පළමු තරගයෙන්ම සිංහයන් වැඩ පෙන්වයි.. කොටි පරදා දැවැත්න ජයක්..
March 11, 2017 at 2:10 pm | lanka C news
ශ්රී ලංකාව හා සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් තරගයෙන් ශ්රි ලංකා පිලට ලකුණු 259ක ජයග්රහණයක් අත්විය.
තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ්රී ලංකා පිල සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 464ක් ලබා ගත් අතර පිලිතුරු ලෙස බංග්ලාදේශය මුල් ඉනිම වෙනුවෙන් ලබා ගත්තේ ලකුණු 312කි.
දෙවැනි ඉනිම කඩුළු 06කට ලකුණු 274ක් ලබා සිටියදී පන්දුවට පහර දීමේ අවස්ථාව බංගලාදේශයට ලබා දුන්නද ඔවුනට ලබා ගත හැකි වූයේ සියල්ලන් දැවී ලකුණු 197කි.
තරගයේ ලකුණු පුවරුව මෙතනින්