පළාත් පාලන නියෝජිතයින් නැතිව බදු එකතුකිරීම නීති විරෝධීයි.. එක ඡන්දයක්වත් නැති ෆයිසර් මුස්තාෆා ජනතා පරමාධිපත්‍ය අහිමි කරලා..
November 18, 2016 at 5:30 pm | lanka C news
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදි එක ඡන්දයක්වත් නොලැබ ජාතික ලයිස්තුවෙන් පත් වූ ඇමති ෆයිසර් මුස්තාෆා මැතිවරණ නොපැවැත්වීම නිසා ජනතාවගේම පරමාධිපත්‍ය වන ඡන්ද බලය අහිමි වී ඇති බව ඔහු දැන සිටිය යුතු බවත් ජනතා ඡන්දයෙන් සභාවක් පිහිටුවා ගැනීමෙන් තොරව වරිපනම් බදු සහ අනෙකුන් බදු අයකර ගැනීමට කිසිම ඉඩක් නැති බවත් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පවසයි.
අදාළ නිති යටතේ වරිපනම් බදු අයකර ගැනීමේ බලය පැවරි ඇත්තේ ජනතාවගෙන් ඡන්දයෙන් පත්වූ සභිකයින්ගෙන් සමන්විත වූ සභාවලටය. වාර්ෂිකව වරිපනම් බදු අය කර ගැනීම සඳහා තක්සේරු කිරීම සභාවක තීරණය මත සිදු විය යුතු අතර ඡන්දයෙන් සභාවක් පිහිටුවා ගැනීමෙන් තොරව 2017 වර්ෂයේ වරිපනම් බදු සහ අනෙකුන් බදු අයකර ගැනීමට කිසිම ඉඩක් නීතියෙන් හිමිව නැති බවත් පෙන්වා දෙන හිටපු අගවිනිසරුවරයා ‘නියෝජිතයන් නැතිව බදු අයකර ගැනීමක් නැත’(No Taxation Without Representation) යන්න ඇමරිකන් එක්සත් ජනපදය විසින් ලොවටම ඉගැන්වූ පාඩමක් යයිද කියයි.
‘ෆයිසර් මුස්තාෆා ක්‍රියාව නිසා ජනතාවගේම පරමාධිපත්‍ය වන ඡන්ද බලය අහිමි වී ඇති බව ඔහු දැන සිටිය යුතුය. මුළු ශ්රීලංකාවේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු වී ඇති පලාත් පාලන ආයතන අක්‍රීය වී ඇති බව බව ඔහු දැන සිටිය යුතුය. ඔහුගේ අන්තෝමතික ක්‍රියා නිසා 1987 අංක 24 දරණ පලාත් පාලන ආයතන ඡන්ද විමසීම හා එහි සඳහන් වු 25 වන වගන්තියේ අවශ්‍යතාවය මත නව ධූර කාලය ආරම්භ වීමට ඉහතින් වූ මාස 6 ක් කාලසීමාවක් ඇතුලත මහ ඡන්ද විමසීම පැවත්වීමට යම් අවකාශයක් තිබුණේද එයට අවහිර වන බව ඔහු දැන සිටිය යුතුය. පලාත් පාලන ආයතන මධ්‍යම ආණ්ඩුවේ අධික්ෂණයෙන් ඉවත් කර පලාත් සභා විෂයක් ලෙස ලැයිස්තුගත කිරීමේදී පලාත් පාලන ආයතනවලට බලතල සහ ස්වාධීනත්වය සුරක්ෂිත කිරිම සඳහා අතිශයින්ම පැහැදිලි වූ විධි විධාන 13 වෙනි සංශෝධනයෙහි ඇතුලත් වී තිබේ. එසේ විශේෂිත විධි විධාන ඇතුලත් කිරීමේ අරමුණ පලාත් සභාවක් විසින් පලාත් පාලන ආයතන ගිල ගැනීම හෝ අක්‍රීය කිරිම වැලැක්වීමටයි.
2015 දියත් වූ යහපාලනය විසින් ආණ්ඩුක්‍රම ව්යවස්ථාල නීති යනාදිය සියල්ල අභිබවා යමින් අන්තෝමතික ලෙස පලාත් පාලන සියල්ල අක්‍රීය කර ඇතල එම ආයතනවල ප්‍රධාන විධායක ලෙස දැන් ක්‍රියා කරන්නේ ෆයිසර් මුස්තාෆා ඇමතිවරයායි. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදි එක ඡන්දයක්වත් නොලැබු ෆයිසර් මුස්තාෆා මුළු ශ්රීලංකිය ජනතාවගේම පරමාධිපත්‍ය වන ඡන්ද බලය පලාත් පාලන ආයතන සම්බන්ධයෙන් අහිමි කර ඇත. ඔහු පාර්ලිමේන්තුවේ අසුන් ගන්නේ එක්සත් ජනතා සංධානයේ ජාතික ලැයිස්තුවෙන් පත්කල මන්ත්‍රීවරයෙකු ලෙසයි. ඒ කෙසේ වෙතත් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව අදාළ පනත්වලින් මධ්‍යම ආණ්ඩුවේ ඇමති වෙත පැවරි ඇති බලතල පලාත් පාලන ආයතනවලට පැවරි ඇති බව ඔහු නීතිඥයෙකු ලෙස දත යුතුය. එසේ නැතිව ඔහු නගර සභාවල කසල ශෝධනය අධීක්ෂණය කිරීමටද දැන් යොමු වී ඇත’ යයිද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.
සිරිසේන ගේ නීති කටයුතු පිලිබද උපදේශක ලෙස ෆයිසර් මුස්තාෆා පත් කර ඇත
හිටපු අගවිනිසුරුතුමනි, ඔබගේ පැහැදිලි කිරීම අපිට විශාල මාර්ගෝපදේශයක්, අපි ජනතාව දැනුවත් කිරීම ආරම්භ කරන්නෙමු,
හිටපු පලාත් පාලන ආයත සභික සංසදය,
අවජාතක පාලනයක් තුල වෙන මොනවා ජනතාවට අපේක්ෂා කල හැකිද?
දිගින් දිගටම මැතිවරණය කල් දැමීම නිසා ‘මැතිවරණ නොතියන කොමිසම’ ලෙස තම කොමිසමට නම් පටබැද ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
තමන්ද ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වුවත් ඊට ස්වාධීන යයි කියන්නේ කුමක් නිසාදැයි නොදන්නා බව ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන එස්. රත්නජීවන් එච්. හූල් උපුටා දක්වමින් කොලොම්බු ටෙලිග්රාෆ් වෙබ් අඩවිය වාර්තා කරයි.
‘මහජනතාවට ලොකු බලාපොරොත්තුවක් දුන්නත් මෙම ආයතන ස්වාධීන යයි කියල එකදු වචනයක් හෝ නිත්‍යානුකූල මෙවලමක් ලෙස අපට ලබාදීල නෑ. ප්රජාතන්ත්රවාදී රටකට අවශ්‍ය මැතිවරණයක් වත් පවත්වන්න. මේ වනවිටත් කල් දමා ඇති පලාත් පාලන මැතිවරණය වහාම පැවත්විය යුතුයි’
2017 දෙසැම්බර් මාසය වන විට පළාත් පාලන ආයතන විසුරුවා හැර අවුරුදු තුනක් සම්පුර්ණ වන්නට ඉතා ආසන්නයි, මුන් ඡන්ද පරදින බයට ඡන්දය තියන්නේ නැහ,
ෆයිසර් මුස්තාෆා, ඕකා තමයි නාමල් රාජපක්ෂත් කෑවේ, දැන් මෛත්‍රීපාලව කනවා,
Hire yawsnna one mahindawa nidahas kala kiyala prasiddiye kiyapu hitapu aga vinisora kiyana neethi ballekwath ganan ganne neha. Salliwalata valige wanana ballek oya harak nanda silwa.
Umber name ara Thahir keella th ekka “Thakathir” kiyala damanna amathaka welaa thiyenne umber thaaththa ta da?