පසුගිය අවුරුදු තුන තුළ රැකියා ලක්ෂ හතරක් අලුතෙන් බිහි වුනා.. හාල්-පොල් මිල වැඩිවුනේ නියගය නිසා..

January 22, 2018 at 6:31 am | lanka C news
පසුගිය අවුරුදු තුන තුළ රැකියා ලක්ෂ හතරක් අලුතෙන් බිහි වුනා.. හාල්-පොල් මිල වැඩිවුනේ නියගය නිසා..

විනයක් ඇතිව දුෂණ වලට පටලැවෙන්නේ නැතිව අපි ඉදිරිපත් කරන අපේක්ෂකයින් ජයග්‍රහණයෙන් පසු ක්‍රියාකරන්න ඕන.එහෙම නොවුනොත් තරාතිරම නොබලා ක්‍රියාකර පක්ෂයෙන් විනය ක්‍රියාමාර්ග අරගෙන නෙරපන්න ක්‍රියා කරනවා යැයි නීතිය සාමය දක්ෂිණ සංවර්ධන අමාත්‍ය අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ඉදිරි ප්‍රාදේශීය සභා මැතිවරණය ඉලක්ක කර කොටපොල බෝදෙණිය ප්‍රදේශයේ පවතී එක්සත් ජාතික පක්ෂ ජන රැළියක් අමතමින් ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ  සාගල රත්නායක මහතා,ගමේ ආණ්ඩුවේ වැදගත්කම අපට පසුගිය අවුරුදු තුනේදී තදින් දැනුණා.එකයි අපහසුත රැසක් මධ්‍යයේ මැතිවරණය ඉක්මනින් පැවැත්විය යුතුයි යන ස්ථාවරයේ එක්සත් ජාතික පක්ෂය හිටියේ.අපට අවශ්‍ය වුනේ මැතිවරණයක් පවත්වලා ගමේ ආණ්ඩුව බිහිකරගෙන අපේ රජයේ වැඩකටයුතු වේගවත් කරන්න.පිළවෙලකට ගම ගෙන්න.අපි ඉදිරිපත් කල කණ්ඩායම හොඳ කණ්ඩායමක්.අපේ කණ්ඩායමේ ස්ත්‍රී දුෂකයෝ,හොරු නෑ.ගුරුවරු දැනගස්සවපු ය නැහැ.ගුරුවරු නම් ඉන්නවා.කන්‍යාවියන් දුෂණය කරලා පාටි දාන අය අපේ ලැයිස්තුවේ නෑ.එහෙම අය පහුගිය කාලේ හිටියා අලපු වැටේ.එක කරලා පාටියකුත් දානවා එක සමරන්න.ඒ වගේම රාජ්‍ය සේවකයෝ ගස් බඳින ය නැහැ.ආණ්ඩුවේ රැකියා කරන ගමට සේවයක් කරන සමිති සමාගම්වල නිලතල දරපු  අය ගමේ පය ගහල ඉන්න වැඩක් කරන්න පුළුවන් අය සමාජයේ වැඩ කටයුතු කරලා පන්නරය ලබපු හොඳ පිරිසක් අපි ඉදිරිපත් කරලා තියෙන්නේ.ඒ කණ්ඩායම මන්ත්‍රීවරු වුනාට පස්සේ ඒ විදියටම හැසිරෙන්න ඕන.විනයක් ඇතිව දුෂණ වලට පැටලෙන්නේ නැතිව ඒ විදියටම ගමට සේවය කරන්න ඕන.

අපි ගමට වැඩ කරන්න ඕන.රටට වැඩ කරන්න ඕන.අවුරුදු තුනක් අපි ආණ්ඩුව කරගෙන ඇවිත් තියෙනවා.ඉන් වසර දෙකක්ම මම මන්ත්‍රී හැටියට වැඩ කරලා තියෙනවා.ඒ කාල සීමාව පහසු කාල සීමාවක් වුනේ නෑ.ණය බරින් මිරිකිලා හොඳ උගුලකට අහුවෙලා හිටියේ.ඒ කාලයේ බඩු මිල නිතර නිතර වැඩි වුනා.ප්‍රාදේශීය සභා මැතිවරණය එනකොට බඩු මිල අඩු වෙනවා.අවසන් වුනාට පස්සේ වැඩි වෙනවා.ආයෙත් පළාත් සභා මැතිවරණය එනකොට බඩු මිල අඩුවෙනවා.අවසන් වුනාට පස්සේ වැඩිවෙනවා.මේ විධියට ජනතාව රවට රවටා පසුගිය ආණ්ඩු කරගෙන ආවා.ඒ වගේම සංවර්ධනය කළා.ටික කාලෙකින් ඒවා හේදිලා ගියා.හොඳ වෙලාවට මේ පාර හදල තිබුනේ නැත්තේ.හදල තිබුනනම් කැලි කැලි ගැලවිලා ගිහිල්ලා පාරේ.අපිට වැඩ පටන් ගන්න වෙන්නේ ඉස්සර තිබුණ කොන්ක්‍රීට් කැලි අයින් කරලා.ඊයේ මම ගියා කැටවල.ඒ පාරේ කොන්ක්‍රීට් දාලා.නමුත් ඒ පාරේ යන්න බැහැ කොන්ක්‍රීට් ගැලවිලා. තිබුනටත් වඩා දරුණුයි.ඒ කාලේ තිබුණු සංවර්ධනය එහෙමයි.මේ ටික කරන්න විශාල ණය ප්‍රමාණයක් ගත්තා.අවසානයේ පාරත් නෑ.වරායට නැව් එන්නෙත් නෑ.ඒ ණය ගෙවන්න හැමදාම බදු එකතු කල නිසයි බඩු මිළ වැඩි වුනේ.අපි ඇවිත් අවුරුදු තුනක් වෙනවා.අපි එදා බදු මිළ අඩුකළා.තෙල් මිළ අඩු කළා.ගෑස්‌  මිළ  අඩු කළා.සීනි,පිටි,පරිප්පු,හාල්මැස්සෝ මේ වගේ ජීවත්වෙන්න අවශ්‍ය අත්‍යවශ්‍ය බදු මිළ අඩු කළා.

මැතිවරණයක් පැවැත්වුවා.හැමෝම කිව්වා ඕක ඉවර වෙනකොට බඩු මිළ වැඩිවෙයි කියලා.එත් බඩු  මිළ  වැඩි වුනේ නෑ.අවුරුදු තුනක් වෙනවා මේ මැතිවරණය වෙනකොට බඩු මිල වැඩි වුනේ නෑ.මේ මැතිවරණය එනකොට බඩු මිළ  අපි වැඩි කලේ නෑ.හාල් මිලයි පොල් මිලයි වැඩි වුනා නියඟයක් ආපු නිසා.එකත් අපි ඉක්මනින් කටයුතු කරාලා හාල් මිළ පාලනය කරගෙන තියෙනවා.පොල් මිලත් ළඟදීම පාලනය කරනවා.නමුත් අලුතෙන් බදු එකතුවීමක් නෑ.ඒ නිසා ආනයන කරන කිසි දෙයක බදු වැඩිවීමක් සිද්ද වෙන්නේ නෑ.ස්ථාවරව තියෙනවා.අපිට ඕන එතනින් එහාට යන්න.බඩුමිල පාලනය කරන්න.තමුන්නාන්සේලාගේ බඩුමිල පාලනය කරන්න.ආර්ථිකය දියුණු කරන්න ඕන.තරුණ අයට රැකියා ඕන.මේ ආණ්ඩුව ඇවිත් පසුගිය අවුරුදු තුනට රැකියා ලක්ෂ හතරක් බිහි කරලා තියෙනවා.අපේ තරුණ ය බොහෝ වෙලාවට බලාපොරොත්තු වෙන්නේ රජයේ රැකියා.මේ අවුරුදු තුනට පුද්ගලික අංශයේ රැකියා ලක්ෂ හතරක් බිහි වෙලා තියෙනවා.

හම්බන්තොට වරාය ණය උගුලෙන් බේරන්න අපි එතන කර්මාන්ත පුරයක් ඇති කරන කොට ඒ කර්මාන්ත පුරයට කර්මාන්ත ඇවිත් නිෂ්පාදන කරලා විදේශ රටවලට අපනයන කරන කොට එතන රැකියා බිහි වෙනවා.කර්මාන්ත පුර බිහි වෙනවා.වරයට නැව් එන හින්දා වරාය දියුණු වෙනවා.රටට අදායම් එනවා.ඒ හේතුවෙන් අපේ රටේ ආර්ථිකය දියුණු වෙනවා.එතකොට පාරවල් හදන්න තමුන්නාන්සේලාගෙන් බදු එකතු කරන්න අවශ්‍ය නෑ.ගම්මාන දැන් වේගයෙන් දියුණු වෙනවා.ඉදිරියේදී තවත් වේගවත් වෙයි.අපේ රජය කර්මාන්තපුර බොහොමයක් බිහි කරනවා.මතුගම,බිංගිරිය,වැලිගම ඉන් කිහිපයක්.සංචාරක කර්මාන්තය වේගයෙන් දියුණු වෙනවා.මේ රටේ සංචාරකයින්ට තියෙන ආරක්‍ෂිතභාවය හේතුවෙන්.යුද්දය අවසන් වුනාම අපි හිතුවේ සංචාරකයෝ විශාල ප්‍රමාණයක් ඒවි කියලා.නමුත් පැමිණියේ නෑ.ආරක්ෂාව තිබුනේ නැහැ.තංගල්ලේ ප්‍රාදේශීය සභා සභාපතිතුමා සංචාරකයෙක් මැරුවා.පස්සේ නෝනා ධුෂණය කළා.මෙවැනි දේවල් සිදුවෙනකොට සංචාරකයෝ ලංකාවට ඒවිද?..අද සංචාරකයින්ට ආරක්ෂිත තත්වයක් රටේ තියෙන්නේ.ගැටළුවක් සිදු උනොත් නීතිය හරියට ක්‍රියාත්මක කරනවා.ඒ නිසා සංචාරකයෝ ලංකාවට එන්න පටන් අරගෙන.

මේ දෙනියාය ආශ්‍රිතව අපි සංචාරක වැඩ සටහන දියුණු කරන්න තව දුරටත් කටයුතු කරනවා.අපේ රටේ  තියෙනවා රට දියුණු කරන්න.පෝට්සිටිය සංවර්ධනය වෙද්දී ආර්ථික දියුණුවක් ඇතිවෙනවා.ඒ වගේ අපි සංචාරක කර්මාන්තය රට පුරා දියුණු කරනවා.ත්‍රීකුණාමලය වරාය ආශ්‍රිතව නැගෙනහිර පළාතේ සංචාරකවැඩසටහන දකුණේ සංචාරක වැඩසටහන වෙරළෙන් ඔබ්බට ගෙන ගොස් සිංහරාජය වැනි ප්‍රදේශ වලට ගෙනයනවා.

මේ ඔක්කොම දියුණු වෙද්දී අපේ ආර්ථිකය දියුණු වෙනවා.රැකියා ඇතිවෙනවා.ඒ ආශ්‍රිත කර්මාන්ත දියුණු වෙනවා.ජනතාවට බොහෝ අවස්ථා ඇති වෙනවා.ඒ වගේම ආර්ථිකය ගොඩ නැගෙනවා. ඒ තැනට තමයි අපි රට ගෙනියන්නේ.ඒ ගානේ එක පියවරක් තමයි ගම දියුණු කරන එක.මාර්ග,පාලම,බෝක්කු,විදුලිය ,ජලය,රැකියා අවස්ථා ලබා දීලා ඒ ටික කරන්න ගමේ බලය අපට දෙන්න යනුවෙන් පැවසීය.

– මොරවක ප්‍රියංකර  ගමගේ

64 views

5 Comments to “පසුගිය අවුරුදු තුන තුළ රැකියා ලක්ෂ හතරක් අලුතෙන් බිහි වුනා.. හාල්-පොල් මිල වැඩිවුනේ නියගය නිසා..”

  1. PISSU PUSHA says:

    DAWALDA ?

  2. Lapaya says:

    මහා බැංකු කොල්ලය ගැනත් ටිකක් කියා පන්කෝ ගල් පැලෙන බොරු විතරක් නොකිය,

  3. Kolitha says:

    Laabeta ganna puluwan car eka motor bike eka free Wi fi amathaka unada…..

  4. Ga says:

    Obage dasanava lankave apatada?
    Oba heenen nagitapu gaman da?

  5. nalin says:

    He is not even a senior in the party. Lost the elections consecutively until 2015 August. As soon as he got elected as last from the Matara District he got a Cabinet Post as well. Not only that, he got serious portfolios as well. UNP never had these kind of weak people compared to the greats of Lalith Athulathmudali, Gamini Dissanayake, Ranjan Wijewardana, and list goes on. Disgrace even to listen to these kind of back door invaders

Main News