ අය ලව්වම තමයි අයිතිකාරයෝ ගොයම් පරිස්සම් කරන්නේ. ඒත් වී ඇටයක් වත් අයිතිකාරයෝ ඒ මිනිස්සුන්ට දෙන්නේ නැහැ. උන් ඉතින් පොඩි දෙයකින් එදාවේල පිරිමහන් හාම්පුතාට සරි කරලා දෙනවා. උන්ගේ ළමයිනුත් එහෙමයි. උන්ට අපරාදෙනේ උඹල මෙහෙම කරන්නේ නැතුව ඇයි වෙන රස්සාවක් කරන්න බැරි කියල ඇහුවොත් එහෙම කියන එකාට ගුටි කන්න වෙන සයිස් එකක් තියෙන්නේ. උන්ට සල්ලි අතට දෙන්නෙත් නැහැ. ඒවා පොලවට දානවා අහුලා ගන්න. ඒත් උන් මාරම ගැතියි ඉඩම් හිමියාට. මම මේ කියන්නේ බොරු නම් හොයල බලන්න. ඉතින් බයියන්ට ඇත්ත තේරුම් කරන්න මහන්සි වෙන්න එපා. ඇස් පනාපිට පෙනෙන සත්‍ය තේරුම්ගන්න තමන්ට පුළුවන් වෙච්ච එකට සතුටු වෙන්න. එහෙම දකින්න පුළුවන් අතලොස්සට ඔබතුම ඉන්නවා. ඉතින් අපියි උනුයි දෙගොල්ලොම නිසා මේක අදටත් ලංකාව. ඉක්මනට තමන්ට ලැබිච්ච පාස්පෝර්ට් එක ප්‍රයෝජනයට අරන් මීට වැඩ හොඳ රටකට යන්න. බයියන්ව මේකෙම තනිකරලා මේක බයින්කාව වෙන්න අරින්න. මේකේ උන් මොනවද නොකළේ? සිතියම් පට කළා. ජාතික ගීතය වැඩි භාෂාවෙන් ලිව්වා. මිරිස් කරල් fb ප්රෝෆයිල් වල දැම්ම. හැමතැනම ජාතිවාදය ඇවිස්සුවා. වඳ කොත්තු කිව්වා. උන්ට අනුව තව අවුරුදු තුනකින් මේ රට බේරගන්න අන්තිම අවස්ථාවක් එන්නේ. අඩු ගන්නේ 2010 ඉඳන් ඒ වගේ අවස්ථා 3ක් මම පහු කලා. ඒ නිසා තව වෙලා නොගෙන මම අර කියපු පාස්පෝර්ට් එකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න…

  3. බයිසන් says:

    එතකොට එතුමා මීට ඉස්සර කරපු කතා අජූතයිද?. ගොනෙක් වුනාට තප්පුලන්න එපා. එතකොට ජන්මෙ එළිවෙනවා.

  4. වෙල් ෆැන්ටා මුදලාලි says:

    මේ මිනිහා පෙරන අරක්කු අන්තිමයි… කවුරුත් බොන්නෙපා මුගෙ කොම්පැණියේ එව්වා.. ජරාව.. මතක් වෙද්දිත් ඊයා හිතෙනවා.. ෂික්

  5. චන්ද දායක says:

    මම ප්‍රතිපත්තියක් හැටියට කුණුහරුප කියන්නෙ නැහැ .

  6. lakmal says:

    ජොන්ස්ටන් කියන වහලා විසින් අනෙකුත් වහලුන්ගේ සිත් සතුටු කිරීමටත් , සිත් රවටා ගැනීමටත් නිකුත් කල වචන පඩන්ගුවකි..උ හිතන්නේ අනික් මිනිස්සුත් උ වගේම 2 පන්තිය විතරක් පාස් ඇති කියල.

  7. saman says:

    කතා කර කර සිටීම ඉතාමත් හොදයි.

  8. LalithM says:

    ජේ ආර් රජ කාලේ හිටිය නියම පොරක්. ඒ ජේ ආර්. සෙරෙප්පු සුප් කාරයා. එයත් මේ වගේ කතාව. ඒ වුනාට මේ වගේ මාටියා පොරක් නොවේ.

  9. බයියා says:

    රට හැදීමට නම් ජෙප්පන් වඳ කිරීම කල යුතුම දෙයකි.

  10. Be united says:

    කතාව වැඩක් නැහැ ජනාධිපති තුමනි, යුද්ධය කලා වගෙ රටෙ යහපතට ප්‍රයොගිකව වැඩ කරන්න.

Main News