පසුවන එක්දින තරගය අදයි.. හතුරුසිංහත් අදින් අවසන්..

March 16, 2019 at 4:40 pm | lanka C news
පසුවන එක්දින තරගය අදයි.. හතුරුසිංහත් අදින් අවසන්..

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප‍්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන පස්වන හා අවසන් එක්දින තරගය අද පැවැත්වෙයි.

දිවා රාත‍්‍රි තරගයක් ලෙස මෙය පැවැත්වෙන්නේ කේප්ටවුන්හිදීය.

මීට පෙර පැවති තරග 04 ම පරාජයට පත් වූ ශ‍්‍රී ලංකාව මේ වන විටත් තරගාවලියම පරාජයට පත්ව සිටී.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරන්නේ කණ්ඩායමේ පුහුනුකරු චන්දික හතුරුසිංහ මෙම තරගයෙන් පසුව ධුරයෙන් ඉවත් කෙරෙනු ඇති බවයි. මෙම තරගයෙන් අනතුරුව පුහුණුකරු හතුරුසිංහ වහාම කොළඹ කැදවා තිබේ.

ලකුණු පුවරුව මෙතනින්..

104 views
Main News