‘පහර දී මරා දමනවා..’ එජාප නියෝජිතට සාමාන්‍යාධිකාරීගෙන් තර්ජන

August 21, 2017 at 6:26 am | lanka C news
‘පහර දී මරා දමනවා..’ එජාප නියෝජිතට සාමාන්‍යාධිකාරීගෙන් තර්ජන

විශ්‍රාමික පාරිතෝෂිත මුදල් නොගෙවීමත් හා විශ්‍රාමික කම්කරුවන් හට මානුෂීය ලෙස නොසැලකීම යන කරුණු කාරනා සම්භන්දයෙන් ඇල්කඩුව වැවිළි සමාගමේ සාමාන්‍යධිකාරී වරයාගෙන් විමසූ බවත්, ඔහු තමන්ට මරණ තර්ජනය කරමින් දින හතක් තුල සියලු ගෙවීම් සිදු කරන බව ප්‍රකාශ බවත්,එසේ ප්‍රකාශ කළ පරිදි මුදල් ගෙවීම් සිදු නොකළහොත් දැවැන්ත උද්ගෝෂණයකින් අනතුරුව වැඩ වර්ජනයකට කම්කරු ජනතාව මෙහෙයවන බව එක්සත් ජාතික පක්‍ෂයේ ද්‍රවිඩ සම්බන්ධීකරණ කටයුතු පිළිබඳ මාතලේ දිස්ත්‍රික් නියෝජිත වේලායුධම් සන්දනම් වීරසිංහම් මහතා පවසයි.

යහපාලන රජය බිහි කීරීමට ද්‍රවිඩ වතු ජනතාව වැඩිම ප්‍රතිශතයකින් තමාගේ නායකත්වය යටතේ එ.ජා.ප. ය සමග මාතලේ දිසාවේදී එක් වූ බවත්,වතු අභ්‍යන්තරයේ තිබෙන වාණිජ වටිනාකමින් විශාල ගස් අලවිකොට විශ්‍රාමික පාරිතෝෂිත ඇතුළු සියළු දීමනා ලබාදන බවට පක්‍ෂය මැතිවරණ පොරොන්දුවක් ලබාදී තිබෙන බවද හේ පසක් කළේය.එත් පසුව එම ගස් සියල්ලම කපා අලවි කොට මුදල් ලබාගත්තද, කම්කරුවන් වෙනුවෙන් වූ මුදල් තැම්පත් කොට නැහැ.මෙවැනි කටයුතු පිළිබඳ සාමාන්‍යධිකාරී වරයාගෙන් විමසූ අවස්ථාවේ මාහට බැනවැදී දින හතක් ඇතුලත නිවාස අධිකාරිය සඳහා වූ මුදල් හා විශ්‍රාමික පාරිතෝෂිත මුදල් ගෙවන බවත්, ගෙවන තෙක් කටපියාගන නොසිටියහොත් පහරදී මරා දමන බවට තර්ජනය කළ බව ප්‍රකාශ කළේය.

මෙම සිද්ධියද පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක් සිදු කොට කම්කරු ජනතාවට සහනයක් ලබා නොදොන්නේ නම් උද්ගෝෂණ හා වර්ජන ක්‍රියාදාමය ආරම්භ කරණ බව විෂය භාර අමාත්‍ය , එ.ජා.ප. මහ ලේකම් කබීර් හෂීම් මහතා වෙත ලිඛිතව ඉදිරිපත් කොට ඇත.

ජීවත්වීමට තරම් අදායමක් නොමැති කම නිසා විශ්‍රාමික දුගී කම්කරුවන් කිහිප දෙනෙක් මන්දපෝෂණය හා ප්‍රමාණවත් රෝගී ප්‍රතිකාරයක්,සත්කාරයක් නොමැති කමින් මේ වනවිටත් මිය ගොස් ඇතැයිද, අවම වශයෙන් ලබාදීමට නියමිත පාරිතෝෂිත මුදලින් අයකර ගන්නා පදනම මත හෝ මොවුනට ජීවත් වීමට අවැසි වියළි අහාර සලාකයක් මාසිකව ලබා දෙන ලෙසද එමගින් යෝජනා කොට ඇත.

මෙම පුවත පිලිබඳ කරුණු අධ්‍යනයක යෙදුනු අපටද මාතලේ දිස්ත්‍රක්කය තුළ විශ්‍රාමික දුගී කම්කරුවන් 300 කට අධික පිරිසක් ඉතා දුක්ඛිත ජීවතයක් ගතකරන බව පසක් විය.ඇතැමෙක් විශ්‍රාම ගොස් වසර දහයකට අසන්න වුවද පාරිතෝෂිත දීමනා ලැබී නොමැති බව තහවුරු විය. මෙය ඉතා කණගාටුදායක තත්වයකි.

“මට කියන මේ චෝදනා සියල්ල මම ප්‍රතික්‍ෂප කරනවා.ඒ පුද්ගලයා නිලධාරියෙකු වන තමාට නොහොබිනා ලෙස කථා කරපු නිසා මමත් බැනවදුන බව සත්ත්‍යක් . එත් දින හතකින් මුදල් ගෙවන බව හෝ මරණ තර්ජනයක් කළේ නම් නැහැ” ඇල්කඩුව වැවිළි සමාගමේ සාමාන්‍යධිකාරී සුරේෂ් නවරත්න මහතා අප කළ විමසීමකදී පැවසීය.

– ඩිලන්ත හෙට්ට්ගේ

48 views

One Comment to “‘පහර දී මරා දමනවා..’ එජාප නියෝජිතට සාමාන්‍යාධිකාරීගෙන් තර්ජන”

  1. Follower says:

    Great Administrator. Our country needs this type of management. Most of the Planters in Sri Lank know who Suresh Navaratam is. You are a great Leader. This is Suresh Navaratnam’s Style. Keep it up Mr Suresh Navaratnam.

Main News