පළමු ඡන්ද ප්‍රතිඵලය එයි.. චරිත හේරත්ගේ ආධාරකරුවෙකුට මැර ප්‍රහාරයක්..

March 10, 2020 at 3:50 pm | lanka C news
පළමු ඡන්ද ප්‍රතිඵලය එයි.. චරිත හේරත්ගේ ආධාරකරුවෙකුට මැර ප්‍රහාරයක්..

මහාචාර්ය චරිත හේරත් මහතාගේ ක්‍රියාකාරී දේශපාලන ආධාරකරුවෙකු වන කුලියාපිටිය, අස්වැද්දුම කොට්ඨාසයේ පදිංචි කසුන් මධුසංක මහතාට මැර කණ්ඩායමක් විසින් යකඩ මුගුරකින් හිසට එල්ල කළ ප්‍රහාරයක් නිසා ඔහු බරපතල තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත්කර තිබේ.

ප්‍රහාරයට ලක්වූ මධුසංක මහතා සඳහන් කරන්නේ වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වන සමන්ප්‍රිය හේරත් මහතාගේ අනුදැනුම මත ඔහුගේ සහෝදරයෙක් වන බණ්ඩාර නැමැත්තෙක් සහ ඔවුන්ගේ ආධාරකරුවන් පිරිසක් විසින් තම ත්‍රීරෝද රථය අලුත්වැඩියා කරගැනීම සඳහා ගරාජය වෙත ගොස් සිටියදී මෙම පහරදීම සිදුකළ බවයි.

කුලියාපිටිය ආසනය තුළ වෙනත් පුද්ගලයන්ට දේශපාලනය කිරීමට ඉඩ නොදෙන බවත්, පිටස්තර පුද්ගලයින් සඳහා සහයෝගය නොදක්වන ලෙසත් පවසමින් මෙම පහරදීම සිදුකර තිබේ.

කුලියාපිටිය රෝහලට ඇතුළත්කර ඇති ප්‍රහාරයට ලක්වූ මධුසංක මහතා සඳහා මේ වනවිට ප්‍රතිකාර කටයුතු ආරම්භ කර ඇති බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

– ඩබ්. දිසානායක

39,437 Viewers

17 Comments to “පළමු ඡන්ද ප්‍රතිඵලය එයි.. චරිත හේරත්ගේ ආධාරකරුවෙකුට මැර ප්‍රහාරයක්..”

  1. Chinthana says:

    Punishment must be given against thuggery.

  2. kkuruwita says:

    කාලකණ්නි ජේ ආර් ගේ කාලකණ්නි මනාප ක්‍රමයේ ප්‍රතිපල ත,මයි මේ. හැමදාම බලේ ඉන්න හදපු අටමගලෙන් රටම විනාශවුනා !!!

    • Pradeep says:

      100% එකගයි. රට වැරදි මාර්ගයට හැරවීමේ මූලිකයා J. R ය

      • Brainy says:

        බය වෙන්න එපා. ජේ ආර් ගෙ මුනුබුරා පොහොට්ටුවෙන් මේ පාර ඉල්ලනවා .

  3. Dilshan says:

    All thugs should get prison time and deth penalty for murder.
    Pasidu Hirushan a student from Sri Jayawardena Pura University was killed by JVP/Peratugami bastards. He passed away 5 hours ago due to injuries he got from a truck tyer rolled towards him by a anthare member.
    This is a murder and murderer should get deth penalty and he should not allowed to walk away. Dear President please get Intelligence officers to aprehend the murderer and condemn him to death

  4. Sam Fernando says:

    The signs of Charitha Herath’s unprecedented victory. 😊😋 Same will happen in every district. Wiyathmaga people will have great vitories.

  5. සිංහල බන්ඩා says:

    පොහොට්ටුවෙ ප්‍රාජත්නත්‍රවාදෙ තමන්ගෙ එවුන්ට මෙහෙම ගහනවනම්, අනිත් එවුන්ට කොහොම ගහයිද?

  6. සිංහල බන්ඩා says:

    ආණ්ඩුවක් නෙවේ මේක පාණ්ඩුවක්. පිස්සු සිරා තව හොඳයි.

    • වෙන්ඩ ආර්‍යාව says:

      සිංහල නම් දාගෙන ඉන්න ලෙබ්බෙලාට උන් හොඳයි තමයි.

  7. sumudu says:

    පොහොට්ටුවේ ඉන්න අය පොහොට්ටුවට වියතුන් එක්වෙනවාට කැමති නෑ.

  8. Janaka says:

    මෙම සිදුවීම වැරදිලෙස අර්ථකතනය කරන සැමටයි. සමන්ප්‍රිය මහත්මාගේ සහෝදරයා සමඟ ඇතිව තිබූ මත ගැටුමකදී මෙම මදුසංක මහත්මා පුදිගලික හේතුවක් මත සමන්ප්‍රිය මහත්මාගේ සහ පහර දුන් පුද්ගලයාගේ පියාට දරුනු ලෙස නිග්‍රහ කිරීමක් නිසා ඇතිවු පගර දිමක් මෙලෙස දේශපලනයට සම්බන්ද කිරීම තරයේ හෙලා දකිමු

    • Raterala says:

      සුදු හුණු ගාන්න එපා, Campus ළමයි කුලියාපිටියට බැස්සොත් සමන්ප්‍රියට අබ…..තමා.

      • Janaka says:

        සමන්ප්‍රියටවත් චරිත හෙරත්ටවත් ඔයටවත් c කොල්ලො එක්ක සෙල්ලම් දාන්න ජ් කාරයො ඉඩ තියල නෑ නිකන් පිම්බෙන්නෙ නැතුව ඉන්න

      • Janaka says:

        සමන්ප්‍රියටවත් චරිත හෙරත්ටවත් ඔයටවත් campas කොල්ලො එක්ක සෙල්ලම් දාන්න jvp කාරයො ඉඩ තියල නෑ නිකන් පිම්බෙන්නෙ නැතුව ඉන්න

  9. Mahinda says:

    MAMA HITHAN HITIYETH SAMANPRIYATA CHANDAYA DENNA.HEBEI MEWAGE WEDA WEDDI ??????????????????????????????????????????????????????????????????????

Main News