පළාත් සභා පනත සංශෝධනය කෙරේ.. සියළු මැතිවරණ 2019 දක්වා කල් යයි..

August 2, 2017 at 5:30 pm | lanka C news
පළාත් සභා පනත සංශෝධනය කෙරේ.. සියළු මැතිවරණ 2019 දක්වා කල් යයි..

සියළු පළාත් සබා මැතිවරණ එක දිනකදී පැවැත්වීම සදහා 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, 1988 අංක 2 දරණ පළාත් සභා ඡන්ද විමසීම පනත් කෙටුම්පත පාර්ලිමේන්තු අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට ඇමති මන්ඩල අනුමැතිය හිමි වී ඇත.

පසුගිය 25 වන දින අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත කරන ලද අතර ඊට අනුමැතියද ලැබින.

මේ තත්වය මත උතුරු මැද, සබරගමුව, නැගෙනහිර පළාත් සබා නිල කාලය සැප්තැම්බරයේ අවසන් වුවද ඌව පළාත් සභාවේ නිල කාලය අවසන් වන්නේ 2019 අග භාගයේදීය. ඒ අනුව සියළු පළාත් සභා මැතිවණ 2019 අග භාගය දක්වා කල් යාමේ ඉඩක් තිබේ.

242 views
Main News