පළාත් සීමා කඩාගෙන යන්න ආ 1200ක් ආපසු යවයි…

October 19, 2021 at 5:30 pm | lanka C news
පළාත් සීමා කඩාගෙන යන්න ආ 1200ක් ආපසු යවයි…

බස්නාහිර පළාත් සීමා වෙන් අලුත්ගමපොලිස් සහ විශේෂ කාර්ය බලකා මුරපොළ හරහා දකුණු පළාතට ගමන් කිරීමට පැමිණි රථ වාහන 300 ක පුද්ගලයන් 1200 කට අධික පිරිසක් ආපසු හරවා යැවූ බව අලුත්ගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් චාමින්ද මහතා අද (19)පැවසීය.

දීර්ඝ සති අන්ත නිවාඩුව හේතුවෙන් සංචරණ සීමා දැඩි කරමින් කොරෝනා ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස්පති චන්දන වික්‍රමසිංහ මහතාට ලබාදුන් උපදෙස් මත පළාත් අතර සංචරණ සීමා දැඩි කර තවදුරටත් රෝග ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින් පොලිසිය හා අනෙකුත් ආරක්ෂක අංශ මෙම පියවර ගෙන තිබේ .

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාත් සීමා වේ අළුත්ගම පොලිස් බල සීමාවට අයත් ආරක්ෂක මුරපොළ නිලධාරීන් පැය 24 පුරා රාජකාරි යොදවා අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා දකුණු පළාතට ගමන් කරන ජනතාව දැඩි පරීක්ෂාවට ලක් කර ආපසු හරවා යැවීම සිදුකරන බව පොලිසිය කියයි .

බස්නායක පළාතේ පදිංචිකරුවන් ඇතුළු තවත් පළාත් කීපයක පුද්ගලයන් දහසකට වැඩි පිරිසක් ගතවූ දින2 තුළ දී වන්දනා, විනෝද , විවාහ මංගල , උපන්දින සාද, නෑගම් ආදී කටයුතු සඳහා දකුණු පළාතට ඇතුළුවී ගමන් කිරීමට පැමිණඇති අතර පොලිස් සහ විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඔවුනට කරුණු අවබෝධ කර ආපසු හරවා යැවීමට කටයුතු කළ බව රථවාහන ස්ථානාධිපති රොෂාන් චාමින්ද මහතා කීහ .

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

18,261 views

6 Comments to “පළාත් සීමා කඩාගෙන යන්න ආ 1200ක් ආපසු යවයි…”

  1. Sandun Dhammika says:

    සම්පුර්ණ නැහැ නේ.
    පළාත් සීමා කඩාගෙන යන්න ආ 1200ක් පගාව ගහල ආපසු යවයි කියල නෙම්යිද නිවැරදි වෙන්න ඕනේ ?

  2. කුමාර says:

    ජනාධිපතිව රවට්ටන්න එපා! අදාල පොලිසිය දන්නේ නැද්ද දැන් ප්‍රදේශයේ සංචාරකයෝ වැඩිවෙලා කියලා, පාරේ රාජකාරී ‌කරන පොලිස් පොඩ්ඩන්ගේ ඇස් වහගන්න කියලා කියන්නේ ලොක්කොද? අදින් පටන්ගත්තොත් හරියට මාර්ග බාධක රාජකාරී ‌කලොත් සෙට් පිටින් අල්ලන්න පුළුවන්. බොරු නොකර ඉදපල්ලා නැත්තන් අල්පල්ලා.

  3. SeaLoan says:

    මාස්ක් එපා කියලා උද්ඝෝෂණ කරමින් සෞඛ්‍ය අංශවලට බාධා කරපු රටවල මිනිස්සු අද කොවිඩ් එක්ක එදිනෙදා ජීවිතේ සාමාන්‍ය විදියට ගතකරනවා..හැබැයි සෞඛ්‍ය අංශ කියපු විදියටම රටේ වැඩිදෙනෙක් මාස්ක් දාගෙන ඉදලත්,lockdown කාලෙ දිග වැඩී කියලා ආණ්ඩුවට කරදර නොකර ඉදලත්..මේ රටේ මිනිස්සු ලොකු පුටුවල ඉන්න කිහිපදෙනෙක්ගෙ උද්දච්චකම නිසා අද තාමත් හරියට ගමනක් යන්න බැරිව විදවනවා..ඒ මොනා උනත් දැන් තියෙන නීතිරීති වලට අනුගතව ප්‍රවේසමෙන් ඉන්න.

  4. Mahesh says:

    කොච්චර එපා කිව්වත් අහන්නෙ නැති කම අපේ ජාතියේම මොඩ කමයි. හොටෙල් චෙක් කරන්න පටන් ගන්න. ලගදීම නැවත් විශාල රැල්ලක් අත ලග. ඉන් පසුව ආන්ඩුවලට දොස් කියලා වැඩක් නැහැ.

  5. Bandarawatta says:

    මුග්ධ ජාතිය පරිහානියට පත් වෙනවා. කිසිම දෙයක් වගකීම දරන්නේ නැත. දෙශපාලකයන්ට බැන වදින අතර ලංකාවේ හැසිරීම අන්තිමයි

  6. පාස්කු says:

    බුද්ධි අංශ බුදිද? අපට කවුරුහරි ගහලා ගියත් මෙච්චරයි පේන දේවත් නොපෙනෙන බුද්ධිය?

Main News