පළාත් සභා ඡන්දය ළගයි.. මහ ඇමති රොත්තම මහින්ද පාමුලට යයි.. පළාත් සභා කිහිපයක බලය මහින්ද අතට..

January 16, 2017 at 11:20 am | lanka C news
පළාත් සභා ඡන්දය ළගයි.. මහ ඇමති රොත්තම මහින්ද පාමුලට යයි.. පළාත් සභා කිහිපයක බලය මහින්ද අතට..

උතුර හා නැගෙනහිර දෙපලාත්වල හැරසෙසු සියළු පළාත් සභාවල මහ ඇමතිවරුන් මහින්ද රාජපක්ෂ හිටපු ජනපති හමුවීමට තීරණය කර ඇති අතර සබරගමු මහ ඇමති මහීපාල හේරත් මහතාට දිනයක්ද වෙන් කර ගැනීමට බාර දී ඇත.

හමුව සදහා හිටපු ජනාධිපතිවරයා එකගතාවය පල කර ඇති අතර ආසන්නම දිනකදී මෙම හමුව සිදුවනු ඇත.

මෙම වසරේ මැද බාගයේදී සබරගමුව හා උතුරු මැද පළාත් සභාවන නිල කාලයන් හමාර වන අතර ඉතිරි වසරක චෙකක කාලය තුල සෙසු සියළු පාල් සභාවන්හිදී නිල කාලයද අවසන් වෙයි.

මේ අතර කලින් වාර්තා පල වූයේ පළාත් සභා මැතිවණයට පෙරාතුව මහ ඇමතිවරුන් සමගින් පළාත් සභා කිහිපයකම බලය හිටපු ජනපතිවරයාගේ පාර්ශවයට ලැබුනු ඇති බවයි.

53 views
Main News