පළාත් සභා ඡන්දය කල් දාන්න ආණ්ඩුව ගත් සියුළු උත්සාහයන් අසාර්ථකයි.. පිටු 1 ½ පනතතට පිටු 30ක සංශෝධනයක් ගෙනැත්..
September 20, 2017 at 1:20 pm | lanka C news
මේ මාසයේදී නිල කාලය අවසන් වන පළාත් සභා සදහා පැවැත්වීමට නියමිත මැතිවරණ කල් දැමිම සදහා ආණ්ඩුව විසින් ගන්නා ලද සියලු උත්සාහයන් අසාර්ථක වන තත්වයක් පාර්ලිමේන්තුව තුළ මතුව ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් කැෆේ සංවිධානය කියයි.
එම සම්පුර්ණ නිවේදනය මෙසේය.
පක්ෂ නායකයින් ‘පළාත් සභා සංශෝධන පනත සාකච්ඡාවට ගැනීමට විරෝධය පළ කර ඇත. ඒ අනුව, ඡන්ද කල් දැමීම පාර්ලිමේන්තුවේ සුළු බහුතර ඡන්දයෙන් සම්මත කර ගැනීම ගැටළුවක් බවට පත් වේ.
ආංශික කාරක සභා සඳහා ඉදිරිපත් නොවූ කරුණු කාරක සභා අවස්ථාවේ දී පනත් සංශෝධන ලෙස ඉදිරිපත් කිරීම පාර්ලිමේන්තු සම්ප්රදාය නොවේ. මැතිවරණ ආංශික කාරක සභාවේ සභාපතිවරයා වන්නේ ගාමිණී ලොකුගේ මහතා ය.
පිටු 1 ½ ක් වූ කාන්තා නියෝජනය පිළිබද පළාත් සභා පනත් සංශෝධනයට රජය අද ඉදිරිපත් කළ සංශෝධනය පිටු 31 කි. එම සංශෝධන 20 වන ආණ්ඩුක්‍රම ව්ය ස්ථා සංශෝධනයට ඉදිරිපත් කළ සංශෝධන හා ඇදහිය නොහැකි සමානාකමක් සහිතය.
පිටුපස දොරින් සිදු කරන ජනමත විචාරණයක් සඳහා අගමැතිවරයා – ජනපති එකඟත්වය ලැබී නැත.
මැතිවරණ කොමිෂන් සභාපතිවරයා හා නීතිපතිවරයා මේ වන විට පාර්ලිමේන්තුවට කැදවා ඇත! කැෆේ සංවිධානය ඊයේ නීතිපති, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව, පළාත් සභා ලේකම්, අගමැති ලේකම් වෙත අවධාරණය කළේ මෙම නීති විරෝධී හා සම්ප්රදාය විරෝධී ක්‍රියාවට ඔවුන්ගේ අනුග්‍රහය ලබා නොදෙන ලෙසය.
කැෆේ සංවිධානය
මාධ්‍ය ඒකකය
2017 සැප්තැම්බර් 20