පළාත් පාලන ඡන්දයෙන් පසු පළාත් සභාවට හා පාර්ලිමේන්තුවටත් කාන්තා නියෝජනය ඉහළ නංවාගැනීම අරමුණයි…

October 25, 2016 at 2:06 am | lanka C news
පළාත් පාලන ඡන්දයෙන් පසු පළාත් සභාවට හා පාර්ලිමේන්තුවටත් කාන්තා නියෝජනය ඉහළ නංවාගැනීම අරමුණයි…

ඉදිරි පළාත් පාලන ඡන්දයෙන් පසු එළඹෙන පළාත් සභා හා පාර්ලිමේන්තු මැතිවරණ සදහා ද කාන්තාවන්ගේ නියෝජනය ඉහළ නැංවීම වෙනුවෙන් කටයුතු කිරීම එක්සත් ලක් වනිතා පෙරමුණේ අරමුණ බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ පැවසුවාය.

මතුගම දී පැවති එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රුස්වීම අමතමින් එතුමිය කියා සිටියේ, කාන්තාවන්ගේ දේශපාලන නියෝජනය ඉහළ නැංවීම වෙනුවෙන් අගමැතිතුමාගේ ද විශේෂ අවධානය යොමුව ඇති බවයි. මේ වන විටත් එතුමන් ඊට නායකත්වය ලබා දී ඇති බව ද ඇය කියා සිටියාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරිය

“පහුගිය කාලේ එක්සත් ජාතික පාක්ෂිකයින් විශාල වශයෙන් දුක් කම්කටොළු වලට මුහුණ දුන්නා. මම හිතන්නේ, මෙතනදි පිරිමි අයට වඩා කාන්තාවන් තමයි වැඩියෙන් දුක් වින්දේ. රටේ ප්‍රශ්න වගේම, ඒ නිසා නිවසේ ඇතිවන ප්‍රශ්නත් දරාගෙන ඉන්න සිද්ධ වුණේ කාන්තාවන්ටයි.

මං අපේ මහලේකම්තුමාගෙන් ඉල්ලා සිටිනවා අපේ කාන්තාවන්ට විශේෂයක් කරන්න කියලා. කාන්තාවන් තමයි කැන්වසින් යන්නේ. කාන්තාවන් තමයි පෙළපාලි යන්නේ. කාන්තාවන් තමයි සමිති හදන්නේ. කාන්තාවන් තමයි ගෙදර මතය වෙනස් කරන්නේ. මේ නිසා කාන්තාවන්ට විශේෂ සැලකීමක් දක්වන්න අවශයයි.

මේ ගම් මට්ටමේ ඉන්න කාන්තාවෝ හැම වෙලාවෙම මහන්සි වෙනවා. ඉහළට යන අය පක්ෂ මාරු කළාට, බිම් මට්ටමේ ඉන්න කිසිම කෙනෙක් එහෙම පක්ෂය මාරු කරන්නේ නෑ. ඔබ සියලු දෙනා තමයි පක්ෂයේ හයිය. ඉතිහාසයේ තිබුණු කරදර මැඩගෙන ඉස්සරහට එන්න පුළුවන් නායකත්වයක් ලැබිලා තියනවා.

රටේ දේශපාලනය වෙනස් කරන්න කාන්තාවෝ විශාල මෙහෙයක් කළා. ඊට කෙළෙහිගුණ දැක්වීමක් හැටියට අගමැතිතුමා කාන්තාවන්ට විශේෂ වරමක් ලබා දුන්නා. සියයට 25ක කාන්තා නියෝජනයක් මෙවර සිට පළාත් පාලන ආයතන වල නියෝජනයේ අපිට ලැඛෙනවා.

අපි පළාත් පාලන ආයතන දිනවන්න ඔ්නි. පළාත් පාලන ආයතන දිනුවම තමයි, අපිට ලයිස්තුවෙන් වැඩි අවස්ථාවක් ලැඛෙන්නේ. මම දන්නෑ කාන්තාවෝ එනවට අනිත් අය කැමතිද කියලා. කොහොම වුණත් කාන්තාවන් පාලනයට ආපුවහම කාන්තාවෝ අතින් දූෂණ අක්‍රමිකතා වෙනවා අඩුයි. ඒ නිසා කාන්තා නියෝජනය වැඩි කරන එක වැදගත්.

මේ යෝජනාව පළාත් සභාව දක්වාත් ඉන් පස්සේ පාර්ලිමේන්තුව දක්වාත් වැඩිදියුණු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒකට කාන්තාවන්ගේ වගේම පිරිමි අයගේත් ශක්තිය අවශ්‍යයි.

ඔබ සියලු දෙනාම මතක තියාගන්න, කාන්තාවන්ට පුළුවන් අභියෝග වලට මුහුණ දෙන්න. ආතතිය පීඩනය දරාගන්න කාන්තාව දක්ෂයි. ඒ කාන්තාව දේශපාලනයට පැමිණියාම ගොඩාක් ප්‍රශ්න කෙරෙහි සංවේදී වෙනවා.”

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම්, ජාතික යොවුන් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කවින්ද ජයවර්ධන යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

– භාරත තෙන්නකෝන්

11 views

2 Comments to “පළාත් පාලන ඡන්දයෙන් පසු පළාත් සභාවට හා පාර්ලිමේන්තුවටත් කාන්තා නියෝජනය ඉහළ නංවාගැනීම අරමුණයි…”

  1. ftyy says:

    සියයට 25ක කාන්තා නියෝජනයක් පළාත් පාලන ආයතන වල ලැබෙන්නේ මොන පදනමක් ඇතුවද.. ??!!

    මේ ගොල්ලන්ගේ දේශපාලනය අයිති මොන සංස්කෘතියටද , පස්ස දොරෙන් පළාත් පාලන ආයතන වලට රිංගන්න කියලා දුන්නේ දේශීය සංකෘතිය ඉදිරියේ පෙනී සිටින්න බැරි නිසා කියල්ලා ජනතාවට කියන්නේ ඕනේ,, හැබැයි සාරිය ඇදගෙන තමන්ගේ ගෞරවය රැකගන්න ඕනේ වුනාම දේශීය සංස්කෘතිය යොදා ගන්නවා,

    හොර පාරෙන් අයිතිවාසිකම් ගන්න මාන බලන කොට, මේ රටේ පිරිමින්ට කියන්නේ මුන්ගේ ගෞරවය ආරක්ෂා කරන්න කියන යුතු යෝජනාවයි….

    මොවුන්ගේ සංස්කෘතියට ජාතික වැදගත්කමක් දීම දේශීය සංස්කෘතිය තුල සිදුවිය නොහැක.

    ලෝකයේ පළමු රාජ්‍ය නායිකාව කරපු එකේ රග..,, මොවුන්ට තමාගේ මත ඉදිරිපත් කරන්න, මැතිවරණට ඉදිරිපත් වෙන්න බාධාවක් නොමැති කොට ,, පස්ස දොරෙන් පළාත් පාලන ආයතනවලට රිංගන්නේ නම් නීති විරෝදියි. ඒ ජනතාව ඉදිරියේ තමන්ගේ සංස්කෘතිය දිග හැරීමට ඇති බිය නිසාය. මේකට සහයෝගය දෙන අය නියෝජනය කරන්නේ ජාතික දේශපාලනයක්ද ?

  2. බබා says:

    මේ ඇන්ටිගේ මූණ දැක්කම කාන්තාවන්ට පාර්ලිමේන්තු එන්න හිතෙයිද මන්දා…

Main News