පළාත් සභා හයක මැතිවරණ සැප්තැම්බරයේ.. ඔබ සුදානම්ද..

February 23, 2018 at 5:30 pm | lanka C news
පළාත් සභා හයක මැතිවරණ සැප්තැම්බරයේ.. ඔබ සුදානම්ද..

එළැඹෙන සැප්තැම්බර් මාසයේදී පළාත් සභා හයක මැතිවරණ පැවැත්වීමට හැකි වනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

දැනට විසුරුවා හැර ඇති උතුරු මැද, සබරගමුව, නැගෙනහිර හා ඒ වන විට නිල කාලය අවසන් වීමට නියමිත මධ්‍යම, උතුර, වයඹ පළාත් සභාවන්හි මැතිවණය මෙසේ පැවැත්වීමට අදහස් කරන බව කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා සදහන් කරයි.

පළාත් සභා ඡුන්ද විමසීමේ පනත් කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවේ සම්මත වී ඇති නිසා එම මැතිවරණය මිශ‍්‍ර ක‍්‍රමයට පැවැත්වෙනු ඇතැයිද ඔහු කියයි.

යෝජිත ක‍්‍රමය අනුව පළාත් සභාවේ මන්ත‍්‍රී සංඛ්‍යාවෙන් 50%ක් කේවල ක‍්‍රමයටද ඉතිරි 50% ලයිස්තුවෙන්ද පත් කරන බවද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

110 views

14 Comments to “පළාත් සභා හයක මැතිවරණ සැප්තැම්බරයේ.. ඔබ සුදානම්ද..”

  1. SUNIMAL says:

    පොහොට්ටුවේ ජය සියයට හැටකට වැඩිය ගන්නවා සිරිසේන රනිල් අන්ත පරාජයක්

  2. ඔව් පිච් එක බැට් එක රෙඩි says:

    දෙන්නම් තට්ටේ පැලේන්නම. ඔව් පිච් එක බැට් එක රෙඩි. ඒ උනාට බොලේ නැහැ.මැකෝ කියයි. වරෙල්ලකෝ මෙදා ගහනවා සපත්තුවෙන් අතට. ඉලපත රෙඩි. චන්දෙට. ඔලු මාරු කරලා කලිසම මාරු කරලා වරෙල්ලකෝ ලබ්බ හොල්ල හොල්ල සුළු ජන චන්දෙන් රට බෙදන්න. තැන තැන අරාජික රටේ අපේ මාළුද තොපි ඉල්ලන්නේ?

    • jayamal says:

      පසුගිය චන්දයෙන් ජනතාව අපිට හොඳ කණේ පහරක් ගැහුවා කියලා යමපල්ලන් ප්‍රසිද්ධියේම කිව්වනෙ. සැප කාර් වල එහාට මෙහාට දින කිහිපයක්ම වියරු වැටිලා තම තමන්ගේ තනතුරු වල සනීපය රැකගන්න මෙලෝ සිහියක් නැතුව දඟලපු හැටි මුලු රටම දැක්කනෙ.

      රට ගැන හිතන්න…ජනතාව ගැන හිතන්න එයාලට වෙලාව කොයින්ද? ගත්තු තීරණ වලින් මුලු රටම රැවැට්ටුව කියලා එයාලට තේරෙන්නෙ ඊලඟ චන්දෙදි කන් අඩි පුපුරලා හුස්ම නතරවෙන්න ලැබෙන ජනතා තීන්දුව දැක්කමයි! පව් යමපාලන නඩය ගැන දුකත් හිතෙනවා. මේ දැන් කියන දෙය තව මොහොතකින් වෙනස් කරලා ඊට හාත්පසින්ම විරුද්ධ එකක් කියනවා. ජනතාවට ඉවසීමේ සීමාව පැනලා මෙවා දිහා බලා ඉන්න බව එයාලා දන්නෙ නැහැ.

  3. Nim says:

    ME SIYALUMA MATHI WARANA
    WALA BALYA.
    POHOTTUWA TA LABA DEEMA TA
    RATE BUDDIMATH JANATHAWA
    WAGA BALA GATHA YTHIYA
    JAYAWEWA
    THERUWAN SARANIG
    DEVE PIHITAN
    MAGE RATA RAKADEEWA.

  4. මල්ලි says:

    පිහිය මුවහත්… දෙන්නම් ජම්ඹු… 60% පෙන්නනවා… අවලම් බල්ලෝ මේපාර තමයි කන්නේ රජ කෑම

    • jayamal says:

      මෙදා පාර නම් රාජිතට එකතු කර කර ප්‍රතිශත පෙන්නන්න බැරි විස්මිත තීන්දුවක් ජනතාව ලබා දෙන බව ඒකාන්තයි! මේ කමෙන්ට් වලිනුත් තේරෙන්නෙ ඒකයි. අසරණ ලක්වැසියාගේ තනි කතිරය රටම හොල්ලයි වගේ!

      • vishnu says:

        සත්තකින්ම

      • පොල් බුරුව says:

        ජයමල් මල්ලි. ඔය රාජිත කියන , අමු මැට්ට ගැන මතක් කරන්න එපා. ඌ කියනව ඔක්කොම පොහොට්‍ටුවට විරුද්ධව ආපු ඡන්ද එකතු කලාම වැඩියි කියල. ඕක හරියට පන්තියෙ පලවෙනිය වෙච්ච ලමයට අභියෝග කරනව දෙවෙනි, තුන්වෙනි, හතරවෙනිය වුන ලමයි තුන්දෙනා එකතුවෙල ඒ අයගෙ ගොඩ ඊට වැඩියි කියනව වගේ. මේ වගේ හරක් ගොඩක් එක්ක මේ රට කවදා ගොඩ යයිද?

  5. Niran says:

    Before you have the PC elections the PC elections act should be amended to change the ratio of elected members on first past the post to those from the list to 70/30 from the present 50/50 and also give 2 bonus seats to the party winning the province. If not it will end up more chaotic than the LG election results.

  6. Donald Isuru Wilegoda says:

    We are ready, let the games begin!

  7. WMFernando says:

    Look at local gvt members selection method. It is 100% proportional representation. Only difference is picking up members within the parties/groups. Law misleading people.

  8. මාතලේ බණ්ඩා says:

    ජනාධිපතිවරණයක් තිබිබොත් පොහොටිටුකාරයො පරාදයි.සිංහල බෞද්ධ ජන්ද ඔක්කොම උන්ට ලැබෙන්නෙ නැහැ.වැඩිය ඉදිමෙන්නෙ නැතිව හිටපල්ලා.UNP යෙන් සජිත් පේමදාස එන්නෙ.

  9. Sanjay g says:

    we r not worry about Presidential Election now

    coming PC Election Day voters must cast vote to SLPP + Joint Opposition 55% +

    then this Rajitha = vachalaya can go to sleep

    Jayaweva !

Main News