පළාත් සභා ඡන්දය කල් දානවාට අපි විරුද්දයි..- මැතිවරණ කොමිසම නිල මතය දන්වයි…
September 21, 2017 at 10:40 am | lanka C news
පළාත් සභා මැතිවරණය කිසිම ලෙසකින් කල් දැමීමට එකගතාවයක් නැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතා කතානායක කරු ජයසුරිය මහතාට නිල වශයෙන් දන්වා ඇත.
පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ගැන මතය විමසීම සදහා කතානායකවරයාගේ කැදවීමෙන් ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තුවට ගොස් කතානායකවරයා මුණු ගැසුනු අවස්ථාවේදී කොමිසමේ සභාපතිවරයා මේ බව සදහන් කර තිබේ.
අදාල පනත් කෙටුම්පත ගැන මැතිවරණ කොමිසමේ සාමාජිකයන් කරුණු නොදන්නා නිසා ඒ ගැන කිසිදු මතක් ඉදිරිපත් කල නොහැකි බවත් කිසිසේත්ම ඡුන්දය කල් දැමීමට මැතිවරණ කොමිසම එකග නැති බවත් සභාපතිවරයා තව දුරටත් සදහන් කර ඇත.