පසුගිය මැතිවරණවලදී රැවුලටත් ඡන්දය දුන්නා.. මෙවර ගෝටාභයට ගැලපෙන මිනිසුන් පාර්ලිමේන්තු යවන්න..

June 29, 2020 at 6:48 pm | lanka C news
පසුගිය මැතිවරණවලදී රැවුලටත් ඡන්දය දුන්නා.. මෙවර ගෝටාභයට ගැලපෙන මිනිසුන් පාර්ලිමේන්තු යවන්න..

මේ මැතිවරණ ක්‍රමය තුළ අද විපක්ෂයක් නෑ රටට ප්‍රබල විපක්ෂයක් අවශ්‍යයි අද එක්සත් ජාතික පක්ෂය කැඩිලා බිඳිලා ගිහින් දියවෙලා ගිහින් තියෙනවා මේ තරම් වටිනා දේශපාලන පක්ෂයක් එහි නායකයෝ විසින් විනාශ කරලා තියෙනවා යැයි හිටපු තොරතුරු සහ සන්නිවේදන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය .

ඒ මහතා මෙම අදහස් කියා සිටියේ 28 දින වැලිගම බටවල පෙදෙසේ පැවැති ජනහමුවට එක්වෙමිනි.

අමාත්‍යවරයා තවදුරටත් මෙසේද පැවැසීය.

අද අවශ්‍ය වෙලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතාට ගැලපෙන පාර්ලිමේන්තුවක් එතුමාගේ චින්තනය සමඟ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අවශ්‍යයි ඔළු ගෙඩි දෙසිය විසිපහක් මේ පාර්ලිමේන්තුවේ අවශ්‍ය නෑ , පසුගිය ඉතිහාසය ඔබ සැම එය දැක්කා. පසුගිය පාර්ලිමේන්තුව තුළ ඔවුන් ගේ හැසිරීම තුළ 225 දෙනාම නැති වුණත් කමක් නෑ කියලා ජනතාව අතර මතයක් ගොඩ නැඟුණ මන්ත්‍රීවරුන්ගේ වගකීම හරි හැටි ඉෂ්ට නොකළ නිසා. අපි මහජන නියෝජිතයෝ පත් කරන්න කරුණු දෙකක් මත ඡන්දදායකයන්ගේ පුද්ගලික අවශ්‍යතා මත ඡන්ද දායකයන්ගේ පොදු අවශ්‍යතා මත ඒ අරමුණ වූ මන්ත්‍රීවරු මඟින් ඉටු වෙන්නේ නැත්නම් ජාතික වගකීම ඉෂ්ට වෙන්නේ නැත්නම් ඒ මන්ත්‍රීවරු පමණක් නොවේ මන්ත්‍රී මණ්ඩලයම ගැන ජනතාව කලකිරෙනවා.

පසුගිය පාර්ලිමේන්තුවේ ගහ ගත්තා බැන ගත්තා රණ්ඩු වුණා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දොළොස් දෙනෙක් බන්ධනාගාර ගත වුණා ඒ පිළිබඳව ජනතාව අතර කලකිරීමක් ඇති වුණා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පත් කිරීමේදී ඔබට නිදහසක් තියෙනවා ගෝඨාභය මහතා පත් කරපු ආකාරයට හිතුවොත් දර්ශනයක් වැඩපිළිවෙළක් ඇති මිනිසුන් මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඔන මතයක් ආවොත් මේ රට අපි නොසිතන ආකාරයට දියුණුවට පත් වෙන්න පුළුවන්

අද අපි විශාල අභියෝගයක ඉන්නේ ආර්ථිකයට ආපු සල්ලි වාර තුනක් නැවතිලා සංචාරක ව්‍යාපාරයේ සල්ලි නැවතිලා ඇඟලුම් ක්ෂේත්‍රය තමයි හොඳටම තිබුණේ ඇඟලුම් ගන්නෙ යුරෝපයේ කොරෝනා බියෙන් යුරෝපය බියට පත් වෙලා ඒ නිසා ඇඟලුම් නෑ විදේශ රැකියා ඉතාලි කොරියා මැද පෙරදිග එහි අනාරක්ෂිත බවත් ඇතිවෙලා එහෙ ඉන්න අය නැවත ලංකාවට එන්න පටන් අරන් තියෙනවා ඒ ආදායම අපිට නැති වෙලා තියෙනවා ආදායම් මාර්ග තුනක් නැතිවෙනකොට මේ රටේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන් සැලසුම් සහිත නායකයෝ සහ පාර්ලිමේන්තුවක්. ඔළු ගෙඩි වලින් පමණක් ප්‍රශ්න විසඳන්න බෑ.

ඡන්ද දායකයන්ට වගකීමක් තියෙනවා ගෝඨාභය මහතා ජනාධිපති ලෙස පත් කරලා ඔබේ යුතුකම ඉටු කළා නම් පාර්ලිමේන්තුවට වටිනා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පත් කරන්න ඔබට බැරි කමක් නෑ එය ඉතාමත් වැදගත්. මේ සමාජය පසුගිය මැතිවරණවලදී පුද්ගලයන්ගේ රැවුලටත් ඡන්දය දුන්නා. සමහරු කවුරු හෝ තුන් දෙනෙකුට ඡන්දෙ දුන්නා. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ පාර්ලිමේන්තු ක්‍රමය අවශ්‍යයි. පාර්ලිමේන්තු ක්‍රමය නැති ප්‍රජාතන්ත්‍රවාදයේ වැඩක් නෑ. පාර්ලිමේන්තු ක්‍රමය නැති තැන ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යයි.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ඉදිරියට යන්න ඒකට ගැලපෙන මහජන නියෝජිතයෝ අවශ්‍ය තාවයක් තියෙනව මේ මැතිවරණය වෙනදට වඩා බුද්ධිමත්ව ඡන්දය භාවිතා කළ යුතුව තියෙනවා මහමැතිවරණය මේ මැතිවරණ ක්‍රමය තුළ විපක්ෂයක් නෑ රටට ප්‍රබල විපක්ෂයක් අවශ්‍යයි අද එජාපය කැඩිලා බිඳිලා ගිහින් දිය වෙලා ගිහින් වටිනා දේශපාලන පක්ෂයක් එහි නායකයෝ එම පක්ෂය විනාශ කරලා තියෙනවා යැයි අමාත්‍යවරයා කියා සිටියේ ය

– midea unit

3 views

14 Comments to “පසුගිය මැතිවරණවලදී රැවුලටත් ඡන්දය දුන්නා.. මෙවර ගෝටාභයට ගැලපෙන මිනිසුන් පාර්ලිමේන්තු යවන්න..”

  1. Asoka Liyanage says:

    ගොටභයට නොගැලපෙන කටුස්සෙක් ලක්ෂ්මන් යාපා . ගෙදර යවමු.

  2. Hirugal Bandara says:

    Yes Yes we need couple of Madush boys at the Parliament!!!

    Let send this bugger and Niroshan so Madush got a voice.

Main News