පහේ ශිෂ්‍යත්වයෙන් පලමු දෙවන තැන දිනු දෙමළ දැරියනට යුද හමුදාවන් නිවසක් තනා දේ…

January 30, 2019 at 6:27 am | lanka C news
පහේ ශිෂ්‍යත්වයෙන් පලමු දෙවන තැන දිනු දෙමළ දැරියනට යුද හමුදාවන් නිවසක් තනා දේ…

පසුගිය 2018 වසරේ පහවසර ශිෂ්‍යත්ව විභාගයෙන් වවුනියාවේ පළමු හා දෙවන ස්ථාන ලබාගත් දමිළ සිසු දැරියන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රධානයක් සහ නව නිවසක් ලබා දීමට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන ඇත.

මේ අනුව වව්නියාව නෙලුක්කුලම් කලෙයි මගල්  විද්‍යාලයේ ඉගෙනුම ලබන ආර්.නිවර්සනා සහ වව්නියාව සිවපුරම් විද්‍යාලයේ ඉගෙනුම ලබන හර්තික් හසුන්ජා නැමති දැරියන් ශිෂ්‍යත්ව විභාගයෙන් පළමු හා දෙවන ස්ථාන ලබා ගැනීම හේතුවෙන් එම දරුවන්ගේ සම්පූරණ අධ්‍යාපන කටයුතු අවසන් වන තුරුම මසකට එක්දැරියකට රුපියල් 2500 බැගින් ලබා දීමට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගනු ලැබීය.

මේ අනුව් අදාල දැරියන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට කැනඩාවේ පදිංචි ශ්‍රීලාංකික යුවලක් වන අශෝක වීරසිංහ හා වෛද්‍ය නන්දනී වීරසිංහ යන අය විසින් මූල්‍ය දායකත්වය ලබා දෙන අතර අදාල ශිශ්‍යත්ව ප්‍රධානය කිරීම සඳහා වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතා සිසු දැරියන්ගේ නිවෙස් වෙතට ගිය අවස්ථාවේදී ඉතා දිළිදු පවුලක් වූ ආර්. නිවර්සනා දැරියට ශිෂ්‍යත්ව ප්‍රධානය කරන අවස්ථාවේදී දැරියගේ පවුලේ අසීරුතා පිළිබඳව වන්නි ආඥාපතිවරයාගේ අවධානයට යොමු වී ඇත.

අනතුරුව වව්නියාව ගනේෂපුරම්හි පදිංචි ආර්.නිවර්සනා දැරියට එහිදී වන්නි ආඥපතිතුමන් විසින් නව නිවසක් ලබා දීමට පොරොන්දු වී ඇති අතර විදේශීය ධානපතියෙකුගේද ආධාර මත යුද හමුදා පූරණ ශ්‍රම දායකත්වය පරිදි නිවර්සනා දැරියට අංග සම්පූරණ නිවසක් ලබා දීම සඳහා (28) දින මුල් ගල තබනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

58 views
Main News