පහලොස් ලක්‍ෂයක මහ ඇපය බදින්න සල්ලි නෑ.. බුද්ධි නිලධාරීන් දෙදෙනා යලි රිමාන්ඞ්..

October 25, 2016 at 8:02 am | lanka C news
පහලොස් ලක්‍ෂයක මහ ඇපය බදින්න සල්ලි නෑ.. බුද්ධි නිලධාරීන් දෙදෙනා යලි රිමාන්ඞ්..

ඊයෙ දිනයේ රුපියල් ලක්‍ෂ 15ක මුදල් ඇප මත මුදා හරින ලෙස අධිකරණය විසින් නියෝග කළඑ එම මුදල ගෙවා ගැනීමට නොහැකි වීම නිසා ප‍්‍රදීප් එක්නැගිගොඩ අතුරුදහන් වීමට අදාල නඩුවේ සැකකාර හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනා නැවතත් රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කර්නල් ශම්මි කුමාරරත්න සහ මාණ්ඩලික සැරයන් ප්‍රියන්ත යන හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනාට මෙසේ ඇප නියම වූ අතර ඇප මුදල් ගෙවීමට නොහැකි වූ නිසා නැවතත් බන්ධනාගාරගත කර ඇත. අදාල නඩුව නැවත කැදවනු ලබන්නේ නොවැම්බර් මස 05 වැනිදායි.

12 views
Main News