පළාත් සභා ඡන්දයට පෙර ජනාධිපතිවරණයක්.. ඉන් පසු එජාප ජනාධිපතිවරයෙක්…

August 14, 2018 at 12:00 pm | lanka C news
පළාත් සභා ඡන්දයට පෙර ජනාධිපතිවරණයක්.. ඉන් පසු එජාප ජනාධිපතිවරයෙක්…

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කලින් ජනාධිපතිවරණය පැවැත්වීමට ඉඩ ඇතැයි සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

එන ජනවාරි මාසයෙන් පසු ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කල හැකි බවද ඇමතිවරයා සදහන් කරයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුවට ලැබනේ 44%ක් පමණක් බවත් ඊට විරුද්දව 56%ක් ලැබුනු බවත් ඔහු සදහන් කරයි.

ඒ අනුව කුමන මැතිවණයක් පැවැත්වුවද එජාපයට ජයගත හැකි බවත් ඔහු කියා සිටී.

ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් එක්සත් ජාතික පක්‍ෂයේම අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කර ස්ථිරවම ජයගන්නා බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

31 views
Main News