පළාත් සභා පනතට හදිසි සංශෝධනන ගෙනේ.. පළාත් සභා තුනක මැතිවරණත් කල් දමයි..

March 21, 2017 at 12:40 pm | lanka C news
පළාත් සභා පනතට හදිසි සංශෝධනන ගෙනේ.. පළාත් සභා තුනක මැතිවරණත් කල් දමයි..

මෙම සැප්තැම්බර් මාසයේදී නිල කාලය අවසන් වන උතුරුමැද, සබරගමුව හා නැගෙනහිර පළාත් සභාවන්හි නිල කාලය තවත් වසරක් හෝ ඊට වැඩි කාලයක් දිගු කර ගැනීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බව වාර්තා වෙයි.

පළාත් සභා පනත අනුව පළාත් සභා ධුර කාලය දීර්ඝ කල නොහැකි වුවත් පළාත් සභා පනතට සංශෝධන ගෙනැවින් එය 2/3කින් සම්මත කර ගැනීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව එම ආරංචි මාර්ග සදහන් කරයි. එමෙන්ම ඒ සදහා ජනමත විචාරණයක්ද පැවැත්වීමට උවමනා බවට ආණ්ඩුවේම නීතිවේදීන් විසින් පෙන්වා දීමත් සමග එම සැලසුම මදක් ගැටළුකාරී තත්වයට පත්ව තිබේ.

කෙසේ හෝ එම සංශෝධනයන් සිදු නොවුනහොත් සැප්තැම්බරයේ නිල කාලය අවසන් වන පළාත් සබා තුන සදහා මැතිවරණය පැවැත්වීම අනිවාර්ය වෙයි.

0 views

3 Comments to “පළාත් සභා පනතට හදිසි සංශෝධනන ගෙනේ.. පළාත් සභා තුනක මැතිවරණත් කල් දමයි..”

  1. LION says:

    ලක්වැසි සියලු දෙනාම පාරට බහින කාලේ ඇවිල්ලා දැන් වත් රටට ආදරය කරන අය ඇස් ඇරපල්ලා

  2. asaranaya says:

    කබරයන් තලගොයි කරන ජඩයන්ට ඕක සුලු දෙයක්නේ

  3. Nandasoma says:

    ලක්වැසි සියලු දෙනාම පාරට බහින කාලේ ඇවිල්ලා දැන් වත් රටට ආදරය කරන අය ඇස් ඇරපල්ලා

Main News