පළාත් සභා මැතිවරණ එකම දිනක තියන්න කැබිනට් අනුමැතිය.. සියළු පළාත් සභා මැතිවරණ 2019 තෙක් කල් යයි..

July 26, 2017 at 12:40 pm | lanka C news
පළාත් සභා මැතිවරණ එකම දිනක තියන්න කැබිනට් අනුමැතිය.. සියළු පළාත් සභා මැතිවරණ 2019 තෙක් කල් යයි..

සියළුම පළාත් සභාවන්හි මැතිවරණ එකම දිනක පැවැත්වීම සදහා වූ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

කැබිනට් සම මාධ්‍ය ප‍්‍රකාශක ඇමති ගයන්ත කරුණාතිලක මහතා අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී කියා සිටියේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් මෙම පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල බවයි.

සබරගමු, උතුරු මැද, නැගෙනහිර පළාත් සභාවන්හි නිල කාලය සැබ්තැම්බරයේ අවසන් වුවත් ඌව හා දකුණු පළාත් සභාවන්හි නිල කාලය අවසන් වන්නේ 2019 මැද භාගයේදීය.

ඒ අනුව 2019 මැද භාගය වන තෙක් සියළු පළාත් සභා මැතිවරණ කල් දැමෙනු ඇති බව සැලකිය හැකිය.

185 views
Main News