පළාත් සභා මැතිවරණ වසර දෙකකින් කල් යන බව ඇමති නිල වශයෙන් කියයි..

August 4, 2017 at 4:40 pm | lanka C news
පළාත් සභා මැතිවරණ වසර දෙකකින් කල් යන බව ඇමති නිල වශයෙන් කියයි..

රට පුරා සියලු පළාත් සභාවන්හි මැතිවරණ එක් දිනක පැවැත්වීමට වූ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වුවහොත් පළාත් සභා මැතිවරණය 2019 වසරේදී පැවැත්වෙන බව ශ‍්‍රීලනිප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඇමැති ෆයිසර් මුස්‌තාපා කියා සිටියේය.

එසේ සම්මත වුවහොත් අනිවාර්යෙන්ම පළාත් සභා මැතිාවරණය 2019 වසරේදී පැවැත්වෙන බවද කී ඔහු මෙය මැතිවරණ කල් දැමීමේ උත්සාහයක් නොව එකම දිනක මැතිවරණ පැවැත්වීම සදහා වැඩපිලිවෙලක් බවද පැවසීය.

කෙසේ වෙතත් මෙම සැප්තැම්බරයේදී උතුරු මැද, නැගෙනහිර, සබරගමුව පළාත් සභාවන්හි ධුර කාලය අවසන් වන අතර මේ තත්වය මත එම මැතිවණ වසර දෙකකින් කල් දැමෙනු ඇත.

63 views
Main News