පසුපෙල මන්ත‍්‍රීන්ට අධීක්‍ෂණ මන්ත‍්‍රී ධුර

July 17, 2021 at 4:40 pm | lanka C news
පසුපෙල මන්ත‍්‍රීන්ට අධීක්‍ෂණ මන්ත‍්‍රී ධුර

ආණ්ඩු පක්ෂයේ තනතුරු මෙතෙක් ලබා දී නොමැති මන්ත්‍රීවරුන් සඳහා අධීක්ෂණ මන්ත්‍රී ධුර ලබාදීමට අවධානය යොමුව ඇතැයි රජයේ ආරංචි මාර්ග කියා සිටී.

කැබිනට් හෝ රාජ්‍ය අමාත්‍යාංශ වල අධීක්ෂණ මන්ත්‍රී වරු ලෙස නොව රජය මගින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති අධීක්ෂණය සඳහා මෙම අධීක්ෂණ මන්ත්‍රීවරුන් පත් කරනු ඇතැයි ද වාර්තා වෙයි.

එම මන්ත‍්‍රීවරුන් නියෝජනය කරන දිස්ත්‍රික් වලම අධීක්ෂණ මන්ත්‍රී වරු ලෙස ද ඔවුන් පත් කිරීමට යෝජිතය ඒ අනුව මෙම අධීක්ෂණ මන්ත්‍රීවරුන් පත් කිරීම නුදුරේ දීම සිදු ඇතැයිද වාර්තා වෙයි

11,845 views

4 Comments to “පසුපෙල මන්ත‍්‍රීන්ට අධීක්‍ෂණ මන්ත‍්‍රී ධුර”

  1. Upul says:

    There should be some end to this non stoppable stupidity of the government.

  2. ගිජුලිහිණි සංදේශය says:

    එක රඟ මඩලකිය රට අද අපි දකින
    නෙක විද නළුවෝය එහි එළිපිට රඟන
    අසරණ මිනිසුන්ට කැඳ නැත, බඩගින්න
    සැක බිය දැනේ හෙට උදයට නැගිටින්න

  3. මැදමුලනෙ මුත්තා says:

    බලාගෙන ගියාම මුං කොරන්නෙත් ආර්.ප්‍රේමදාසගෙ ක්‍රමෙිමයි. දෝෂාභියෝගය ආවා, ඔක්කොටම අධීක්ෂණ මන්ත්‍රීකමි දුන්නා. මුං දෝෂාභියෝගයක් එයි කියල බයටද කොහෙද කලින්ම අධීක්ෂණ මමන්ත්‍රීධූර දෙනවා. වාහන ඉන්ධන සමග ලක්ෂ ගණනක මාසික දීමනාවක්. හරි, හරි ඔහොමම පලයල්ලා.

  4. බන්ඩා says:

    ලංකාවෙ මංත්‍රීලට පැනලා දුවලා වැඩ කරන්න පුදුම ගායක් තියෙන්නෙ.

Main News