පළාත් පාලන මන්ත‍්‍රී ප‍්‍රමාණය දෙගුණ වුණේ රාජපක්‍ෂලාගේ වරදින්..- JVP

November 3, 2017 at 8:40 am | lanka C news
පළාත් පාලන මන්ත‍්‍රී ප‍්‍රමාණය දෙගුණ වුණේ රාජපක්‍ෂලාගේ වරදින්..- JVP

නව මැතිවරණ ක‍්‍රමය අනුව පළාත් පාලන මන්ත‍්‍රී සංඛ්‍යාව දෙගුණ වී ඇත්තේ හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂලා විිසින් කල වරදින් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්‍ෂ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් පවසන්නේ එළඹෙන අනාගතයේදී එය නිවැරදි කිරීම සදහා කොට්ඨාසයන්හි සීමා පූර්ණ සමාලෝචනයකට ලක්කිරීමෙන් පසු අවශ්‍ය පියවර ගත යුතුව ඇති බවයි.

කෙසේ වෙතත් දැනට එම තත්වය නිවැරදි කිරීමට ගියහොත් තවත් වසර දෙකක් පමණ ගතවනු ඇතැයිද පවසන ඔහු මැතිවණය එතරම් කාලයක් ප‍්‍රමාද වීමට වඩා දැනට ඇති ක‍්‍රමය යටතේම මැතිවරණය පැවැත්වීම සුදුසු බවද කියයි.

ජවිපෙ මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව 2015 ජනවාරියේ සිට මේ දක්වාම වසර තුනකට ආසන්න කාලයක් මැතිවරණය කල් දැමුවේ සීමා නිර්ණයේදී බැසිල් රාජපක්‍ෂ කල වරද නිවැරදි කිරීමට යයි කියමිනි. මන්ත‍්‍රීවරයාට අනුව මෙම කාලයේදී එම වරදවල් නිවැරදි කර නැත.

අනෙක් අතට ඒකාබද්දයේ මන්ත‍්‍රීවරුන් නිතර පවසන්නේ සීමා නිර්ණය ඒ ආකාරයෙන් සිදුවෙද්දී පැවැත ක‍්‍රමයට මැතිවරණය පැවැත්වීමට හැකියාව තිබූ බවත් සීමා නිර්ණය අවසන් වූ පසු එතැන් සිට මැතිවරණ එම ක‍්‍රමයට පැවැත්වීම සුදුසු බවත්ය.

9 views

3 Comments to “පළාත් පාලන මන්ත‍්‍රී ප‍්‍රමාණය දෙගුණ වුණේ රාජපක්‍ෂලාගේ වරදින්..- JVP”

  1. anura says:

    Mata toilet ganna naha, Rajapassa wagakiyanna one. Hada?

  2. Raj Gophal says:

    Hamuge lede golayintath Bowela

  3. නයා.... says:

    අසූ හත අසූ අට යුගයේ ජේ ආර් ආන්ඩුවේ කූකටත් තෛලය වූයේ ජී වී පී වැඩක් යන්නයි. එදා තරුණයන් විසින් ජනාධිපති ආර්‍යාව බඩින් ජී වී පී වැඩක් කියා තාප්ප වල ලියා තැබුවේය.

    මේ කථා දකින විට මට යලිත් එය සිහි වේ.
    අද තර්කය අනුවනම්, ජී වී පී නායකයන්ගේ ගෑනුන්ට ළමයින් ලැබීමටත්, යූ එන් පී නායකයින්ගේ ගෑනුන්හට ළමයින් නොලැබීමටත් වගකිව යුත්තේ රාජපක්ෂ වරුන්ම යැයි සාධාරණ තර්කයක් ඉදිරිපත් කල හැකිය.

Main News