පසුගිය මිල වැඩිකිරීම් 04දීම මිල සුත‍්‍රය වැරදයි.. හරි කියා ඔප්පු කලොත් සංඛ්‍යානය ඉගැන්වීම අතහරිනවා..- පේරාදෙණි සරසවියේ සංඛ්‍යන මහාචාර්වරයා අභියෝග කරයි..[Video]

October 21, 2018 at 3:22 am | lanka C news
පසුගිය මිල වැඩිකිරීම් 04දීම මිල සුත‍්‍රය වැරදයි.. හරි කියා ඔප්පු කලොත් සංඛ්‍යානය ඉගැන්වීම අතහරිනවා..- පේරාදෙණි සරසවියේ සංඛ්‍යන මහාචාර්වරයා අභියෝග කරයි..[Video]

පසුගිය ඉන්ධන මිල වැඩකිරීම් අවස්ථා 04 හා ආදේශ කර බලද්දී දැනට ප‍්‍රසිද්ද කර ඇති මිල සුත‍්‍රයට කිසිසේත්ම ගැලපීමක් නැති බව පේරාදේණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රංජත් පේ‍්‍රමලාල්ද සිල්වා මහතා පවසයි.

හදුන්වා දී ඇති සුත‍්‍රයෙන් කර ඇත්තේ අවසන් මිල ගෙන පසුපසට ගණනය කර කිසියම් අගයන් ටිකක් පෙන්වීම පමණක් බවත් මෙය ජනතාවට ඇස්බැන්දුමක් පමණක් බවත් ඔහු පෙන්වා දෙයි.

ඔහු අභියෝග කරන්නේ සැබෑ මිල සුත‍්‍රයක් ඉදිරිපත් කලහොත් තමන් සංඛ්‍යන විද්‍යාව ඉගැන්වීමෙන් පමණක් නොව විශ්ව විද්‍යාලයේ ඉගැන්වීමෙන්ම ඉවත් වන බවත්ය.

22 views

6 Comments to “පසුගිය මිල වැඩිකිරීම් 04දීම මිල සුත‍්‍රය වැරදයි.. හරි කියා ඔප්පු කලොත් සංඛ්‍යානය ඉගැන්වීම අතහරිනවා..- පේරාදෙණි සරසවියේ සංඛ්‍යන මහාචාර්වරයා අභියෝග කරයි..[Video]”

  1. බබා says:

    මේ උගත්තු පොතේ උගත්තු විතරයි. හැමදාම ගිරව් වගේ එකම දේ වමාරනවා. පර්යේෂණ පත්‍රිකා කිසිම දෙයක් නෑ.පහුගිය අවුරුදු ගාන පුරාම රටට කරපු දේ මොකද්ද? මහාචාර්ය කෙනෙක් කියන්නෙ ගිරවා වගේ එකම දේ වමාරන කෙනෙකුට වඩා රටට වැඩක් කරන කෙනෙකුට. හැබැයි තමන්ගෙ තනතුර පාවිච්චිකරල කඩේ යන වැඩනම් කරනවා.

  2. Ariyathilaka says:

    මේ රටේ බහුතර ජනතාව ශුද්ධ ගණිතය. ව්‍යවහාරික ගණිතය දන්නේ නෑ. මිළ සූත්‍රය සත්‍යය වුවත් ගණනය කිරීම, ගැඹුරු ගණිත කර්ම නොදන්නේ නම් අසීරු ය.. මිළ සූත්‍රය අසත්‍ය නම් කිසිවෙකුටත් ගණනය කළ නොහැක. බොරු මිළ සූත්‍රයක් ඉදිරිපත් කර සමස්ත රටේ ජනතාව රවටා ඇත. එය ජනතාවගේ මුදල් වංචා කිරිමකි. මාහාචාර්‍යය තුමා විසින් කර ඇති අභියෝගය රටේ මහජනතාව වෙනුවෙන් කර ඇත.එයට ප්‍රණාමය.

  3. Sara says:

    උගත් මුදල් ඇමතිටත් තේරෙන්නෙ නෑ කියල එයාම කියපු මිල සූත්තරේ මරි මැටි හරක් බබෙකුට තේරෙන්නෙ කොහොමද හලෝ. 2015 ෆ්රී වයි ෆයි, සල්ලි සාක්කු, අඩුවට කාර් දෙනව කියල මගේ චන්දෙත් කොල්ල කාල ඇවිත් අපේ සල්ලි ටිකටත් කෙලිනවා.

  4. indunil says:

    aththa eliyata

Main News