පළාත් සභා ඡන්දය ඉල්ලා ජනාධිපති උසාවි යයි…

February 5, 2019 at 12:02 am | lanka C news
පළාත් සභා ඡන්දය ඉල්ලා ජනාධිපති උසාවි යයි…

පළාත් සභා මැතිවරණය පැරැණි මැතිවරණ ක්‍රමයට ඉක්මණින් පැවැත්විය හැකිද යන්න ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

ඒ අනුව දැනට විසිරී තිබෙන උතුරු මැද – උතුර – සබරගමුව – වයඹ – නැගෙනහිර හා මධ්‍යම පළාත් සභාත් ලබන මස විසිරෙන දකුණ හා බස්නාහිර පළාත් සභාවලත් මැතිවරණ එක්වර පැවැත්වීම පිණිස අධිකරණ මතය විමසනු ඇතැයි සඳහන්ය.

ජනාධිපතිවරයා මෙම මත විමසුම සිදුකරන්නේ දැනට බලපවත්වන නීති පනත් අර්ථකථනය කෙරෙන අර්ථ නිරූපණ පනතේ 7 වැනි වගන්තිය ප්‍රකාරව පැරැණි මනාප ක්‍රමයට ඡන්දය පැවැත්විය හැකිදැයි දැනගැනීමටය.

අර්ථ නිරූපණ පනතේ 7 වැනි වගන්තියේ සඳහන් වන්නේ රටේ කිසියම් නිශ්චිත කාරණයක් සම්බන්ධව අලුත් නීතියක් සම්මත වුවද එය කිසියම් හේතුවක් මත ක්‍රියාත්මක නොවන අවස්ථාවල පැරැණි නීතිය බලාත්මක බවය.

පළාත් සභා මැතිවරණ සඳහා මැතිසබය විසින් අලුත් නීතියක් සම්මත කළද තවමත් පළාත් සභා ඡන්ද බලප්‍රදේශ ගැන කෙරෙන සීමානිර්ණය කටයුතු නිමාවට පත්ව නැති නිසා නව ඡන්ද ක්‍රමයට පළාත් සභා මැතිවරණ පැවැත්වීමට නොහැකි වී තිබේ. ඒ නිසා උතුරු මැද සබරගමුව හා නැගෙනහිර පළාත් සභා ඡන්ද මාස 14ක් තිස්සේ ද මධ්‍යම වයඹ හා උතුරු පළාත් සභා ඡන්ද මාස 4ක් තිස්සේ ද කල්ගොස් ඇත.

එයින් ජනතාවගේ ඡන්ද අයිතිය අහිමිවන නිසා ලබන මැයි 31දාට පෙර මෙකී මැතිවරණ පැවැත්විය යුතුයයි ජනාධිපතිවරයා පසුගිය කැබිනට් මණ්ඩලයට විශේෂ කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කළේය. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ද වහා පළාත් සභා ඡන්ද පැවැත්විය යුතු යයි දැඩි ප්‍රකාශයක් නිකුත් කළේය. නව ඡන්ද ක්‍රමය පිළිබඳ ප්‍රශ්නය නිසා වසර ගණන් ජනතාවගේ ඡන්ද අයිතිය අහිමි වී තිබේ. එනිසා අර්ථනිරූපණ පනතේ විධිවිධාන ප්‍රකාරව පැරැණි ක්‍රමයට ඡන්දය පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීම සිදුකරන බව රජයේ ආරංචි මාර්ග අවධාරණය කරයි.

ඒ අතර පළාත් සභා ඡන්දය පැරණි මැතිවරණ ක්‍රමයට පැවැත්වීම ගැන අවසන් තීන්දුවක් ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ලබන සතියේ විශේෂ පක්ෂනායක හමුවක් කැඳවා ඇත

– deshaya

32 views

8 Comments to “පළාත් සභා ඡන්දය ඉල්ලා ජනාධිපති උසාවි යයි…”

  1. Namal says:

    පළාත් සභා මැතිවරණයට මේ වනවිට පරමාධිපත්‍යය බලය සහ ජාතික මැතිවරණයක තත්වය ලබා දී ඇති හෙයින් (4ඉ ව්‍යවස්ථාව ට ඇතුල් කර) පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කලු සුද්දෝ සහ බෙදුම්වාදී නඩය කැමති වේවි….!

  2. Nagasinha says:

    වසර ගණන් ජනතාවට චන්දය අහිමි වී තිබේ. මෙය ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ උල්ලංගනය කිරීමකි.
    ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන NGO නඩ මේ සිද්ධියේදී මෙතරම් නිහඩ මොකද කියා ඔබ දන්නවාද?

  3. බන්ඩා says:

    19 වන සංශෝධනය මුලු රටම අච්චාරැවක් කලා. අස්ථාවර කලා. දැන් ගෙනා 20 වන සංශෝධනයෙන් කරන්නෙ අස්ථාවර කල රට කෑලි නවයකට කඩන එකය්.

  4. හැකහැක says:

    රට ගිනිගන්නවා මේගොල්ලෝ කපිරිඤ්ඤා ගහනවා

  5. Nandasoma says:

    මැතිවරණ පැවැත්වීම මැතිවරණ කොමිසමේ පූර්ණ වගකීමකි…..

    පාර්ලිමේන්තුවේ හෝ අධිකරණයේ කුමන දේ සිදුවුවද, ව්‍යවස්ථාවට අදාල සංශෝධන ගෙනෙන තුරු, පවතින ක්‍රමය යටතේ මැතිවරණ පැවැත්වීම අනිවාර්යයයෙන්ම සිදු විය යුත්තකි. නව නීති සම්පාදනය වි, ක්‍රියාත්මක වන තුරු, කලින් මැතිවරණ පැවැත්වූ ක්‍රමයට මැතිවරණ පැවැත්විම අනිවාර්යය.

  6. Nagasinha says:

    කෝ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරලා දෙනවා කියල පාරට බැස්ස කට්ටිය?
    එයාලත් එන්න එපැයි මහජනතාවට චන්දය අරන් දෙන්න. ඇයි එයාල දැන් හැංගිලා ඉන්නේ?

    දැන් තේරෙනවා නේද උන් ගේමක් ගහන කස්ටියක් බව?

  7. kamal says:

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන උත්තමයානන් වහන්සේ කිවු පරිදි පළාත් සභා වල 85%ක් නඩත්තු ගාස්තු වශයෙන් වැයවෙන අතර ප්‍රතිපාදන තියෙන්නෙ 15% . මේ බව දන්න ගුරුවරු ඉන්නවා නම් ගුරුවරුන්ට මම කියන්නෙ කපටි වෙන්න එපා කෘර වෙන්න එපා පළාත් සභා අහෝසිකරන්න ඒකල්ලා රු 306000 ක පඩියකට සෙනෙට් සහිකයන් 68 දෙනෙක් සෙනෙට් සභාවට ගන්න. එයට සුදුසු කම වන්නෙ උපාධිය පමණක් නෙවෙයි. ත්‍රෛනායික මහා නායක හිමියන්ගෙ අකමැත්තක් නැති කම. එතකොට බුදු දහමට මුල් තැන හිමි වෙනවා. නැතිනම් කොලකැල්ලක විතරයි තියෙන්නෙ. ජාතික ප්‍රතිපත්ති සැදිම සෙනෙට් සභාව මගින් කරන අතර එය ක්‍රියාත්මක කිරිම පාර්ලිමේන්තුව මගින් කරනු ලබයි.හැම පළාත් සභාවක කෘර මිනිස්සු මෙන්ම කපටියොත් ඉන්නවා ඒ අය අයින් කිරිම කපටි නැති මෛත්‍රිපාලගෙ හා කෘර නැති කපටි නැති කවුරු හරි අභිප්‍රායයි.

  8. Saradiel says:

    රනිල් සමග දීග ගිය එකේ විපාක ලක්ෂ 62ක් තණකොළ කාපු ගොන්නුන්ට දැන් වෙනස සැපද?

Main News