පළාත් සභා මැතිවරණය නොපැවැත්වුවොත් රනිල්ගේ ආණ්ඩුව පෙරළා ඉන් පසු මැතිවරණ..

February 15, 2019 at 11:20 am | lanka C news
පළාත් සභා මැතිවරණය නොපැවැත්වුවොත් රනිල්ගේ ආණ්ඩුව පෙරළා ඉන් පසු මැතිවරණ..

දිගින් දිගටම කල් දමමින් තිබෙන පළාත් සභා මැතිවරනය මැයි මාසයට පෙර නොපැවැත්වුවහොත් රනිල් වික‍්‍රමසිංහ අගමැතිගේ ආණ්ඩුව පෙරළා දමන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා පැවසීය.

ඉන් පසුව නව ආණ්ඩුවක් යටතේ පළාත් සභා මැතිවරණය පවත්වන්නේ යයිද ඔහු සදහන් කරයි.

පළාත් සභැ මැතිවරනයෙන් පසුව ජනාධිපතිවරණය පවත්වන බවත් මන්ත‍්‍රීවරයා පැවසීය.

පවතින ආණ්ඩුව පෙරලා නව ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාවක් ඇති නමුත් ඒ සහා වන සැලැස්ම හෙලි කල නොහැකි බවත් ඔහු සදහන් කලේය.

කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

110 views
Main News