පළාත් සභා මැතිවරණය ඉල්ලා සබරගමු-උතුරුමැද හිටපු මහ ඇමතිලා නඩු දමති.. පොහොට්ටුව රට පුරා විරෝධතා..

February 17, 2019 at 6:28 am | lanka C news
පළාත් සභා මැතිවරණය ඉල්ලා සබරගමු-උතුරුමැද හිටපු මහ ඇමතිලා නඩු දමති.. පොහොට්ටුව රට පුරා විරෝධතා..

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස රජයට බල කරමින් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන ලද ප්‍රථම උද්ඝෝෂණය කෑගල්ල නගරයේදි පැවැත්විය.

මෙම උද්ඝෝෂණය කෑගල්ල නගරයේ ලංගම බස් නැවතුමේ ඔර්ලෝසු කණුව අසළින් ආරම්භ වු අතර එය අවසන් කරන ලද්දේ කෑගල්ල නගරයේ පොදු වෙළඳ සංකීර්ණය අසල පැවැති තාවකාලිකව අටවා ගත් අට්ටාලයක් මත සිට පැවැති රැළියකින් පසුවයි.

උද්ඝෝෂණය ආරම්භ විමෙන් පසුව ලංගම බස් නැවතුමේ සිට කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ එක් මං තීරුවක උද්ඝෝෂණකයන් පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස රජයට බල කරන විරෝධතා රැගත් බැනර් ප්‍රදර්ශනය කරන ලද අතර එම ජනතාව සමග එම විරෝධතා පා ගමන මෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක්ද එක් විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජි.ඇල්. පිරිස් මහතා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්, තාරක බාලසූරිය, උතුරු මැද හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත්, සබරගමු පළාත් හිටපු අමාත්‍ය මහීපාල හේරත් යන මහත්වරුන් එක්විම එහි විශේෂත්වයකි.

මෙහිදි අදහස් දැක්වු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජි.ඇල්. පිරිස් මහතා.

මෙ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ජන්ද බලයට වඩා වැදගත් දෙයක් නැහැ. අපි බිතාන්‍යයෙන් නිදහස ලබා ගැනිමට පෙර පවා බි්‍රතාන්‍යයෙන් පවා පාලකයන් අපිට ඒ ජන්ද බලය ලබා දි තිබුණා. ස්වාධීනත්වය ලබා ගැනිම අවුරුදු 17 කට පෙර තමයි මෙ රටේ ජනතාවට සර්ව ජන ජන්ද බලය බි්‍රතාන්‍ය පාලකයන් ලබා දුන්නේ එදා සිට අද දක්වා අඛන්ඩව සර්ව ජන ජන්ද බලය නිසි කාලයේ භාවිතා කිරිමට අපේ ජනතාව පුරුදු වි සිටියා.
දැන් ප්‍රථම වතාවට බලයේ සිටින රජය විසින් ඒ ජන්ද බලය ජනතාවගෙන් උදුරා ගන්න වැඩ පිළිවෙලක් දියත් කරනවා දැන් ජනතාවට බයයි ජනතාවගෙන් ඇත් වි පවුරක් හදා ගන්න සහ ජනතාවගෙන් ආරක්ෂා විම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලක් මේ ආණ්ඩුව හොඳ හැටි දන්නවා මැතිවරණයක් තිබුණු ගමන් අන්ත පරාජයකට පත් වන බව කොයි රජයක් වුනත් මැතිවරණයක් දිනන් පුළුවන් කියලා විශ්වාස කරනවා නම් මැතිවරණ කල් දාන්නේ නැහැ.

මහින්ද රාජපක්ෂ මහත්තයා නිසි කාලයටත් පෙර ජන්දය තිබ්බා විශ්වාසයක් තිබුණා දිනාගන්න පුළුවන් කියලා මෙතන තියෙන්නේ විශ්වාසය අන්ත පරාජයකයකට ලක් වේලා ඒ නිසා මැතිවරණ තියන්නේ නැත. එහෙමනම් මෙක ප්‍රජාතන්ත්‍රවාදි රටක් වෙන්නේ කොහොමද ?

දැන් ඉවසුවා ඇති ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරිමේ අරමුණ ඇතිව තමයි සබරගමුව පළාතේ හිටපු මහ ඇමැති මහිපාල හේරත් මහතා මෙ වැඩ පිළිවෙල පළමුවෙන් කෑගල්ලෙන් ආරම්භ කලේ. අඛන්ඩව අපි හැම දිස්ත්‍රික්කයේම අද වෙන කොට උතුරු මැද සබරගමු නැගෙනහිර යන පළාත් වල අවුරුද්දකුත් මාස 5 ක් අවුරුදු එක හමාරක් ජනතාවගේ ජන්ද බලය අහිමි කර තිබෙනවා.

ඒ පිළිබඳ ජනතාව දැනුවත් කරලා අවශ්‍ය පියවර අරන් උසාවි ගිහින් ජනතා අයිතිය රැක ගැනිමට පෙත්සමක් ඉදිරිපත් කරනවා උසාවියට එතුමල්ලා නොවෙයි මෙක කරන්න ඔනෑ මැතිවරණ කොමිෂම් සභාව ඒ අය මෙක කරන්නේ නැහැ ඒ අය කියනවා ඒ අයට ගෙජ්ජිය බදින්න බැහැ වෙන කවුරු හරි ගෙජ්ජිය බදිනවා නම් සහයෝගය දෙනවා කියලා ඒ නිසා අපි සුදානම් ගෙජ්ජිය බදින්න ගෙජ්ජිය බදින්නේ ජනතාවගේ මූලික අයිතීයක් වන සර්ව ජන ජන්ද බලය ලබා ගැනිමටයි. එතුමා විස්තර කරයි මෙ පළාතේ ජනතාවට වෙච්ච අගතීය ගැන. පාසල් වලට ගුරුවරුන් පත් කරන්නේ නැහැ රෝහල් වල සමහර වාට්ටු සම්පුර්ණයෙන් වහලා පාරවල් වල පාලම් වල තත්වය අවශ්‍ය සේවාවන් මේවා මධ්‍යම රජයට කරන්න බැහැ අපේ රටේ ආණ්ඩුකම ව්‍යස්ථාවේ 13 වැනි සංසෝදනය යටතේ වැදගත් වගකිම් 36 ක් පවරා දි තිබෙනවා පළාත් සභාවට ඉතින් පළාත් සභාවට ආහෝසියි ජන්දය තියන්නේ නැහැ සබරගමු පළාත් සභාවට තමන්ගේ මන්ත්‍රීවරුන් පත් කිරිමේ අයිතිය සම්පුර්ණයෙන් කොල්ල කලා තියෙනවා. ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරිමට මේක දීප ව්‍යාප්තිව සෑම ප්‍රදේශකයක මෙ වැඩ පිළිවෙල අපි කරනවා. එහි ආරම්භය අද කෑගල්ලෙන් සිදු වුනා.

සබරගමුව පළාත් සභාවේ හිටපු මහ ඇමැති මහිපාල හේරත් මහතා.

අපිට සාධාරණයත්වයක් ඉෂ්ඨ වෙයි කියාලා අපි දැන් නඩුවක් පවරන්න යනවා ඒ වාගේම ජනතාවට සාධාරණයක් ඉටු කර දෙයි කියලා විශේෂයෙන් පවතින රජය අපි මෙ දෙන පණිවිඩය මුළු ජනතාවටම සබරගමුව පළාතට පමණක් නොව මුළු රටටම මෙ ජන්ද අයිතිය ලබා දිමට රනිල් වික්‍රමසිංහට දෙන පණ්විඩය තමයි පළමුවෙන් අපි කෑගල්ලෙන් ආරම්භ කලේ.

විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙනවා අපේ පළාත් සභාව උදාහරණයක් ලෙස ගත හොත් සබරගමුව පළාතේ අද පාසල් වල ප්‍රමාණවත් ගුරුවරුන් නැතිව අද උද්ඝෝෂණ පවත්වනවා. පාසල් වල විවිධ ප්‍රශ්න තියෙනවා ගොඩනැගිලි බාගෙට ඉදි කරලා දැන් අවුරුද්දයි මාස 6 ක් බාගෙට නැවතිලා.

රෝහල් වල වෛද්‍යවරුන් හිගයි. සුළු සේවක හිගයක්, ඒ වාගේම උපකරණ වල හිගයක් බෙහෙත් හිගයක් මෙ වාගේ අපේ තියෙනවා ප්‍රවාහනය ඇතුලු මාර්ග ඇතුලු විමධ්‍ය ගත විෂයන් 36 ක් මේ විෂයන් 36 යටම අඩාල වි තිබෙනවා. ලංකාවේ පාලනයට මේක ලොකු බාධාවක් අද ඒක ආණ්ඩුකාරවරයෙක් විතරක් මේ තීන්දු ගන්න බැහැ පළාත් සභාවේ අපි 44 දෙනෙක් මන්ත්‍රීවරුන් ගත්ත තීන්දුව නැවත ජනතාවගේ අයිතිය නියෝජිතයා හැටියට පත් කරන්නට කතිරයේ බලය ලබා දෙන්න කියලා එදා සුද්දා දිපු ජන්ද බලයේ අයිතිය දෙන්න කියලා තමයි අපි රනිල් වික්‍රමසිංහ මහතාට අපි මේ උද්ඝෝෂණයෙන් දෙන පණිවිඩය කියලා අපි කියනවා. අපේ අධීකරණයට අපේ කටයුතු සුදානම් කරමින් යනවා. මෙ උද්ඝෝෂණ මලාව මාර්තු 13 රත්නපුරය ඒ වාගේම උතුරු මැද පොළොන්නරුව අනුරාධපුරය මෙන්ම රටවටා මෙ උද්ඝෝෂණ මාලාව ක්‍රියාත්මක කිරිමට නියමිතයි ජනතාව සමග.

– සමන් විජය බණ්ඩාර

7,792 Viewers

5 Comments to “පළාත් සභා මැතිවරණය ඉල්ලා සබරගමු-උතුරුමැද හිටපු මහ ඇමතිලා නඩු දමති.. පොහොට්ටුව රට පුරා විරෝධතා..”

  1. සබරගමු නිළමෙි says:

    පලාත්සභා මැතිවරණය තිබිබත් මහීපාල හේරත්ට නමි පොහොටිටුවෙි මහඇමති අපේක්ෂකත්වය දෙන්න එපා. මහීපාල පිටපිටම තෙවරක් ⁣සබරගමු මහඇමති ධූරය දරල හොඳට ගසා කෑවා. ගොඩනැගිලි ඉදිකිරීමි සහ උපකරණ මිළදීමි ගැන මහීපාල කතාකරන්නෙ ඒවායින් ඔහු හොඳට හමිබ කළ නිසයි. රජයේ නිළධාරීන්ටත් හොරකම පුරැදුකළ කෙනෙක් තමයි මොහු. ආයෙමත් පරණ ගේම දෙන්නයි වගේ බලාපොරොත්තුව.

    • ගුණදාස සමරසේකර, රඹුක්කන says:

      මහීපාල හේරත්ට මහඇමතිකම නැතිව පිස්සුව ,හැදිල වගේ ඉන්නෙ. ඇයි අවුරැදු 15 ක් එක දිගටම සබරගමුව පලාත්සභාව ඉහගෙනම කෑවා නේ. මහීපාල රටවටා හදපු හෝටල්වල ඉදිකිරීමි කමිකරැවො පලාත්සභාවෙ පඩිලබන එවුන්. බිරිඳගෙ අසනීප වලට මාසයකට රැපියල් ලක්ෂයක විතර බෙහෙත් නොමිළයේ පලාත් සෞඛ්‍ය ලොක්කන්ගෙ සමිබන්ධීකරණයෙන් ⁣⁣ඖෂධ සමාගමිවලින්.
      මහීපාල පලාත්සභා ක්‍රමය හොඳට අධ්‍යයනය කරල තියෙන කෙනෙක්. ඒ නිසා අනෙක් මහඇමතිවරැන්ට හොරකම හොඳට පුරැදු කරන්න නමි මිනිහ හරියට හරි.
      බැරිවෙලාවත් නැවත මහීපාලට සබරගමු පලාත් මහඇමති කම දුන්නොත් නරියට කුකුල් කොටුව බාරදුන්නා වගේ තමයි.

  2. යටත් විජිත හේරා says:

    මැතිවරණ කන්ඩද?

    ප්‍රජාතන්ත්‍රවාදය ට විනකරන මැතිවරණ සිතියම වහා හකුලා ගනු!

  3. Kamal says:

    රට බෙදන පළාත් සභා ජාතික මැතිවරණය පවත්වපල්ලා…(මනෝහර නීතිඥයා 4ඉ ව්‍යවස්ථාවට ඇතුල් කළ)

  4. sakalabujan says:

    පලාත්සභා මැතිවරණය තිබිබත් මහීපාල හේරත්ට නමි පොහොටිටුවෙි මහඇමති අපේක්ෂකත්වය දෙන්න එපා.
    මහීපාල පිටපිටම තෙවරක් ⁣සබරගමු මහඇමති ධූරය දරල හොඳට ගසා කෑවා. ගොඩනැගිලි ඉදිකිරීමි සහ උපකරණ මිළදීමි ගැන මහීපාල කතාකරන්නෙ ඒවායින් ඔහු හොඳට හමිබ කළ නිසයි.

Main News