‘පහනට තෙල් ව්‍යාපාරය’ට පොහොට්ටු මන්ත‍්‍රී පිරිසක් පහර දී පන්නා දමති….

April 6, 2021 at 2:10 pm | lanka C news
‘පහනට තෙල් ව්‍යාපාරය’ට පොහොට්ටු මන්ත‍්‍රී පිරිසක් පහර දී පන්නා දමති….

අම්බලන්ගොඩ ප‍්‍රාදේහීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ග්‍රේෂන් කෙරමිණියගේ මහතා විසින් බටපොල නගරයේ දී පැවති විරෝධතාවකට එම ප‍්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේම මන්ත්‍රීවරුන් විරෝධතාවයක් එල්ල කළේය.

මැර ක්‍රියා එම ප්‍රදේශයේ පවතින බව පවසමින් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් විරෝධතාවය පවත්වද්දී පොදුජන පෙරමුණේ වෙනත් මන්ත්‍රීවරුන් පිරිසක් පැමිණ එම විරෝධතාවට පහර දී ඔවුන් එතැනින් එළවා දැමුහ.

මහින්ද රාජපක්ෂ මහතාගෙන් නම කැප කරන්න එපා යැයි සෙසු මන්ත‍්‍රීවරුන් ඔහුට බැණ වැදුණහ.

ගේ‍්‍රෂන් කෙරමිනිය ගේ මහතා පහනට තෙල් ව්‍යාපාරයේ නිර්මාතෘ වරයා වන අතර ඔහු පවසන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෝවාන් මාර්ගඵලලාභියෙකු බවත් ඔහුගේ මෑණියන් රුවන්මැලි සෑයට අධිපති දේවතාවියක් බවත්ය.

37,233 views

10 Comments to “‘පහනට තෙල් ව්‍යාපාරය’ට පොහොට්ටු මන්ත‍්‍රී පිරිසක් පහර දී පන්නා දමති….”

  1. Neo says:

    මොනවා උනත් මන්ගල ගෙදර ඉදන් වැඩ, කිලී මහාරාජා and USAID එක්ක. ලොවෙත් නැති regime change program එකක් මේ සැරේ යන්නේ.

  2. senalika says:

    මුන් ඔක්කොටම පිස්සු

  3. කුඹුක්කණ් says:

    දැන් බලහල්ලකො, පොහොට්ටු වෙ උන් ගෝඨාභය ගැන බොරු පුරාජේරු කියවන තෙල් කාරයට ගහලා එලවනවා.

    අර පුංචි අම්මගෙ අනුරයා සමාජවාදියෙක් කියල පුරාජේරු කියවන උන්ට ගහලා එලවන්නෙ එක ජෙප්පෙක් වත් නෑනෙ
    උන් ඒක තාම පිලිගන්නවද, දන්නෑ

    • ශිරාන් says:

      තෙල් කරයන්ට නම් ගහන එක ගේමක් නෑ.
      ඒත් අයිතිකාරයන් නැති මල්වානේ මාලිගා හදපු උන්ට ගහලා එලවන්න එකෙක්වත් නෑ

  4. Saliya says:

    Shuver ekatama Keraminiyage kiyanne mole awul jokiyek wenna ona. Nethnam muuta Maharaja wage deshadrohiyek salli pompa karanawa wenna ona

  5. පහනට ආ යකා ජාතික ව්‍යාපාරය says:

    ඉල්ලගෙන කනවා කියන්නේ ඕක තමා.
    ලොක්ක නටපු තොවිලයුකුත් නැහැ..රටේ කැලෑ වලින් භාගයක් නැහැ..සවුත් නැහැ..බාග්‍යකූ ත් නැහැ..

  6. Piyadasa Yalagala says:

    Nation that very funny situation in country has gone lal of politics. Which is dominated by Lumpen classes of remnants of that right-wing elements encouraging by SBJ of Sajith +UNP of Ranil Wicks.

  7. රාජන් says:

    “ෆෝන් වලට ඩේටා” වගේ ව්‍යාපාරයක් නැද්ද ?

  8. Jagath says:

    බැසිල් ට 2025 වෙනකන් ඉන්න බෑ වගේ.

  9. දේශප්‍රේමී says:

    පොහොට්ටුවේ තෙල් ඉවරවේගෙන එනවා වගේ.

Leave a Comment

Main News