පසුගිය පාලනයට වඩා අද සියළුම භාන්ඩ මිල අඩුයි.. කාර් පවා ලාබයි.. කිසිවක මිල වැඩි වී නෑ..- අමරවීර

September 3, 2018 at 3:50 pm | lanka C news
පසුගිය පාලනයට වඩා අද සියළුම භාන්ඩ මිල අඩුයි.. කාර් පවා ලාබයි.. කිසිවක මිල වැඩි වී නෑ..- අමරවීර

අද පවතින මිල ගණන්වලට වඩා පසුගිය ආණ්ඩුව සමයේ 2014 වසරේ සියළු භාණ්ඩවල මිලට වැඩි බව ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

ඇඹිලිපිටියේදී පැවති උත්සව අවස්ථාවකදී ඇමතිවරයා මේ බව පැවසීය.

ඉන්ධන අවස්ථා කිහිපයකදී මිල වැඩි කලත් 2014 මිලට වඩා තවමත් අඩු බවත් ගෑස් මිලද අඩු බවත් ඇමතිවරයා පැවසීය.

පොල්, පරිප්පු, ලූනු වැනි ආහාර ද‍්‍රව්‍යන්ද 2014 ට වඩා මිල අඩු බවද කී ඇමති අමරවීර ‘පුංචි කාර්’ද පසුගිය පාලනයට වඩා මිල අඩු තත්වයක පවතින බවද සදහන් කලේය.

රුපියල බාල්දු වීම මෙරටට පමණක් සිදු වූ දෙයක් නොවන බවත් ලෝකයේ වෙනත් රටවලද මුල්‍ය ඒකක බාල්දු වී ඇති බවත් සෑම රටක්ම එම අර්බුදයට මුහුණ දී ඇතැයිද ඔහු පැවසීය.

340 views
Main News