පහළම ශ්‍රේණියේ නිළධාරියෙකුගේ එක යෝජනාවකින් අමාත්‍යාංශයක සම්පූර්ණ ගමන් මග වෙනස් වෙයි..
August 28, 2020 at 6:30 am | lanka C news
සියලු අමාත්‍යාංශයන්හී ඉදිරි සංවර්ධන සැලැස්ම මසක් තුළ ජනාධිපතිතුමාට ඉදිරිපත් කල යුතු ඇතැයිද, ඒ සඳහා සියලුම සේවකයන්ගේ අදහස් හා යෝජනා අවධානයට ගන්නා බවද, ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා පවසයි.
තම අමාත්‍යාංශයේ ඉදිරි දිශානතිය වෙනස් කල හැකි සාධණීය යෝජනා සියලු දෙනාට ලබා දිය හැකි බවත්, අත්දැකීම් හා පළපුරුද්ද මත ලබා දෙන ඵලදායි යෝජනා ක්‍රියාවට නංවන බවත්, චානක මහතා පවසයි. මෙහිදී නිළධාරියාගේ තනතුර, ශ්‍රේණිය හෝ උගත්කම අදාල යෝජනා බවත් යෝජනා ඵලදායි නම් එය ප්‍රමාණවත් බවද හෙතෙම පැවසීය.
සිය අමාත්‍යාංශයේ සියලු නිළාධාරීන් අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් ඵළ කලේය.
ජනාධිපතිතුමා මෙවර අමාත්‍යාංශ වෙන් කිරීමේදී කිසිවෙකුටවත් කාර්යභාරය සහ වගකීමෙන් මග හැරිය නොහැකි ලෙස විෂය පතයන් සහ වැය ශීර්ශ නිවැරදිව ලබා දී තිබෙනවා. අවශ්‍ය කාර්යමණ්ඩලයද නොඅඩුව සපුරා තිබෙනවා.
ලැබෙන වගකීම නිසි අයුරින් ඉටු කල නොහැකි වීම තමාගේ දුර්වලකම විනා ක්රමයේ වැරැද්දැක් හෝ නායකත්වයේ අඩුවක් නොවන බවත්, අමාත්‍යාංශයට අයත් සියලු නිළධාරීන් සාමූහිකව අපේක්ෂිත ඉලක්ක කරා යා යුතුව ඇති බව චානක මහතා පෙන්වා දුන්නේය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැනි කැබිනට් අමාත්‍යවරයෙකු ලැබීම තමාගේ භාග්‍යක් බවත් එය තම සේවයට පහසුවක් බවද පැවසීය. ජනාධිපතිතුමා අපේක්ෂා කරන සෞභාග්‍යමත් රටක් කරා ගමන් කිරීමේදී තම අමාත්‍යාංශය ප්රමුඛව කටයුතු කරන බවද ඔහු පැවසී.
රාජ්‍ය අමාත්‍යාංශ සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය, වැය ශීර්ෂ සහ විෂය පතය මෙවර පැහැදිලිව ලබා දී ඇත. මසකට වරක් සියලු රාජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපතිතුමා මුණ ගැසේ. පවතින ගැටලු නිරාකරණය කරගනිමින් කඩිනම් සංවර්ධනයක් කරා අමාත්‍යාංශය මෙහෙය වීමට අප සියලු දෙනා අදිටන් කරගත යුතුයි.
මෙහිදී සංචාරක අමාත්‍යාංශයේ ජී හෙට්ටිආරච්චි, ගුවන්සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය ලේකම් මාධව දේවසුරේන්ද්‍ර යන මහත්වරුද අදහස් ප්‍රකාශ කලේය.
– සුජිත් කොඩිතුවක්කු
ඔබතුමා හරි සත්තුවත්ත තව නොබෝ කලකින් වැසී යන තැනට ඉෂිනි විකමසිංහ න්යායපත් කම්කරුවන් සමග සකස් කර තිබේ. මෙම අධ්යක්ෂ ජනරාල් කම්කරුවන්ට උවමනා පරිදි නටයි. පුසන්න මහතා යටතේ තිබුන සත්තුවත්ත ජනාධිපති ලගට ගිහින් නැවත කෑලෑ රජා ලගට දාගනියි.
සත්තු වත්තේ කුකුසකි ඉෂිනා අමාත්‍යංශය වෙනස් කරන්න තිබෙන බලය කුමක්ද කියා.
ගරු ජනාධිපතිතුමණි අප ඡන්දය දුන්නේ මෙවැනි දේට නොව.
ඔබ කීවා හරි සත්තු වත්ත කම්කරු පාලනයක් යටතට. වර්තමාන අධ්යක්ෂ ජනරාල් ඊට වගකිව යුතුයි. දේශිය නරඹන්නන් වැඩිම පිරිසක් එන සත්තුවත්ත රෙජිඩෙල්වත්තට ගෙන යෑම ඉතා කාලෝචිතයි. මන්ද යත් දෙහිවල සත්තු වත්ත සතුන්ගේ වදකාගාරයක් සේය. එසේම හරිම අපිරිසිදු ස්ථානයක්ය.සතුන්ද සිටින්නේ කුඩා කූඩු තුලට කුරුල්ලන්ට අබසරණය. කුඩු විකිණිමද පංකාදු පහට සිදුවේ. පුසන්න මහතාගෙන් සත්තුවත්ත ගත්තේ දුෂණ වැඩ නතරවේ යයි බියෙනි.
ඉෂිනි යනු කම්කරු අල්ලේ නටන වැඩ බැරි කාණ්තාවකි. දැන ගැනීම සදහාය.
අනේ අනිච්චං, oyawage prasna thiyanawanam othana wedakarana kamkaruwekuta pawa a a pudgalayan gena owungen wana adupadu horakam gena weda kalayuthu akaraya a sandaha yojana me rajya emathwarayata idiripah kala hekiy. evita ethuma avashya de karai. chanaka amerika gihin ugath tharunayek. nikam baninta epa. ohuta suba pathamu.
ඇමැති තුමන්ලා වෙත යෝජනා එවිය හකි email ලිපිනයන් ප්‍රසිද්ධියට පත්කලොත් ජනතාව වෙතින් බොහෝ වටිනා යෝජනා ලබගන්න පුලුවන්. එය සියලුම අමත්‍යංශ වලට ප්‍රයෝජනවත්.
කැබිනට් ඇමති වරුන්ටනම් E mail යවන්න එපා.ඉංග්‍රීසි කියවන්න පුලුවන් අතලොස්සයි ඉන්නේ.
සිංහලෙන් යෝජනාව/ලියුම ලියල, ඒක ස්කැන් කරල, ඒ ෆයිල් එක ඊමේල් කරන්න
I am very proud of you, the way you have started your work. If this was the attitude of all the ministers five years ago SRI LANKA would have been on top by now.
කවුරු කොහොම මොනවා හිතුවත් , මෙහෙම හිතන්න , ඒ දේ ක්‍රියත්මක කරන්න කොන්දක් තියෙන , ඒකොන්ද උඩ ඵලදායී මොලයක් තියෙන මේ වගේ ශ්‍රී ලාංකිකයො තමයි දැන් මේ රටට ඕන කරන්නෙ . හැබැයි ඉතිං ක්‍රියාව රටට හැම පැත්තෙන්ම හිතකර වෙන්නම ඕන . ජයම වේවා !
එහෙම උනොත් පහලම කෙනව ඉහලටම අරන් ඉහලම කෙනාව පහලටම දාමුද?