පළමු ස්තාන හයයි.. කොළඹ කිසිවෙකු නෑ.. සාමාන්‍ය පෙල විභාගයේ රටේම හපනුන් මෙන්න..

March 29, 2018 at 8:40 am | lanka C news
පළමු ස්තාන හයයි.. කොළඹ කිසිවෙකු නෑ.. සාමාන්‍ය පෙල විභාගයේ රටේම හපනුන් මෙන්න..

2017 දෙසැම්බරයේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් සිසු සිසුවියන් හය දෙනෙකු පළමු ස්ථානයන් හිමිකරගෙන ඇත.

මෙසේ පළමු ස්ථාන හිමි කරගෙන ඇත්තේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ නවෝද්‍යා රණසිංහ, මහනුවර මහාමායා බාලිකා විදුහලේ දිව්‍යාජනා විමලවීර, රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ කවීශ ප්‍රතිභාත්, ගම්පහ රත්නාවලී බාලිකා විදුහලේ කසුනි සෙනෙවිරත්න, එම විදුහලේම චමෝදි රවීසා සුභසිංහ, මාතර සුජාතා විදුහලේ රන්දි ලක්ප්‍රියා යන සිසු සිසුවියන්ය.

කොළඹ දිස්ත‍්‍රික්කයේ කිසිවෙකුත් පළමු ස්ථාන දිනා නොගැනීම විශේෂය.

මෙවර සාමාන්‍ය පෙල ප‍්‍රතිඵල අනුව සිසු සිසුවියන් 09 දෙනෙකු දෙවැනි ස්ථාන දිනාගෙන ඇත.

මෙවර විභාගයේදී සිසු සිසුවියන් 9960ක් විසින් සියළු විෂයයන් සදහා ‘ඒ’ සාමාර්ථ ලබා ගෙන ඇති අතර සමස්ථ සිසුන්ගෙන් 67.24%ක් ගණිතය විෂය සමත්ව තිබේ.

43 views

11 Comments to “පළමු ස්තාන හයයි.. කොළඹ කිසිවෙකු නෑ.. සාමාන්‍ය පෙල විභාගයේ රටේම හපනුන් මෙන්න..”

  1. Gunaruwan says:

    Kolomba anith pathi walata wada wenas ekakda ? Kolombin kisiwek na kiyanne. Godak welawata sapela usaspela palamu waniyo bihi wenne pita palath walin.

  2. Saman Kula says:

    Girls have shown better results than boys

  3. daminda says:

    gamata kiri labenna patann gathaee kawadaada…?

  4. හරිද බන් මන් කියන්නෙ says:

    රටේ අහිංසක දුවාදරුවන් ලක්ෂ ගනනකට මානසික අසහනය හා අසාමාන්‍ය බලපෑමක් 2017 විෂය පතයට අදාළ නොවූ ගණිත ප්‍රශ්න පත්‍රය මගින් ඇතිකිරීමේ වගකීම බාර ගන්නේ කවුද ? ඒ වෙනුවෙන් ඉටුකළ සාධාරණය හා ලබාදී ඇති සහනය කුමක්ද ?

  5. Excellent result is being given by the Rathnavali Balika Vidyalaya Gampaha. These 2 girls done the sports in higher competitive level. This shows the strength, leadership and the commitment of the Principal and the staff. Congratulations! and keep it up.

  6. godaya says:

    Colombo lamayi Dream star..teen star..little star…dance star witharayi

  7. sinha le says:

    කොලබ ඉන්නේ කලු සුද්දෝ නුවර ඉන්නේ නියම සිංහලයෝ වෙනස දැක්කද?

    • abaraa says:

      නුවරින් මී විදියට ප්‍රථිපල ආවේ පලවෙනි වරට..උඹ කියන විදියට මේ වතාවේ ඇරුනහම මෙච්චර කල් නුවර ඉඳල තියෙන්නේ සිංහලයෝ නෙවෙයි.උඩ බලාගෙන කෙලගහගන්ට එපා..ඊටත් වැඩිය ඔය විබාගයයි සිංහල කමයි අතර තියෙන සම්බන්දය මොකක්ද?

      • බබා says:

        නුවර හොඳ ප්‍රතිථල ආපු පලවෙනි පාර නෙවෙයි මේ. කොහොම නමුත් මේ හැම එකටම සිංහලකම ගැන කියන එකේ තේරුමක් නෑ. අනික මේ ප්‍රතිථල නුවරින් එන එක ගැන පුදුම වෙන්න දේකුත් නෑ. මොකද රෝයල් එක ලඟට වැඩිම ලකුණු තියෙන ශිෂ්‍යත්ව ළමයි ගන්නෙ නුවර ධර්මරාජෙ. ඒ වගේම වැඩිම ලකුණු තියෙන ගෑනු ළමයි ගන්නෙ විශාඛා ඊලඟට මහමායා, උසස්බාලිකා. ඒ වගේම තමයි මාතර හා කුරුණෑගල පැතිවල වගේම යාපනෙත් හොඳම ඉස්කෝල තියෙනවා.ඒ ඒ පැතිවල සමහර ළමයි කැමති නෑ විභාග පාස් උනාට කොළඹ යන්න. ඒ නිසා හැම පලාතකම දක්ෂයන් හා හොඳ පාසල් තියෙනවා.හැබැයි මේ තත්ත්වය ⁣මේ ප්‍රධාන නගරවලින් පිටට යනවානම් ඇත්තටම සතුටු වෙන්න පුලුවන්.

    • පිරිමි නර්ස් says:

      ඔය ගිරවා දාලා විබාග පාස් වෙන උන් නෙමෙයි නියම වෑඩ්ඩො ෆේල් වෙන එවුන්. සයිටම් වගේ ඒවා වෑඩි වෑඩියෙන් හෑදුනහම කොළඹ උන් කොහොමත් ගොඩ.

  8. samantha says:

    colombo students waste time in traffic. Environment also not freindly

Main News